මනුස්ස සංහතියේ සමගිය කෙතරම් අගනේදැයි දැන්නේ රාත්‍රියටය. මිනිස් උනුසුමක අගය දැනෙන්නේය.
දහවලේදී කොතෙක් කෙලි කරත් රාත්‍රිය උදාවත්ම ඒ අදුර සමගම මල පාලු මුස්පෙන්තුකමක් අපේ හදවත් අරා පැතිරෙයි. එය විද ගැනීමට පවා අසීරුය.
සියලු හඩවල් නිහඩවී ගොසිනි. සමස්තය ගනදුරින් වැසීගත්කල පාලු හුදකලා බවක් දැනේ. ශෝකයක් දැනේ.
ස්ත්‍රින්ගේත් පුරුෂයන්ගේත් හදවත් තුල හටගන්නා වූ වියෝව තුල ගැබ්වී ඇත්තේ එකිනෙකා සම සමව විදගත්තා වූ රාග කාම ප්‍රේම අත්දැකීම වල වියෝවයි.
සද තරු අහස්කුල තුල සැගවී යත්ම අනුරාගී හැගිම් පිබිදෙයි. එවිට ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක වඩා තිවර වේ. එවිට හටගන්නවූ වූ වියෝ දුක මොහොතින් මොහොත තීවුරවේ.
නින්ද අහලකටවත් එන්නේ නැත. පාදන්දර සීතල ටිකෙන් ටික ගත වෙලාගත්කල හැගෙන දකින උනුසුම නොලැබෙන කල්හි වියෝ දුක තව තවත් වැඩිවේ.

හිරු නැගෙන තුරු එදා යුගයේ පෙම්වතුන් වස්දඩු වැයුහ. සීපද ගයන ලදී. අද යුගයේ පෙම්වතුන් සේවා සැපයුම් ජාල ඔස්සේ කොටපනිවිඩද අන්තර්ජාල ඕස්සේ අකුරු සහ දෘෂ්‍ය පනිවිඩයන්ද යවමින් කල් ගෙවයි.
කන වැකෙන පෙම්වතාගේ වස්දඩු රාවය බඩවැටියෙන් එහා සිටින පෙම්වතියගේ හද සසල කරන්නේ දෙදෙනාම විදින පාරසරික තත්වය එක හා සමාන බැවිනි.
වර්තමානයේ පෙම්වතා රාත්‍රිය ගෙවන විට පෙම්වතිය තම සේවා මුරය අරබා ඇත. පාරිසරික තත්වයන්ගේ පරතරය අතිවිෂාලය. ඇයට හෝ ඔහුට දැනෙන්නේ නැත.
නොදැනෙන නිසාම ඒ ශෝකීරාවයන් ඔවුනවුන් තවත් තව තවත් වෙන්කර තබන්නට හේතු සාධකයක්ම වනු ඇත.

No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..