Pages

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි

Thursday, July 31, 2014


යසෝදරාවෝද සිදුහතුන්ද සංසාරයේ එකට සැරිසැරුහ. ජෙනිටා මාර්ක්ස්ට ලැබුනු සුන්දරතම ලලනාව විය.  යසෝදරාවෝද ජෙනිටාවෝද අගනා ගැහැනුන් විය.ගොවිකමෙහි නියැලෙන ගම්බද ගොවිපවුල් වල ගොවියාත් ගෙවිලියත් සංසාරයේ පතා ආ උන් ලෙසම වෙසෙයි. ඒ ඔවුන් මේ විකුනන විකිනෙන ප්‍රාථමික සමාජයට එබිකම් නොකරන බැවිනි. මෑත කාලීන ගෙවිලියෝ අරාබීන්ගේ තෙල සමනය කරලෑම සදහා ගුවන්ගත විය. ගොවියාටත් දරුවන්ටත් පූර්වේ කරුමයක් ඵලදී සංසාරයම එපා විය.
යසෝදරාවෝ සිදුහතුන්ට බුදුවන්නට අත්වැල විනි බැව් මොනවට පැහැදිවේ. දාස් කැපිටාල් ජෙනිටා නොඉන්නට නොලියවෙන්නට තිබින. බුදුන්ගේ අසුදෙදහසක් දර්මස්කන්දය ඉස්පර්ස වූ දන්තධාතුවට බැතුපුදන්ට ගොවි තරුණයෙකු ඈත ගම්මැද්දේ සිට එන්නේ තනියමය. ඒ එක්කන් එන්නට කෙනෙකු නැතිවීම නිසාය. ඔහු හා සමග එන්නට අද යසෝදරාවෝද ජෙනිටාවෝද නැත. ඇත්තේ අංගනාවෝය. ඔවුන්ද ගාමන්ට් පැක්ටරිවල මැසින් සමග පොරබදියි. තවත් සමහරුන් විච්චූරන සල්පිල් වල සේල් දමයි. තවත් එකියන් තදට හිරට ඇද අඹරී කස්ටමර්ලා සමග තොදොල් වන්නේ මුදලාලිලාට ලාබ උපයාදීමටය.පැලපත කිරිවදන්න ඔහුට සංසාරයක් ඇත. ඔහුට ඒ ගමනේ තනිවම යෑ නොහැක. දලදාව අභියස දෙපා නැමද ඔහු ඉල්ලා සිටින්නේ ඔහුගේ තනියට අඹුසිගිත්තක් ලබා දෙන ලෙසයි.සිටියා නම් මේ තත්වය හමුවේ බුදුන්ද අසරන වනු ඇත. එතුමන්ට නව දැලි හේනක වැදිරි රුව පා අනිත්‍ය මෙනෙහි කරන ලෙස අවවාද දීමට විනා අන් යමක් නැත.සිදුහතුන්ගේ තනිනොතනියට යසෝදරාවෝද මාර්ක්ස් ජෙනිටාවන්ගේ කෙහෙරැලි වලින් සැනසුනාහ.  එහෙත් මේ අසරන තරුණයාගේ දුක්බර සෝබර තතු කාට නම් පවසන්නද.......

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

ගී පද - සමුද්‍ර වෙත්තසිංහ 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182