Pages

සරා දේ සිනා සේලේ..

Sunday, December 30, 2012


අපේ අතීය මිහිදුම් සිහිනයක් මැයි..  කිසිදු වලාකුලක් නොමැතිව සරත් සමයේ අහසේ පායන්නා වු සරා සද යැයි මා ඔබට කියන්නේ කෙසේද, එසේ නැතිනම් සරාගී සදක් යැයි කියන්නට තරම් මා පොහොසත් නැත. ඔබ මාගේ පැරනි පෙම්වතියයි..  ඔබ මා අතර නැත. ගිලිහි ගියේ මගේ සිනහවයි.. සේලය තවම ඔබ අතයි. දැන් මා හිම යායක තනිවී. මගේ මුලු සර්වංගයන්ම ගල්වී ඇත. ඒ වේදනාව මගේ හදවත පුරා රිදුම් දෙයි.

අහන් ඉන්න අහගෙන ඉන්න

Friday, July 6, 2012

බිහි වීමට උත්තහ දරන සෑම ජීවියෙකුටම උපදින්නට ඉඩ දෙමු. උපදින්නට ඉන්න ජීවින්ගේ ජීවිත විකෘති නොකරමු. උපන් ජීවින් සැමට නිදහසේ සැරිසරන්නට අවස්ථාව සලසමු.
අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුනනවා..

Oliro Kotha Shune

Saturday, June 23, 2012

මට මේ සිදුවුනු වේදනව පාලුව තදින් දැනුනා.. ඒක කොහොමද කියලා මට කියන්න තේරුමක් නැහැ.. ඒක විදගන්න. මේ ගීතය අහන්න ඔයාට ලැබුන දවසක දැනෙයි.

මේ ගංගාව නුඹ වගේ මං ගාව නොනවතී..

Thursday, June 21, 2012

අඹන් ගගේ වැලිතලාවේ අනන්තය දිහා බලාගෙන හිටපු මං ගාවාට කෑර මල් සුවද හැමුවේ ජීවිතය අළුත් කරන්න වගේ.. හිතුවා මම ඒ සුවද හැමදාම මගේ වටේ දැවටෙයි කියලා.  ඒත් හිතාගන්න බැරි විදිහට මහ ජල කදක් මවත් පොඩිකරගෙන ඒ කෑර මල් සුවද මගෙන් උදුරා ගත්තා. දිය සුලියට අහුවුනු මම ඈතට ගහගෙන යද්දි ඔයා නොඹලාම යනවා..  තේරෙන්නෑ මට මම මොන වරදක් කරාද කියලා..

මම කැමති නෑනට

Sunday, June 17, 2012

නංගි අපි පුංචි කාලේ ඉදන් එකට සෙල්ලම් කරා. වෙල් එලියේ දුව පැන ඇවිද්දා. ඔයා අද ලස්සන සුරංගනාවියක් වෙලා. ඇස් අහකට ගන්න හිතෙන්නෑ ඔය මුහුනෙන්.. එදා ඒ සුපුරුදු ආදරනීය බව ඇයි මේ අයින් වෙලා. හිතාගන්න බෑ..

සද දිය දෙවුල

මැනික මට ඔයා ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ වෙන කිසි දෙයක් නිසා නොවේ මේ කාලකන්නි සමාජය අපි දිහා වපර ඇහින් බලන නිසා.. මම දන්නවා මට කවදාවත් ඔයා වගේ වස්තුවක් ලැබෙන්නේ නැහැ කියලා. මම කෝමද ඔය ආදරේ ඈත් කරලා යන්නේ. විදගන්න බැරිවෙයි මට..

මේ ජීවනයේ

Wednesday, June 13, 2012

ලොකු පුතේ මට උඹ බලන්න හරි ආසයි වරෙන්කෝ මාව බලලා යන්න. අත්තම්මා කීවා.. මගේ අත්තමාට දැන් හරි වයසයි. පුලුවන් කලේ පොලට ගිහින් එන හැම වෙලාවකම බොම්බයි මොටයි ටිකක් බූන්දි ටිකක් ගෙනත් මාව තුරුට අරන් හොරෙන් වගේ මගේ කටින් තියනවා..
මගේ වයසත් දැං ටික ටික ඉදිරියට යනවා. මට වඩාත්ම ආදරය කරපු හැමෝම මා හැරදා යනවා. ජීවිතයට ලැබුනු කීර්තිය, ධනය බලය තිබුනත් නැතත් අත්තම්මා මට හැමදාම ආදරය කරා.. ඇවිදින්න පුලුවන් කමක් තිබ්බා නම් කවම කවදාවත් මාව තනිකරන්නෑ කියලා මගේ ඇස්දෙකටත් වැඩිය මට විස්වාසයි.

රුක් අත්තන මල මුදුනේ

Sunday, June 10, 2012

මාත් ආසාවකින් හිටියා.. මේ වගේ බිරිදක් ලබන්න.. ඒත් ඒක හීනයක් පමනයි..

මගේ බිසව්නේ ආසාපන්

Thursday, May 31, 2012

ඔයාට බෑ මැනික මගෙත් එක්ක ඇවිත් මේ කටුක ජීවිතේට මුහුණ දෙන්න.. මම දර දඩු මිනිහෙක්.. ආම්බාන් කරන්න හරි අමාරුයි. ඔයා පතන ඔයා සිතන සෙනෙහස එතන නැති වෙනවා. සුන්දර කෙලි ලොල් පවුල් ජීවිතයක්.. සිහිනයක් වෙයි ඔයාට.

කල දුටකල වල ඉහගෙන

Wednesday, May 30, 2012

මගේ රටට දලාදා හිමි සරනයි කියලාම තමයි දැං කියන්න වෙන්නේ..  නරුම අමණයන් පිරි ඉතිරී යමින් ඇත...

Ja Ja Ja Mere Bachpan

Monday, May 28, 2012

ආයෙත් ලමා වියට යන්න ඇත්නම්.. ඒත් මම දන්නෙම නැතුව ලොකු ලමයෙක් වෙලා.. ඒ අතීතය ඒ සුන්දරත්වය ආයේ එන්නේ නැහැ. වගකීම් වැඩිවෙලා යුතුකම් ඉටුකරන්න වෙලා..

ඇසට පෙනෙන දුරක සිටින්නම්

මට දෙන්න මගේ අතීතය. විදවන්න බෑ..

හින්දුස්ථානි

Saturday, May 26, 2012

ලංකා අපගේ මාතෘ භූමි වන්දේ සැමදා මාතෘ භූමි  ශ්‍රී ලංකා
වංදේ ලංකා ..
මැරුනෙත් අපිමයි ඉපදුනෙත් අපිමයි මැරෙන්ත් මෙහි මයි ඉපදෙන්නෙත් මෙහිමයි
වංදේ ලංකා ශ්‍රී ලංකා...


තව දිනක් ගෙවුනා

Thursday, May 24, 2012


ඇති වීම නැති වීම ලෝක ස්වභාවය උනත්.  ඒක හොද හැටිම දන්නවා උනත් කෝමද මම මේ පීඩාකාරී ලෝක ස්වභාවයට මුහුණ දෙන්නේ.. හරිම වේදනාකාරියි.. මම කොයි තරම් විදවනවද කියා දන්නේ මම විතරයි.

ඔබේ නිමල නෙත් රාගී

Wednesday, May 23, 2012

උපන් දින සුභ පැතුම් වෙනදා වගේ මහ ගොඩාරියක් ලැබුනේ නැහැ.. ඇය මාව බලන්න ආවා කීවා. උපන් දින සුභ පැතුමෙන් පස්සේ බැනුම් ගොඩාරියයි..  මෙහෙව් අත් දැකීම් අනන්ත අප්‍රමානවත් දැකලා තියෙනවා.. ජීවිත රංගනයේ තවත් තේමා ගීතයක්.. දැනට ලැබෙන ඔයාගේ ඔයා ආඩම්බර ආදරය.. මහ ගොඩාරියක් වටිනවා.. හුදකලාව නිසාම..

රජිද ඇත්..

Tuesday, May 22, 2012

විදේශ ආක්‍රමන වලින් අප උපන් භුමිය තුල විසි මිනිසුන්ට පමනක් නොවේ සතා සිව්පාවට පවා බලපෑම් උනා.. ජාතිය උදේසා ජීවය පුදදුන් සෑම විරුවෙක්ම සැමදා සිත් සතන් තුල රැව් පිලරැව් දුන්නා. එහෙත් ජාතියේ විනාසයට වල කෑපු සියල්ලන්ගේ දරු මුනුපුරන් පවා අදත් විරාජමානව වැජබෙනවා.. හෙටත් එහෙමයි. විරුවන්ට ක්‍රීර්ති නාම පමනකි.

කළුවර සිහින


හෑම ඉතිහාසයක්ම පන පිටින් වලලා දාන්න ඕන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ආර්ථිකය මැරෙන්න කිට්ටු වෙලා ලැබෙන්න තියෙන දේපල ගැන පමනක් සිහින මවමින් අපි ආදරය කියලා මුලාවක පැටලෙනවා.. ඒ මුලාවට දිනපතා ලෝභ බදිනවා.. මටත් හැමදාම තිබුනේ මගේ නොවන ආදරයන් විතරමයි. මෙතෙක් කාලෙකට කවුරුත් මට ආදරය කරලා නෑ.

සියල්ල විසදී හමාරයි

Wednesday, May 16, 2012

මම උත්සහ කලත් ඔබ උත්සහ කලත් මේ පෙම නිමවී හමාරයි.. රිදුම් රිදවීම් වලින් තවත් පලක් නෑ..  කාලය සියල්ල විසදාවි..

යථාර්තය

Tuesday, May 15, 2012

මම ඉපදිලා තියෙන්නේ හරියටම වෙසක් පුර පසලොස්වක පෝහෝය දිනක..  මේ දින ලං වෙනවත් එක්කම මගේ ජීවිතයට සතුට පොදි පිටින් ගලාගෙන එනවා. උපන් දිනේ අවසන් වෙත්ම මගේ සතුට වේගයෙන් ඉවත් වෙනවා. කල කිරීම. දුක සංඛාව ඉතුරු වෙනවා.. මේක චක්‍රයක් වගේ හැමදාමත් උනා අනාගතේදිත් වෙනවා..

විකාර ලෝකේ..

Monday, May 14, 2012

හැම දේම බොරුවක් ඔයාගේ ආදරෙත් බොරුවක්.. මමත් බොරුවක් ඔයත් බොරුවක් හෙටත් බොරුවක් අදත් බොරුවක්..

යන්නම් මම

මම හොදටම දන්නවා දැං අපේ ආදරය අහවර කරන්න ඕන කාලය ඇවිල්ලා කියලා.. වෙනදා ඔයාගේ ඔය සුදු මුහුණු ඉබින තුරු ආසාවෙන් හිටියේ... ඒත් ඊයේ මම ඉම්බට පස්සේ එයා පිස දැම්මා..

ආසයි අහපහු ආපස්සට යන්න

වෙනදා උදේ වෙනකොට මට මැසේජ් 100ක් විතර ඇවිල්ලා.. උත්තර නොලීවට ඔයාගේ ඇනුම් බැනුම් කෝටියයි. ඒවා මම කොච්චර සතුටින්ද ඉවසුවේ.. අද කොම්පැනියෙන් එන බිල් එක පනිවිඩය විතරයි.. මම කෝමද රත්තරනේ මේවා වාවන්නේ.. ආසයි අහපුහු ආපස්සට යන්න..

දැන් යන්න

ඔයාට පාලුව තනිකම විතරක් නොවේ මා ගැන ඇති වන ලෝභය හමුවේ ඔයා එවන සෑම කෙටි පනිවිඩයක් ගානෙම මගේ හදවත නැවත නැවත රිදෙනවා. මම කොයි තරම් අමාරුවෙන්ද මගේ හිත හදාගත්තේ මේ පෑරුනු මගේ තුවාලෙට කෝටු කැලි වලින් ඇනලා තව තවත් පාරන්න එපා.. ඒක මහ වේදනවාක්..

සුභ ගමන්

මේ දවස් ටිකේ අපි කොච්චර සතුටින් හිටියද මගේ රත්තරනේ.. හැමදාම උදේට ඔයාගේ සුදු මූනට හාදුවක් දුන්නේ කොයි තරම්.. ආදරෙන්ද..  මගේ අඩුපාඩු තියෙනවා තමයි..  ඔයා මට වඩා නිවැරදි මිනිහෙක් හොයන්නකො මැනික.. එදාට තේරෙයි මගේ ආදරේ.. තරම. ඒ ඒ වෙනකොට ඔයාට මම අහිමි වෙලා ඉවරයි. මගේ සතුට නැත්තටම නැති වෙලා ඉවරයි..

මැරෙන තුරාවට ආදරෙයි

එකපාර මා මරන්න එපා. මැරෙන්න ඕනත් නැහැ අපි.. ජීවත් කරමු ලෝකයක්.. යන් තැනක ගිහින් හොදින් ඉන්න.. අභිමානවත් අම්මා කෙනෙක් වෙන්න. ආදරනීය බිරිදක්..  ආදර්ශමත් කාන්තාවක් වෙන්න.. ඒකයි මගේ එකම පැතුම.  මග යන විට අව්වෙන් වත් පීඩාවක් වෙන්න එපා..  මැසි මදුරුවෙක්ගෙන් පීඩාවක් වෙන්න එපා.. මම හැමදාමත් ආදරෙයි.. මැරෙන තුරාවට ආදරෙයි..

නීරස වචන

මේ වචන ටික මම සිය දහස් වතාවක් අහලා තියෙනවා ඒ අහන හැම වාරයක් වාරයක් පාසාම මම ඔබේ දෙසට නැමුනා.. ඔයාව ආරක්ෂා කරා.. මගේම කරගන්න උත්සහ ගත්තා.. ඒත්.. තවත් කෙනෙකුගෙන් ඒ වචන ටික නැවත අහන්න මට ඉඩ ඉතිරි කර ඔබ පියබා ගියා...

ඔයාලා දෙන්නාම නැති කරන්න බෑ.

Sunday, May 13, 2012

ඔයාලා දෙන්නාම මට මහ ගොඩාක් වටිනවා.. ඔයාගේ හිත අහිංසක අම්මෙකුට සුදුසුයි ඔයාගේ කෙලිලොල් බව මාව කුල්මත් කරනවා.. ඔයා හිතුවට ඇයට අසාධාරනයක් කරනවා කියලා මට එහෙම හිතෙන්නෑ..  මට ඔයාලා දෙන්නම වටිනවා..  නැති කරගන්න බෑ කවුරුවත්..

මෙහෙව් අසාධාරනයක්

මගේ රත්තරනේ උඹට කවදාවත් ලැබෙන්නෑ මට අප්පච්චි කියන්න.. උඹයි මායි ඒ තරම් පව් කරලා..  පුංචි දුවක් පාරේ දකිනකොට මගේ වස්තුව මට මතක් වෙනවා. පොලොව පලාගෙන යන්න හිතෙනවා. දුවක් ගැන සිංදුවක් අහන්න බෑ කුමාරි ඉගිල්ලිලා එන්න හිතෙනවා.. උඹ එකම එක දවසක් තාත්තා තාත්තා කියලා කීවා. ඒක හැමදාමත් මගේ හදවතේ ඇලිලා තියෙයි.. මගේ රත්තරනේ උබෙන් නම් මේ වගේ අඩුපාඩුවක් වෙන්න තියන්න එපා..

පාලුයි මගේ ලෝකේ

හැම දේම වෙනස් වෙනවා.. ඔයාගේ ආදරේ මාගේ ආදරේ.. මුලු ලෝකේම වෙනස් වෙනවා..  ඒ වෙනස් වීම් අතරේ වෙනස් වීමේ සුවය විදින තරම් අපි වාසනාවන්ත වෙමින් ඉන්නවා කියලා විතරක් හිත හදාගනිමින් ඉන්නවා..

හැමදේම ඉවරයි

මට බලාපොරොත්තුවක් තිබුනා..
ඔයා හමු උනු මුල් දවස් වල හිතුවේ ඔයාටම විතරක් ආදරය කරන්න මැරෙන තුරාවට වෙනස් නොවන්න. කිසිම ගැහැනියක් දිහා නොබලන්න.. ඔයා මට ඉතුරු කරපු වේදනවා. ඔබේ සෙනෙහස ගැහැනු සිය ගනන් පීර පීරා බැලුවා.. තාම හමු උනේ නෑ මැනික ඔය වගේ ආදරයක්.. ඔය වගේ උනුසුමක්..

තනිකම ආයෙත්

හැම අතින්ම අසරන වුනු මිනිහෙක් මම, තනියෙන් ඉන්නේ මම, සාගරයක් වගේ ගෙයක් හැදුවේ.. තිර රෙදි දාලා ලස්සන කරේ. මාලිගාවක් කරන්න..  ඒක එහෙම කරන්න මට තනියෙන් බෑ..  තනිකම දැනෙනවා වෙනදාටත් වඩා. හුරු වෙලා හිටියේ පාලු අම්බලමක් කරන්න මේ ගෙදර..  ආයෙත් ආවා ආයෙත් බලා පොරොත්තු දුන්නා.. ආයෙත් ගියා..

ඔය ආදරේ හොදටම ඇති

මේ තරම් ප්‍රශ්ණ කන්දරාවක් විදගෙන කෝම ඉවසනවද මගෙ මැනික ඔයා..  ඔයාගේ ආදරේ මට මහ  මෙරක් දැනෙනවා. සිදු උනු දේවල් ආහපහු කල්පනා කරන්න ඕන නැහැ මට. ඔයාගේ ඔය ආදරේ හොදටම ඇති..

මම ඔබෙන් සමුගමි..

Saturday, May 12, 2012

මම දන්නවා මේ ප්‍රේමයත් කෙලවර වන්නේ ඉතා අවාසනාවන්ත කල කිරීමක් සමග බව.. තව තවත් ඔබ මා හා ලං වීමට පෙර මම ඔබෙන් සමුගමි..

ඔබ ගීතයක් වස්තු

Friday, May 11, 2012

ඔබ ඇත්තටම ගීතයක්...  වස්තු යන්න දෙන්නෙම හිතෙන්නෑ.. උදුරාගන්න හිතනෙවා..  දෙන්නෙ නෑ යන්න මම කවම කවරදාකවත්..

කෝම අහක බලන්නද කුමරිය..

Tuesday, May 1, 2012

මම හැමදාම හිතනවා ආයේ නම් කවදාවත් ගැහැනුන්ට අහුවෙන්නෙ නැහැ කියලා. ඒත් උඹ වගේ නිෂාන්තියක් දුටුවාම අහක බලන්නේ කෝමද කුමරිය..

රුවන් වැලි මහා සෑය

තාත්තේ මගේ නම රත්නවල්ලී රත්න වල්ලී මහ චේති කියන නම නේද දානවා කීවේ. දැං දාලා තියෙන්නේ රත්නමාලී කියලනේ. ඒ ලස්සනට දුවේ. එහෙමද තාත්තේ දැං තියෙන්නේ රුවන් වැලි කියලනේ තාත්තේ. ඒ කුහක කමට දුවේ.

ආදරනීය කුමාරි

Monday, April 30, 2012

කුමාරි ඔයාලාගේ අම්මා කීවා උපුල් ඔයාට අවුරුද්දට ඇදුමක්වත් ඇරන් දුන්නේ නැහැ කියලා. මම දන්නවා උපුල් ඔයාට ගහනවා බනිවා කියලා. මේකට වගකියන්න ඕන උපුල්වත් ඔයාවත් නොවෙයි තනිකරම මම. ඒ වේදනවා මගේ මරනය වෙනකං තියේවි.

අපිත් ආදරේ කලා

මම කවදාවත් හිතුවේ නෑ මේ ආදරේ ඔය විදිහට කෙලවර වෙයි කියලා. හොරෙන් හොරෙන් අපි කොයි තරම් තැන් වල ඇවිද ගියාද. මොන තරම් දේවල් කරාද..  කාලයත් එක්ක ජීවිතය වෙනස් වෙනවා කියලා මම කොහොමත් දැනගෙන හිටියා.. කවදා හරි අපේ අතීතය මතක් වෙයි කියලා කියන්න තරම් මම මෝඩයෙකක් නොවේ..

තමන්ම කෑවොත් ඇති

උඹලා හැදුවට වඩා හොදයි බල්ලො ටිකක් හදාගත්තා නම් අඩුම තරමේ නගුටවත් වනනවා. තමන්ගේ කමක් දන්නේ නැති අම්ම අප්පා අදුරන්නේ නැති උඹලා වගේ උන් පොල් පිති වලිනුත් කපාගන්න පුලුවන්.

රත්තරනේ..

Sunday, April 29, 2012

දුවේ දැං උඹට අවුරුදු දෙකකටත් කිට්ටුයි මේ කාලේ ඇතුලත මට උඹ බලන්නවත් ලැබුනේ කී වතාවද.. උබේ අම්මා උඹට මාව පෙන්නන්නේ මාමා කියලා. ඒත් උඹ නොදන්නා කමට හිනා වෙලා තාත්තේ කියලා කියනකොට උබේ අම්මට තරහා ගියත් මට දැනෙන සතුටට මගේ ඇස් දෙකෙන් කදුළු කඩා හැලෙනවා. මගේ දුවේ..

ඔබට මා එපා නම්

විස්වාස කර තරමක් ඔබ හිතාගන්නවත් බෑ මටම මම ගැන.. රිදෙව්වා දරාගන්න බැරි තරමට. ඒත් අමතක කරන්න බැරි තරමට ඔබ මට ලං වෙලා දාලා යන්න බෑ මගේ හිතෙන් ඔබව. කුමක් කරම්ද ඔබට මා එපා නම්..

යන්න ඔබ යන්න

ඔයා මගේ ජීවිතේට බලහත් කාරයෙන් ඇතුල් උනා. මටත් ඕන උනේ ඔබම පමනයි. එහෙත් ඔයා වෙනදා වගේම ඔයාගේ සෙල්ලක්කාර කම නිසාම අසරන උනා.. කල වැරදි ඔයාගේ පස්සෙන් එලවනකොට ඒවට වගකියන්න ඕන මමද ?

යානි තාල

ඇසුනා රසවත් තාල කුරුල්ලනේ නුඹලාගේ සැදුවා අපි තාල නුඹලා අනුව.. අපිට රසවත් තවත් තාල

පුතේ උඹට මතකද

පුතේ උඹට මතක අම්මා අපිව දාලා ගියපු දවස්.. මම පුදුම තරම් අසරන උනා උඹටනම් මතක නැතුව ඇති. උඹ එතරම් පුංචියි. මම බැරල් එකක් හිල් කරලා වතුර කරාමයක් හදලා දුන්නා.. උඹ අඩ අඩ ආසාවෙන් නෑවා. පහුවදා උඹට හොදටම හෙම්බිරිසාව.. මම එලිවෙනකං උඹ ලග ඇහැරලා හිටියා. දැං උඹට හැම දේම පුරුදුයි මටත් වඩා හිතලා මතල කරනවා..

පඩු පැහැ ආදරය.

මේ විකුණන විකිනෙන ලෝකයේ මෙවැනි ආදරයක් සොයන්න කෙතරම් පෙරුම් දම් පෙරුවද.. සැබෑව සිහනයකි.  පලා පැහැයක් කොයින්ද ආදරයට පඩු පැහැය මිස..

එක්කෝ අපි එක්කෝ උඹලා

ආගම්වාදින්ගෙන් හා ජාතීවාදි නරුමයන්ගෙන් තැලී පොඩි වෙන්නේ අපයි. ඇයි අපිට වෙනසක්. අපි ජීවිත නොවේද. උඹලට තියෙන මේ ලෝකයේ අයිතිය අපිට නැද්ද. බිහිකරපල්ලා තව තවත් අපි වගේ උන් ජීවත් වෙන්න දෙන්නෙම නෑ තොපිට හිතේ සැනසිල්ලේ මේ ලෝකේ..

නොලද අත් දැකීම්

මාත් හිතුවා මේ වගේ ආදරයක් මටත් ලැබෙයි කියලා. ඇත්තට හෙව්වා මේ වගේ ආදරයන් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. ආදර දඩයම ඉවර උනේ අත්දැකීම් ගනනාවක් සහ සෝ ගී ගනනවාක් මතකයේ ඉතිරි කරමින්

තාත්තෙ

තාත්තේ නුඹට මතකද රාලහාමි ඈදුත්තට ගැට ගහලා අපි දෙන්නා කොල මඩවනවා. නුඹ රෑන දක්කනකොට මම ගොම් පස් අහුලනවා. බෝල් අත්ත අරන් ඉහින් කනින් දූවිලි පෙරාගෙන බෝල් තියනකොට මම කලෙත් අරන් ටිකිරිබංඩලාගේ ලිදට යනවා වතුර ගේන්න..  උඹයි මායි හැමදාම මුලු රටටම කන්න දුන්නා උඹ නොදකිං කියලා කිසිවෙකුට දොසක් කීවේ නැහැ. අදත් හෙටත් එහෙමයි තාත්තේ..

සැලලිහිනිය

පාන්දරම හනි හිනිකේ සැරසුනේ ඔබ බලන්න. සරසවිය ඉදිරිපිට බස් නැවතුමේ ඔබ එනතෙක් බලා ඉදලම මුළු ඇගම දහඩියෙන් පෙගිලා. ඔබ මා අසලට එනවිට නිවසේදී මගේ මුහුනෙ සුන්දර බව දූවිලි රකුසා රැගෙන ගිහින්.. පැය ගානක් බස් වල රස්තියාදු වෙලා මම ආව් ඔබ බලන්නමයි. ඔබ මම දැක නොදැක යනකොට දැනුන වේදනාව ඔබට දැනුනද සැල ලිහිනිය.

තවත් කුමාරියක්

Saturday, April 28, 2012


කුමාරි ඔබත් තව කුමාරියක් මගෙ ජීවිතේ හමු වූ
දැනුනා ඔබත් කාටත් වඩා හොදින්

 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182