අප ජීවත්ව ගොරතර සමාජයේ ජනතාවෝ පංති දෙකකට බෙදී ඇත. එයින් එකක් ධනය බලය හිමි පංතියයි. අනෙක් පංතිය ඒ කිසිවක් නැති මොහොතින් මොහොත පීඩාවම උරුම කරගත් පීඩිත පංතියයි..
පීඩීත පංතියේ ගැහැනුන්ට සහ පිරිමින්ට ඇත්තේ කවදාවත් ඉටු නොවන බලාපොරොත්තු පමනි.
බලපති පංතිය සදලුතල සිට උසුලු විසුලු කරමින් කා බී නටා ගයා සතුටු වෙති.
පීඩීත පංතිය අගුපිල්වල සිට ඒ නැටුම් ගැයුම් බලා තමනුත් එසේ සතුටු වෙම්යැයි සිතා ධනය ඉපැයීමට වෙර දරති.
පිරිමින් ධනපතින්ගේ මාලිගා සැදීමට සෙයිලමට ඇදේ ඔවුන්ගේ බිරියන් වැලිකතරේ තෙලින් පෝෂීත ලාබ කාසි සොයා එතෙරට පියාබති. ඔවුන්ගේ දූ වරු ගාමන්ට් පැක්ටරි වල ඉදිකටු රෙදි පාසාරුකරගෙන යන වේගයෙන් කඹුරති.
පුතුන් බිම්ගත වෙලද කලමණාකරුවන් වී ටයිකෝට් ඇද ගිනි අව්වේ තවත් එවැනිම පංතියකට ප්ලාස්ටික් විකුණති.

මිනිසුන් වූ අප ජීවත් වන්නේ ලිංගික කාර්යයටත් අහරින් කුස පුරවා ගැනීමටත් නොවන්නේය.
අප සැමට ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද අවශ්‍යය. ඒවා නැතුව අප කාටත් ජීවිතයක් නොමැත.

අප සැමට එල්ලවන ආර්තික දුර්භිකෂයේ සුලු කුනාටු විසින් ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද වියලා දමා ඇත.
ප්‍රේමය වෙනුවට රාගයේ ලෝ දියත්, අනුකම්පාවේ උනුසුම වෙනුවට කපටිකමේ මීදුමත්, ආදරයේ මිහිරි නාදය වෙනුවට වංචාවේ රලු බොරලු හඩත් ඉතිරිව ඇත.
සියලු පීඩිතයෝ යක්ෂයින් පිසාචයන් කුම්භාන්ඩයන්, මල පෙරේතයන් බවට පත් වී ඇත.
ඒත් මේ සද කැන් ඇවිදින නිසල රැයේ ඔබගේ ඔය සුදු මූන මගේ හද තුල පොපියන එක කෙලෙසනම් වලක්වා ලන්නද..
මම දන්නවා අපිට කවදාවත් අප දිනපතා පහුකරගෙන යන මිහිරි රාත්‍රියන් වල මිහිර අපිට අත්පත් කරගන්න බැහැ කියලා..
ඒත් කුමාරි
නිදන්න..
නලියන මගේ හිත ඔබව සොයනවා..
මහා වේදනාවකින් පෙලෙනවා..
අහසින් වෑහෙන පිනිබිදු මගේ ඇස්වලින් වැටෙන කදුලු නොවේ.
ඔබට බලන්න හෙට පිබිදෙන මල් වලට වැටුනු පිනිබිදු
කුමාරි..

No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..