Pages

මගේ සෙනෙහස

Tuesday, March 25, 2014

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මනුසත් ලොවේ පිරිමින් ගැහැනුන්ට සෙහෙනහස දක්වති. ගැහැනුන්ද එසේමැයි. ඒ සෙහෙනහස වෙනුවෙන් ඔවුන් විවිද වූ කැපකිරීම් කරති.
එය වසර ගනනින් කරති. ඒ වසර ගනනට මිලක් ඇත. මිලක් නොමැතිව මේ මනුසත් ලොවේ පෙම්කල නොහැකියි. තරු වියන් යට අත් පටලා ඇවිදින්නට මුදල් අවශ්‍යය. මුදල් සොයන්නටනම් ශ්‍රමය වැගිරිය යුතුය.
ඒ සියලු කැපවීම් කර ඔවුහු එකිනෙකාට අවනත අයවලුන් බලාපොරොත්තු වෙයි.
කුමන වර්ගයේ කැපවීම් කලත් පෙම් කරන්නෝ වෙන්වෙති.
ඔවුන් පෙම් කර ඇත්තේ හදවතිනි. එය අධ්‍යාත්මික ප්‍රේමයක් යැයි ඔවුන් කියති. ගැහැනියකුත් පිරිමියෙකුත් තුල ඇත්තේ පෞද්ගලික ලිංගික ආලයකි. එය වෙනුවෙන් අත්වැල් පටලාගෙන තරුවියන් තුල ඇවිදීමෙන් පමනක් පලක් වන්නේ වන්නේ නැත. කොතෙකුත් මුල්‍යමය කැපවීමක් කලත් හරියන්නේ නැත.
කුසුම් පෙතිමත ඇවිදීමෙන් ප්‍රේමය අප්‍රසන්නම වීම සාමන්‍ය දෙයකි. කුසුම් පෙති මත පටලා සම්බෝගයේ යෙදුනේ නම් නම්, මිලින යන්නේ කුසුම්පෙති බව හැබෑව, එය එසේ විය යුතුය.
සම්බෝගයෙන් විකසිත වන බගමනිය නැමැති කුසුම ගැන අඹමල් රොනක තරම්වත් අවබෝධයක් නැති පෙම්වතෙකුට සැමදා උරුම වන්නේ අඩවැඩියාම පමණි.
ප්‍රේමය වූ කලී ආගමික අධ්‍යාත්මික කාලකන්නි විකෘතියක් නොවන අතර එය සැබැවින්ම පෞද්ගලික ලිංගික ආලයකි. ඒ සදහා දේපාර්ශවය කැපකිරීම් කල යුත්තේ තම තමන්ගේ ශරීරවලටය. ඒවා කුසුම් සුවදින් සුවදවත් කල යුතුය, රොන් වලින් අමන්දා න්නදයට පත් කල යුතුය.
දෑත් පටලා ඇවිදීම වෙනුවට දහඩිය මුගුරු වැගිරෙන ලෙස ක්‍රිඩා කල යුතුය. සෙම සෙටු පෙරා වැලපීම වෙනුවට දසන් විදහා සිනාසිය යුතුය.
මෙවැනි ගීත වලින් ප්‍රේමවන්තයා තවත් කාලකන්නියකු කර සියදිවි නසා ගැනීමට පොලබවයි.
මෙහි රචකයාටත් තනු නිර්මාපයකයාටත්, ගායකයාටත් සියදිවි හානිකරගැනීමට අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන නඩුපැවරිය යුතුය.

බණ කියන රටක්

Saturday, March 22, 2014

ලංකාව බෞද්ධ රාජ්‍යයකි චීනය සමාජවාදී රාජ්‍යයකි. තායිලන්තය බෞද්ධ රාජ්‍යයකි, කියුබාව සමාජවාදී රාජ්‍යයකි.
බෞද්ධ ඉගැන්වීමතුල ඇත්තේ ප්‍රථිපත්ති සමුදායක එකතුවෙන් ජනයින් හික්මීමකටකට ලක්කර සැමට සාධාරන වටපිටාවක් නිර්මාණය කිරීමයි.
සමාජවාදී ඉගැන්වීම තුල ඇත්තේ මුදල් සංසර්ණය සාධාරන ලෙස සකස්කොට ඒ තුලින් ජනතාව හික්මීමකට ලක්කර සැමට විමුක්තිය උදා වූ පිරිසරයක් නිර්මාණය කිරීමයි.
ලංකාව බෞද්ධ රාජ්‍යයකි එහෙත් දසත පැතිරෙන්නෙ දූෂන මිනිමැරුම් රැවටීම් සහ කොල්ල කෑම්ය.
තායිලන්තයද බෞද්ධ රටකි. එහෙ ප්‍රධාන ව්‍යපාරයන් වලින් එකක් වශයෙන් ගණිකා ව්‍යාපරය පවතී.
චීනය සමාජවාදී රාජ්‍යයකි එහි මිනීමැරුම් දූෂණ සත්ව හිංසාවන් වලින් පිරී පවතී, කියුබාව සමාජවාදී රාජ්‍යයකි. එහි ආර්ථික දියුනුව පහල මට්ටමක පවතී. එහෙත් මානව සංවර්ධනය ඉහල මට්ටමක පවතී.
මේ අතර ජපානය බෞද්ධ රාජ්‍යයකි. එහි ආර්ථික හා තාක්ෂනික දියනුව ඉහල මට්ටමක පවතී.

බණ කියූ පමනින් රටවල් සංවර්ධනය වන්නේ නැත.
බණ ඇසූ පමනින් සංවර්ධනය වන්නේද නැත.
කොයි බණත් එසේමැයි.
සමාජවාදී බණද බුදු බණද මා නම් කරන බණ වර්ගයට අදාල වේ.
බණ සමග ආර්ථික සමානත්මතාවයද තිබිය යුතුය.
ආර්ථික සමානත්මතාවය නොමැතිව බනෙන් ඇති වැඩක් වන්නේ නැත.
බණ නොමැතිව ආර්ථික සමානත්මතාවය සැකසූ පමනින් ඇති වැඩක් වන්නේද නැත.
බණ අණ සහ සමානත්මතාවය අතයවශ්‍ය කාරනාවකි.
එය රටකට පමනක් නොව පවුලකටද පොදු නීතියකි.
මිල මුදල් යහමින් අති පවුල් වල උදවිය පිස්සු කෙලින්නෙ බණ නැති කමෙනි.
මිල මුදල් නැති පවුල් වලට බණ තිත්තම වී ඇති.

තුන තිබිය යුතු තැන් වල තිබිය යුතු පිලිවෙලට තිබිය යුතුමය.
 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182