Pages

උඹ මලක් නොවී

Thursday, October 1, 2015


අප පසුකරමින් යන මේ නරුම සමාජයේ පුරා සැරිසරන්නේ වග වලසුන්ය, කාම මෝලිතයන්, පර පීඩකයන්ය, වසුරු භක්ෂකයන්ය, දීන චූදිතයන්ය.

උඹ මලක් නොවී
මල් සුවඳ ගෙනැත් දෙන්නා
පුර හඳක් නොවී
හඳපාන අරන් එන්නා
යසෝදරා වත කවියක් සේ
අත නෑර නොයා
හිත ගාවම උඹ ඉන්නා.....

මෙවන් සමාජයකට සැබෑ පිරිමින්ගේ අවශ්‍යතාවය දැඩිව දැනේ..
ඒ අන් යමකට නොව අසරන ගැහැනුන් සහ නොදරුවන් ආරක්ෂා කර ගැනීමටය.
අවාසනාවක මහත නම්, පිරිමි වේෂයෙන් ඇත්තේ පුරුෂ ලිංගයක් ඇති පාහර පාදඩයන්ය.

යම් දිනක එවැනි පිරිමින් බිහිවන්නේ නම්...

මේ කැලේ තියෙන හැම දේ සාරයි
විෂ බමරු පවා මිතුරන් ගානයි.
ඉර මද්දහනේ කළු දූලි බිමට
ගිනි අව්ව වුණත් හෙවණක් වාගෙයි....

එවැනි පිරිමියෙක් වාසය කරන කුටුම්භය.. මාලිගාවක් වේවි. එහි වාසය කරන ප්‍රිය බිරිස යශෝධරාවක් වේවි. දරු පැටවුන් මුව පොව්වන් සහ සා පැටවුන් මෙන් වේවි.

අතු පැලම අපට මාළිග වේවී
දරු පැටව් රැකන් ඉඳපන් පේ වී
දුර ඈත නොවේ ළඟ ළඟම දාක
මම රජෙක් වෙලා එන්නම් දේවී.....

ලොවම එපා වී ලොවම කලකිරී

Sunday, July 26, 2015

අප ජීවත්වෙන පසුගාමී ධනවාදී සමාජයේ නිරන්තරයෙන් අප අත්විදින්නේ කටුකත්වයයි. කෘරත්වයයි. සැවොම වැරදිකාර මිනිසුන් අතර, එහෙත් සියල්ලෝම දෙවියන්, බඹුන් සේ ජීවත් වෙයි. අනෙකා අතින් සිදුවන සුලු වරද මහ වරදක් ලෙස හුවා. ඔහු හෝ ඇය නරකාදියටම ඇද දැමීම ධනවාදී සමාජයේ එකම අරමුණයි.
ඒ අතර සම්ස්ථ මානව වර්ගයාටත්, සොබාදහමටත් එකසේ ආදරය කරන්නන් නැතුවා නොවේ. අල්පතර ඒකී කොට්ඨාශයට අමතරව ගැහැනියකට හෝ පුරුෂයෙකුට කුමන තත්වයක් තුල හෝ ගැහැනුන් සහ පිරිමින්ද නැතුවාම නොවේ.
දවසක් ඔයා කීවා මිනිස්සුන්ට වෙන දේවල් මම හොදට අත් විදලා තියෙනවා. ඔයාගේ නිර්භීත කම තුල පිටවන වචන ඇතුලේ සමාජය ඔයා වැරදිකාරයෙක් කරන්න පුලුවන්. එහෙම නැතිනම් කවුරුත් කරන පොඩි වරදකින් ඔයා මහ ලොකු වැරදිකාරයෙක් කරන්න පුලුවන්.
මට වැදගත් වෙන්නේ ඔයාගේ ආදරේ ඒක තියෙනකං සමාජය හමුවෙ ඔයා මොන ජාතියේ වැරදි කාරයෙක් උනත් මම ඔයාට ආදරෙයි.
එහෙව් ආදරයක් ඒ සා විසාල ආදරයක් ලැබු එකම මනුස්ස දුව ඔබයි. මා ඔබට දක්වන ආදරය මෙතැකැයි මේ සා විසාලයි. කියන්නට නොහැක.
පවනේ පවෙන ඔබේ සුවදකින් පිසාසිතවු හද සිහිලැල් වේ.

සදකැල් ඇවිදින් සුපිපුනු කුසුමන්

Monday, May 18, 2015


අප ජීවත්ව ගොරතර සමාජයේ ජනතාවෝ පංති දෙකකට බෙදී ඇත. එයින් එකක් ධනය බලය හිමි පංතියයි. අනෙක් පංතිය ඒ කිසිවක් නැති මොහොතින් මොහොත පීඩාවම උරුම කරගත් පීඩිත පංතියයි..
පීඩීත පංතියේ ගැහැනුන්ට සහ පිරිමින්ට ඇත්තේ කවදාවත් ඉටු නොවන බලාපොරොත්තු පමනි.
බලපති පංතිය සදලුතල සිට උසුලු විසුලු කරමින් කා බී නටා ගයා සතුටු වෙති.
පීඩීත පංතිය අගුපිල්වල සිට ඒ නැටුම් ගැයුම් බලා තමනුත් එසේ සතුටු වෙම්යැයි සිතා ධනය ඉපැයීමට වෙර දරති.
පිරිමින් ධනපතින්ගේ මාලිගා සැදීමට සෙයිලමට ඇදේ ඔවුන්ගේ බිරියන් වැලිකතරේ තෙලින් පෝෂීත ලාබ කාසි සොයා එතෙරට පියාබති. ඔවුන්ගේ දූ වරු ගාමන්ට් පැක්ටරි වල ඉදිකටු රෙදි පාසාරුකරගෙන යන වේගයෙන් කඹුරති.
පුතුන් බිම්ගත වෙලද කලමණාකරුවන් වී ටයිකෝට් ඇද ගිනි අව්වේ තවත් එවැනිම පංතියකට ප්ලාස්ටික් විකුණති.
මිනිසුන් වූ අප ජීවත් වන්නේ ලිංගික කාර්යයටත් අහරින් කුස පුරවා ගැනීමටත් නොවන්නේය.
අප සැමට ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද අවශ්‍යය. ඒවා නැතුව අප කාටත් ජීවිතයක් නොමැත.
අප සැමට එල්ලවන ආර්තික දුර්භිකෂයේ සුලු කුනාටු විසින් ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද වියලා දමා ඇත.
ප්‍රේමය වෙනුවට රාගයේ ලෝ දියත්, අනුකම්පාවේ උනුසුම වෙනුවට කපටිකමේ මීදුමත්, ආදරයේ මිහිරි නාදය වෙනුවට වංචාවේ රලු බොරලු හඩත් ඉතිරිව ඇත.
සියලු පීඩිතයෝ යක්ෂයින් පිසාචයන් කුම්භාන්ඩයන්, මල පෙරේතයන් බවට පත් වී ඇත.
ඒත් මේ සද කැන් ඇවිදින නිසල රැයේ ඔබගේ ඔය සුදු මූන මගේ හද තුල පොපියන එක කෙලෙසනම් වලක්වා ලන්නද..
මම දන්නවා අපිට කවදාවත් අප දිනපතා පහුකරගෙන යන මිහිරි රාත්‍රියන් වල මිහිර අපිට අත්පත් කරගන්න බැහැ කියලා..
ඒත් කුමාරි
නිදන්න..
නලියන මගේ හිත ඔබව සොයනවා..
මහා වේදනාවකින් පෙලෙනවා..
අහසින් වෑහෙන පිනිබිදු මගේ ඇස්වලින් වැටෙන කදුලු නොවේ.
ඔබට බලන්න හෙට පිබිදෙන මල් වලට වැටුනු පිනිබිදු
කුමාරි..

ගගක් සේ ඔබ ගලා ඒ නම්

Wednesday, February 25, 2015

සැබෑ ස්ත්‍රී පුරුෂ සම්බෝගයට එකිනෙකාට දක්වන මානව ප්‍රේමයට අත්‍යවශ්‍යම සාධකයකි. එහෙත් වර්ථමාන පවුල් සංස්ථාව යනු ධනවාදය නැමැති යන්ත්‍ර සූත්‍ර යේ. එක් දැති රෝදයක් පමනි. කති බොති දරුවන් වදති හදති රැකියා කරති. ශරීරකුඩුව කෙසේ හෝ ජීවත් කරති. ඉන් එහාට යමක් නැත. බොහෝ පවුල් සංස්ථා තුල ඇත්තේ උඹ හිටපං උබේ පාඩුවේ මම ඉන්නම් මගේ පාඩුවේ න්‍යාය වේ.
එකිනෙකාට කිසිදු ආදරයක් දයාවක් කරුනාවක් මෛත්‍රියක් නැත. දෙපලටම අවශ්‍ය වී ඇත්තේ පැරනි සමාජයට නෑකම් කියන කූජිත වී යන සංස්කෘතික ක්‍රියාදාමයන් මහත් වැර යොදා ආරක්ෂා කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුහු අතිමහත් කට්ටක් කති. එය විද දරාගැනීමට නොහැකි ඇතැමෝ
 තමන්ගේ චිත්ත සන්තාපයන්ට සරිලන කවුරුන් හෝ සමග රහශ්‍යය ප්‍රේමයක් අරබති.  කෙලතොල් සමාජයෙන් වහන් වී රතී කෙලි කරති.
එම ප්‍රේමය  නීතියානුකුල නොවන ප්‍රේමයක් බව සමාජය පවසයි.
නියමය යනු ධනවාදී පද්ධතිය රකිනු යන අරුතයි. එය නොරකින්නේ නම් අනියම් වේ.
හොදම විහිලුවනම් ඒ ප්‍රේමයට අනියම් ප්‍රේමය යන්න යෙදීමයි. සැබෑ තතු නම් ප්‍රේමයට නියමයක් නැත. මිහි තලය මත ජීවය පවතින තාක් කල් වෙනස් නොවන නියමය ප්‍රේමයමයි. එය අනියම් නැත. ප්‍රේමය යනු ශත්ව සංහතියේ පැවැත්ම තහවුරු කරන ප්‍රථම නියමයි.
සෑම ගැහැනියකගේම සෑම පිරියමියකගේම හදවත් තුල ප්‍රේමයන් උපදී. ඒ සැබෑ ප්‍රේමය පලා පැහැ ගනී. ගතින් වැහැරුනත් හදවත තුල හටගන්න ප්‍රේමය පලා පැහැයමයි. එය තරුණයි. නිර්මලයි.
ඒ තරුණ ප්‍රේමයත් සමග හටගත්තා වූ ජව සම්පන්න බව ධනවාදී සංස්කෘතික හමුදා බල ඇනිය විසින් මැඩ පවත්වයි.
ඒ ප්‍රේම අරගලයට ඉහත කී ජඩ හමුදාව විසින් යුතුකම් නැමැති කදුලු වායුව ගසා පන්නා දමයි.
එකි අනියම් යැයි කියන ප්‍රේම අරගලයෙන් පැරදී පලා යන පෙම්වතුන් හට ලුම්පන් සමාජය
උසුලු විසුලු කරයි.
ඕක තමයි අපි කීවේ ඕක හරියන්නෑ කියලා. අර දරුපවුල හදාගෙන ඉන්න බැරි තොපිට හොද වැඩේ. තියෙන කඩප්පුලි කමට එහොම වෙලා මදි.
යනුවෙන් පාදඩ සමාජය මහත් වැර යොදා කෑ ගසයි.
උන්ගේ නීතිය ආරක්ෂා නොකරන සැවොම කඩප්පුලියන් බවට පත් කරයි. අසමජ්ජාතින් බවට පත් කරයි.
සුදු මැනික අපේ ආදරය පලා පැහැයමයි.
අපි වගේම උන් වෙනුවෙන් ජය ගනිමු.
අපිට පුලුවන් කදු පද්ධතියම පලා පැහැයෙන් හොබවන්න.
ඒ පලා පැහැයෙන් හදවත් පිපේවි. අපි අපේ ප්‍රේමයට අරුතක් දෙමු. මල් ගොමුවට පැයූ සදක් මෙන් බබලවමු.
මිරිගුව දෙස තවත් බලා ඉන්න එපා මැනික. ගගක්සේ ගලා එන්න. ඔබ ගලා එනතුරු මුව දොරක් වී ඉන්නම්

කොහේ හෝ නුඹ නතර වි කාට හෝ ජීවිතය දී

Monday, February 9, 2015

මම දන්නවා මැනික ඔයා මට දක්වන ලෙන්ගතුකම. රහසින් උනත් අපි දොඩමලු වෙන ඒ ඇසිල්ල මා පාසැල් අවදියට යනවා මගේ මැනික. මට කවදාවත් දැනුනේ නෑ ඔයා අනුන්ගේ කියලා.
Enewa baba
Eth hamedaateme enne puluwan de mame danne naa Mage pane ...
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී,
තුටින් නම් මට ඒ ඇති.
මගේ නූනට කම් නැති.

ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නොවේ. කියලා මම දන්නවා. සමාජ සංස්කෘතික යදම් අප හිර කර බැද දමලා තමයි. අපිට බැරි උනත් අපේ දරුවන්ටවත් මේ අධම සමාජ සංස්කෘතික දෘෂ්ටි මායාවන් නැති ලොවක් හදමු.
Oww ane ...
I love you baba
Oya parissemin wade keranne one
Math innewa dan oyate ...
Pls careful wenne raththeran
උන්න දා අපි අපේ වී
දුන්නු සෙනෙහස අරුමැති
ලෝබ නෑ හිත අහිමි දා අද.
මමත් දැන් මට හිමි නැති..

සොවින් පිරි මගේ හදවත

Sunday, February 8, 2015

මම පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් කලේ හරක් බලපු එක. ටිකක් ලොකුවෙනකොට අපේම සල්ලිකාර නෑදෑයෙක්ගේ ගෙදරක වැඩට ගියා. වතුර අදිනවා. බෙට් සීට් හොදනවා. මල්වලට වතුර දානවා. නොයෙක් වැඩ කරලා සතියකට දවස් තුනක් විතර ඉස්කෝලේ යනවා.
එ් කාලේ මට පුට් සයිකලවත් පදින්න තියා අල්ලන්නවත් මොකෙක්වත් දුන්නෑ.. මට ආදරය කරානම් කලේ අත්තම්මා විතරයි. අනිත් හැමෝම මගෙන් පොල්කඩවාගත්තා එක එක දහපදුරාවේ වැඩ කරවා ගත්තා.
මට ආදරය කරානම් කලේ පාරේ ඉන්න බලු නගුටෝ විකරයි. ඒ වැවට ගිහින් මාලු අල්ලා ඉතුරුවෙන පොඩි මාලුපැටව් දුන්න නිසාත් කනේ හිටපු කිනිකුල්ලෝ කඩපු නිසාත් වෙන්න ඇති.
මගේ ජීවිතේ කවම කවදාවත් කාගෙන්වත් හොදක් අහලා නෑ. ඉදිරියටත් බැරිවෙයි.
මට දැනුත් හිතවත් පිස්සොයි පොඩි උනුයි විතරයි. රස්තියාදු ටයිප් එකේ පොරවල් තමයි යාලුවෙකුට කියලා ඉන්නේ.
කවදත් මම වැඩක් කරානම් කරේ රුයිතෙට. ඒ කරපු හැමදේකම ප්‍රථිපල ලැබුනේ පහුවෙලා. හැබැයි ගෙඩි පිටින්.
දෙමාපියන්ට සල්ලි නැති පුංචි දරුපැටව් හැමදාම කලේ තියෙන උන්ට වහල්කම්.
ශරීරයේ ලස්සන නැතිනම් ගුරුවරන්ගෙන් පවා බැනුම් අහනවා. බෝල ගෙඩි වගේ ඉන්න පුංචි එවුන් විතරයි දරුවෝ කියලා හිතන්නේ. අනිත් එවුන් කරුමෙට ඉපදිච්ච උන් ගානට දාලා තමයි හැම එකාම වැඩ කරන්නේ.
සිංහල දෙමල මුස්ලිම් බේදකයකින් තොරව පොඩි උන් දුක්විදනවා.
මහ උන්ට නම් හැදිගෑවිලා ගියත් කමක් නෑ.
අනික අහිංසක ගෑනු ජීවිතකාලේටම වහල්ලු ගෑනු කවුරුත් ආසයි ලස්සනට ඉන්න. උන්ට ලස්සන වෙන්න ලැබෙන්නේ දිලිසෙන සිලික් රෙදි විතරයි. වැඩ කරලා කරලා කේඩෑරි වෙච්ච ගෑනු ඒවා ඇන්දාම ඇවිදින මමී වගේ.
පාලක පාදඩයනුයි උන්ට දැන හෝ නොදැන කත් අදින වසලයොයි. පොට්ට තියරි හදාගෙන උන්ට ආවඩන රට පකිරිංඥලයි හැමදාම කරන්නේ මම අර ඉහත කියපු අසරනයන්ට කෙලවන එක.

සද තරු නිහඩයි

Saturday, February 7, 2015

මනුස්ස සංහතියේ සමගිය කෙතරම් අගනේදැයි දැන්නේ රාත්‍රියටය. මිනිස් උනුසුමක අගය දැනෙන්නේය.
දහවලේදී කොතෙක් කෙලි කරත් රාත්‍රිය උදාවත්ම ඒ අදුර සමගම මල පාලු මුස්පෙන්තුකමක් අපේ හදවත් අරා පැතිරෙයි. එය විද ගැනීමට පවා අසීරුය.
සියලු හඩවල් නිහඩවී ගොසිනි. සමස්තය ගනදුරින් වැසීගත්කල පාලු හුදකලා බවක් දැනේ. ශෝකයක් දැනේ.
ස්ත්‍රින්ගේත් පුරුෂයන්ගේත් හදවත් තුල හටගන්නා වූ වියෝව තුල ගැබ්වී ඇත්තේ එකිනෙකා සම සමව විදගත්තා වූ රාග කාම ප්‍රේම අත්දැකීම වල වියෝවයි.
සද තරු අහස්කුල තුල සැගවී යත්ම අනුරාගී හැගිම් පිබිදෙයි. එවිට ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක වඩා තිවර වේ. එවිට හටගන්නවූ වූ වියෝ දුක මොහොතින් මොහොත තීවුරවේ.
නින්ද අහලකටවත්  එන්නේ නැත. පාදන්දර සීතල ටිකෙන් ටික ගත වෙලාගත්කල හැගෙන දකින උනුසුම නොලැබෙන කල්හි වියෝ දුක තව තවත් වැඩිවේ.
හිරු නැගෙන තුරු එදා යුගයේ පෙම්වතුන් වස්දඩු වැයුහ. සීපද ගයන ලදී. අද යුගයේ පෙම්වතුන් සේවා සැපයුම් ජාල ඔස්සේ කොටපනිවිඩද අන්තර්ජාල ඕස්සේ අකුරු සහ දෘෂ්‍ය පනිවිඩයන්ද යවමින් කල් ගෙවයි.
කන වැකෙන පෙම්වතාගේ වස්දඩු රාවය බඩවැටියෙන් එහා සිටින පෙම්වතියගේ හද සසල කරන්නේ දෙදෙනාම විදින පාරසරික තත්වය එක හා සමාන බැවිනි.
වර්තමානයේ පෙම්වතා රාත්‍රිය ගෙවන විට පෙම්වතිය තම සේවා මුරය අරබා ඇත. පාරිසරික තත්වයන්ගේ පරතරය අතිවිෂාලය. ඇයට හෝ ඔහුට දැනෙන්නේ නැත.
නොදැනෙන නිසාම ඒ ශෝකීරාවයන් ඔවුනවුන් තවත් තව තවත් වෙන්කර තබන්නට හේතු සාධකයක්ම වනු ඇත.

Could I Have This Kiss Forever

Saturday, January 31, 2015

නන්දා මාලනියගේ යමුනා නදිය ගීතයක් සමන් ජයනාත්ගේ බිසරු ලියන් මැද ගීතයත් ඇසා ඇති ලාංකීය ජනහදවත් වලට මේ ගීය අරුමයක් නොවේවා යැයි පතමි.
ප්‍රේමය වූ කලී හූදු මනෝරාජිකල මල මංගල්‍යක් නොවන බවත් එය සත්‍ය ලෙසම පෞද්ගලික ලිංගික ආලයක් බැව් මා කොතෙකුත් කියා ඇත.

ගැහැනුන් සහ පිරිමින් කොතෙකුත් රමණයේ යෙදෙති. 
පැන පැන යෙදෙති. බලෙන් යෙදෙති. කරන්නන් වලේ යෙදෙති. ඔහේ යෙදෙති. කරනවාට කරති. යුතුකමට යෙදෙති. වගකීමට යෙදෙති. නොකර බැරි කමට යෙදෙති. අවසානේ හොරෙන් යෙදෙති.

සැබෑ ලෙස නම් කාම සම්බෝගය යනු සොදුරු වෙහෙසකි.  අපුලක් නැත වේදනාවක් නැත.

පරෙවියන් ගුමු ගුමු ගාන්නේ පෙම්වතුන් සිපගන්නා නිසාවෙන්යැයි කියුතොත් එය යල්පැන යමින් පවතින පසුගාමී ගතානුගතික සමාජ සංස්කෘතික තුච්ඡ නින්දිත සාහිත්‍ය කියැවීමකි.
පරෙවියන්ට ගුමු ගුමු නද දීම සදහා පෙම්වතුන් සිප ගත යුතුයිය කියන්නේ නම් එය පෙරටුගාමී අගනා සාහිත්‍ය කියැවීමකි.
බැලු බැල්මට එය ලපටි සුරතල් කියැවීමක් යැයි පෙනෙනු ඇත.
හම් ලොම්වලින් වැසි තොල් රලු බොරලු වී. නිය යබර වී තිබූ මානවයා අද සුමුදු සියුමැලි තත්වයට පත්වී ඇත.

එහෙත් නිෂ්පාදන ක්‍රියාවලියට තාක්ෂණය මුහු වීමත් සමග පැන නැගි ආ දැවැන්ත නිෂ්පාදනය හමුවේ නිපන්නා වූ ප්‍රාග්ධන  ඒකාධිකාරය අතදැරූ යක්ෂ ප්‍රෙර්ත පිසාච කුම්භාන්ඩයන් මානව හදවත් රළු බොරලු බවට පත් කරන ලදී.
ලිංගික ආලයට මිලක් නියම කරන ලදී. ගැහැනුන් පිරිමි අතර සංස්කෘතික සම්භාදක පමනවන ලදී.
තමා ලිංගික කාර්ය කල යුත්තේ කුමන පංතියේ සහකාරයෙකු සමගද යන නීති පනවන ලදී.

සෑම ගැහැනියකටම අවේනික වූද ඇගේ  මන පිනවාන්නා වූද පෞර්ෂ ලක්ෂනයක් හෙබි පුරුෂයෙක් ඇත. එසේම පිරිමියෙකුට ආවේනික රැලි හසරැල් පිරුනාවූද ලාලිත්‍යයන් වලින් හෙබි වූද කාන්තා වක් ඇත. 

එය හුදු විකාර රූපී මනෝරාජික ආත්මීය බැදීම් සහිත ප්‍රේමයක් නොව රසායන බැදීම් මත පදනම් වූ ජාන ප්‍රවාහයන් සංවර්ධනය කිරීම පිනිස ඇතිවන්නාවු ස්වභාවික තත්වයකි.

නෙත්පුරා බලන්න ඔබ මා කැමති සියල්ල.
හැකියි මේ රාත්‍රිය බෙදාගන්න ඔබටත් මටත්
සිප ගැනීම අවසන් කරගන්න බැරිවෙයි අපට
අදුර බිදෙන තුරු.
මනරම් රාත්‍රිය අවසන් නොවේවා යැයි පැතුවාද
සුදු මැනික මගේ

කුමර කුමරියනි හෙට දින ඉපදීමට නියමිත ප්‍රේම පාරාදීය ගැබ් ගන්වනු පිනිස නොබියව ආදරනීයව රමණය කරන්න.

ආසා නිරාෂා මැවු ඈ සප්න මායවකී

Tuesday, January 27, 2015

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ.

පුරුෂ නෙතට ස්ත්‍රී රුව තරම් ප්‍රිය මනාප දර්ශණයක් නොමැත. ස්ත්‍රි නෙතට පුරුෂ රුව තරම් පුියමනාප දර්ශණයක් නොමැත.  මේ සත්‍ය සනාත කිරීමට කිිසිදු ධර්ම කාරනාවක් අවශ්‍ය නැතැයි බුදුන් වහන්සේ වදාල සේක.

අප වෙසෙන පංති සමාජයේ අප අනේක විද දුක් කම් කටොලු වලින් පීඩිතය. ධනය ඇත්තාටද ධනය නැත්තාටද එය එකසේමැයි. මානසික සංතෘප්තිය තකා අප බොහෝ දේ කරති.
නානා වූ සලුපිලි වෛවර්ණ විදුලි සැරසිලි. යාන වාහන සුවද විලවුන් මත් රසායනික හෝ අනේකවිද නිස්පාදනයන් ගෙන් අප සැනසීමට වෙර දරයි. එහෙත් කිසිදු සැනසීමක් කිසිදු සුවයක් පේන මානයකවත් නැත.
සමාජ සංස්කෘතික වහන්තරාවන් උනා දමා නග්නවූ ස්ත්‍රියකුත් පුරුෂයෙකුත් විදින්නා වූ පෞද්ගලික ලිංගික ආලය පෙරකී කිසිවකට දෙවනි වන්නේ නැත.
එය අතෘප්තකර නැත. අපුල නැත. මොහොතින් මොහොත තිත්තම වී යන්නේ නැත.
සිතුවිලි අලුත් වේ. ක්‍රිකාරකම් නැවුම් වේ. එය මේ සා විසාලැයිද මෙතැකැයිද කියා නිමකල නොහැක. එය අනන්තයි අප්‍රමාණයි.

මල කොතන පිපුනම මොකද.

Sunday, January 11, 2015



මල කොතැන පිපුනම මොකද
පිපුන වග මල දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

පංති සමාජයේ මූල බීජය පුද්ගලවාදයයි. පුද්ගලවාදය තහවුරු කරනු පිනිස කුටුම්බ සංරක්ෂණය අත්‍යවශ්‍ය කාරනයකි. කුටුම්භ සංරක්ෂනය උදෙසා විවහා සහතික, උප්පැන්න සහතික, මරණ සහතික වශයෙන් ධනපති යාන්ත්‍රණයට ඍජුව වගකිව යුතු ලිපි ලේඛණ ගනනාවක් ඇත. පුද්ගලවාදය යාවත්කාලීන කිරීමට නම් ධනය හිමි පිරිමියාගේ සුක්‍ර ධාතුවෙන්ම උපන් පුරුකකට තම වත්කම් බැරකල යුතුමය. පුද්ගලවාදී පංති සමාජයේ පැවැත්මේ පලමු අධියර පටන්ගන්නේ සුක්‍රානුවෙන් කීවාට කම් නැත.

ආදරය වූ කලී හුදු ඕපපාතික සිහිනද, මාලිගාද, මල්පෙතිද, සිහිල් සුලන්ද නොව සැබෑ ලෙසම පෞද්ගලික ලිංගික සංතෘප්තිය පිණිසම හටගන්නා වු පෞද්ගලික ලිංගික ආලයයි. එහි කිසිදු පුද්ගලවාදයක් නැත. කොටින්ම කියනවා නම් ද්වීඝඨනයේ ලිංගික ආකාරයයි. එය ස්වභාවිකයි සුගමයි. ප්‍රනීතයි.

එය ප්‍රනීත වන්නේ එකිනෙකා තුල හටගන්නාවු මානව සහ මානූෂීය බෑදිම්වල ගතික නම්‍යශීලී ප්‍රථිවිරෝධයන්ගේ ඒකත්වයක් ලෙසිනි.
එය මෙතෙකැයි මෙපමනයැයි පැහැදිලි කරන්නට කිසිදු භාෂාවක ශෛලියක් නොමැත.  දුෂ්‍ය රූප හෝ සබ්ද තරංග පරයා යන විෂ්මිත විභූෂිත මියුරසැකි.

ප්‍රිය ලදුනි මා හට ඔබගේ සිතැගි වැටහේ..

සද කොතැන දිලුනම මොකද
දිලෙන වග සද දන්නවා.
සද දන්නවා

නුබේ සෝභාවටද නුබේ ලතාවටද මා වසග වී ඇත.

ගග කොතැන ගැලුවාම මොකද
ගලන වග ගග දන්නවා

නුබේ ආදරය මනරම්ය. හදවත කකියන සුලුය.

විලෙහි ලස්සන තවත් විල් දියෙ මලුත් පිනොත් තමා.
දොලෙහි ලස්සන තවත් දොල දියේ පෙනත් නැගුනොත් තමා.

මා හදවත කම්පා කරන මේ ගී සිගිත්ත ගැන කියන්නට වදන් නොමැත.
ඔබගේ ආදරය මෙතැකැයිද. මේ සා විසාලයිද කියා තබන්නට මේ ගීය උදහාරන කොට ගතිමි.
මා ප්‍රිය ලදුනි.

ගායනය නිර්මානය.
දීපිකා ප්‍රියදර්ශනියනි, නදී නිසංසලාවනි.
 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182