අප පසුකරමින් යන මේ නරුම සමාජයේ පුරා සැරිසරන්නේ වග වලසුන්ය, කාම මෝලිතයන්, පර පීඩකයන්ය, වසුරු භක්ෂකයන්ය, දීන චූදිතයන්ය.
උඹ මලක් නොවී
මල් සුවඳ ගෙනැත් දෙන්නා
පුර හඳක් නොවී
හඳපාන අරන් එන්නා
යසෝදරා වත කවියක් සේ
අත නෑර නොයා
හිත ගාවම උඹ ඉන්නා.....
මෙවන් සමාජයකට සැබෑ පිරිමින්ගේ අවශ්‍යතාවය දැඩිව දැනේ..
ඒ අන් යමකට නොව අසරන ගැහැනුන් සහ නොදරුවන් ආරක්ෂා කර ගැනීමටය.
අවාසනාවක මහත නම්, පිරිමි වේෂයෙන් ඇත්තේ පුරුෂ ලිංගයක් ඇති පාහර පාදඩයන්ය.
යම් දිනක එවැනි පිරිමින් බිහිවන්නේ නම්...
මේ කැලේ තියෙන හැම දේ සාරයි
විෂ බමරු පවා මිතුරන් ගානයි.
ඉර මද්දහනේ කළු දූලි බිමට
ගිනි අව්ව වුණත් හෙවණක් වාගෙයි....
එවැනි පිරිමියෙක් වාසය කරන කුටුම්භය.. මාලිගාවක් වේවි. එහි වාසය කරන ප්‍රිය බිරිස යශෝධරාවක් වේවි. දරු පැටවුන් මුව පොව්වන් සහ සා පැටවුන් මෙන් වේවි.
අතු පැලම අපට මාළිග වේවී
දරු පැටව් රැකන් ඉඳපන් පේ වී
දුර ඈත නොවේ ළඟ ළඟම දාක
මම රජෙක් වෙලා එන්නම් දේවී.....
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..