එකිනෙකාට කිසිදු ආදරයක් දයාවක් කරුනාවක් මෛත්‍රියක් නැත. දෙපලටම අවශ්‍ය වී ඇත්තේ පැරනි සමාජයට නෑකම් කියන කූජිත වී යන සංස්කෘතික ක්‍රියාදාමයන් මහත් වැර යොදා ආරක්ෂා කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුහු අතිමහත් කට්ටක් කති. එය විද දරාගැනීමට නොහැකි ඇතැමෝ
තමන්ගේ චිත්ත සන්තාපයන්ට සරිලන කවුරුන් හෝ සමග රහශ්‍යය ප්‍රේමයක් අරබති. කෙලතොල් සමාජයෙන් වහන් වී රතී කෙලි කරති.
එම ප්‍රේමය නීතියානුකුල නොවන ප්‍රේමයක් බව සමාජය පවසයි.
නියමය යනු ධනවාදී පද්ධතිය රකිනු යන අරුතයි. එය නොරකින්නේ නම් අනියම් වේ.
හොදම විහිලුවනම් ඒ ප්‍රේමයට අනියම් ප්‍රේමය යන්න යෙදීමයි. සැබෑ තතු නම් ප්‍රේමයට නියමයක් නැත. මිහි තලය මත ජීවය පවතින තාක් කල් වෙනස් නොවන නියමය ප්‍රේමයමයි. එය අනියම් නැත. ප්‍රේමය යනු ශත්ව සංහතියේ පැවැත්ම තහවුරු කරන ප්‍රථම නියමයි.
සෑම ගැහැනියකගේම සෑම පිරියමියකගේම හදවත් තුල ප්‍රේමයන් උපදී. ඒ සැබෑ ප්‍රේමය පලා පැහැ ගනී. ගතින් වැහැරුනත් හදවත තුල හටගන්න ප්‍රේමය පලා පැහැයමයි. එය තරුණයි. නිර්මලයි.
ඒ තරුණ ප්‍රේමයත් සමග හටගත්තා වූ ජව සම්පන්න බව ධනවාදී සංස්කෘතික හමුදා බල ඇනිය විසින් මැඩ පවත්වයි.
ඒ ප්‍රේම අරගලයට ඉහත කී ජඩ හමුදාව විසින් යුතුකම් නැමැති කදුලු වායුව ගසා පන්නා දමයි.
එකි අනියම් යැයි කියන ප්‍රේම අරගලයෙන් පැරදී පලා යන පෙම්වතුන් හට ලුම්පන් සමාජය
උසුලු විසුලු කරයි.
ඕක තමයි අපි කීවේ ඕක හරියන්නෑ කියලා. අර දරුපවුල හදාගෙන ඉන්න බැරි තොපිට හොද වැඩේ. තියෙන කඩප්පුලි කමට එහොම වෙලා මදි.
යනුවෙන් පාදඩ සමාජය මහත් වැර යොදා කෑ ගසයි.
උන්ගේ නීතිය ආරක්ෂා නොකරන සැවොම කඩප්පුලියන් බවට පත් කරයි. අසමජ්ජාතින් බවට පත් කරයි.
සුදු මැනික අපේ ආදරය පලා පැහැයමයි.
අපි වගේම උන් වෙනුවෙන් ජය ගනිමු.
අපිට පුලුවන් කදු පද්ධතියම පලා පැහැයෙන් හොබවන්න.
ඒ පලා පැහැයෙන් හදවත් පිපේවි. අපි අපේ ප්‍රේමයට අරුතක් දෙමු. මල් ගොමුවට පැයූ සදක් මෙන් බබලවමු.
මිරිගුව දෙස තවත් බලා ඉන්න එපා මැනික. ගගක්සේ ගලා එන්න. ඔබ ගලා එනතුරු මුව දොරක් වී ඉන්නම්
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..