ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ.
පුරුෂ නෙතට ස්ත්‍රී රුව තරම් ප්‍රිය මනාප දර්ශණයක් නොමැත. ස්ත්‍රි නෙතට පුරුෂ රුව තරම් පුියමනාප දර්ශණයක් නොමැත. මේ සත්‍ය සනාත කිරීමට කිිසිදු ධර්ම කාරනාවක් අවශ්‍ය නැතැයි බුදුන් වහන්සේ වදාල සේක.
අප වෙසෙන පංති සමාජයේ අප අනේක විද දුක් කම් කටොලු වලින් පීඩිතය. ධනය ඇත්තාටද ධනය නැත්තාටද එය එකසේමැයි. මානසික සංතෘප්තිය තකා අප බොහෝ දේ කරති.
නානා වූ සලුපිලි වෛවර්ණ විදුලි සැරසිලි. යාන වාහන සුවද විලවුන් මත් රසායනික හෝ අනේකවිද නිස්පාදනයන් ගෙන් අප සැනසීමට වෙර දරයි. එහෙත් කිසිදු සැනසීමක් කිසිදු සුවයක් පේන මානයකවත් නැත.
සමාජ සංස්කෘතික වහන්තරාවන් උනා දමා නග්නවූ ස්ත්‍රියකුත් පුරුෂයෙකුත් විදින්නා වූ පෞද්ගලික ලිංගික ආලය පෙරකී කිසිවකට දෙවනි වන්නේ නැත.
එය අතෘප්තකර නැත. අපුල නැත. මොහොතින් මොහොත තිත්තම වී යන්නේ නැත.
සිතුවිලි අලුත් වේ. ක්‍රිකාරකම් නැවුම් වේ. එය මේ සා විසාලැයිද මෙතැකැයිද කියා නිමකල නොහැක. එය අනන්තයි අප්‍රමාණයි.
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..