ඔහු රජයේ සේවකයෙකි. සෑම ගෑහැනියක් මෙන්ම ඔහුගේ බිරිදත්, ඇගේ ගත අලංකාර කර ගැනීම සදහා ආභරන ආයිත්තම් ඉල්ලා සිටි. ඔහු එවිට ගෙදරට හොරු පනින නිසා ඒවා ගත නොහැකි බව විහිලුවෙන් පවසා ඇය සනසා ලයි.
එහෙත් සැබෑව එය නොවේ. ලැබෙන සොච්චම් වැටුප ඔහුගේ දරු පවුල ජීවත් කරවීමටවත් නොහැකිය. පඩිය ලැබන දවසට ණය තුරුස් වලටම පඩිය දියවී යයි.
සෑම ගැහැනියක් සේම ඔහුට ලැබෙන වේතනය ගැන ප්‍රශ්ණ කරයි. ඒ ඔහු පිලිබදව ඇති අවිස්වාසයකට නොව. විද දරාගත නොහැකි දුක් කම් කටොලු හේතුවනි. ඔහු බොරු කියනවා කියමින් ඇය අඩදඹර කරයි. එහෙත් ඇයගේ අවිහිංසක කම සහ ඔහුට තියෙන ආදරය නිසාම, ඔවුන් සමගියෙන් කාලය ගෙවයි. ඔහු එය ඉතා හොදින් දනී.
ඔහුගේ හදවත ඇයගෙ දයාබරත්වය හමුවේ සලිතවේ. ඇයට සැප සම්පත් ලබාදීමට නොහැකිවීම ගැන ඔහු සොවින් තැවේ.
මෙතැන් පටන් ගීතය කුණුහරුප කීමට පටන් ගනී.
ඔවුන්ගේ පවුලට උදා වී ඇති දුක්ඛිත තත්වයට හේතුව මේ එකිනෙකා සුරාගෙන කන මුදලාලිගේ සමාජයයි.
ඒ මුදලාලිලාගේ සමාජය පෙරලා දමා සර්ව සාධාරන මධ්‍යගත කම්කරු පංති සමාජවාදී සමාජයක් ගොඩ නගා ඔවුන්ගේ දුක්ඛිත බවට පිලියම් යෙදීමට ඔහුට කොන්දක් නැත. එය තම බිරිදට කියාදෙන්න තරම්වත් ඔහුට දැනුමක් නැත. ඒ වෙනුවට ඔහු තම බිරිදට කියන්නේ ආගමෙන් උන්ගවන මතු ජාති ජාති සැප සම්පත් ලබා ගන්නා ලෙසය.
මෙවැනි පිරිමි භාග ආගම විසන් මේ විකුණන විකිනෙන සමාජය විසින් වෙත නිර්මාණය කර ඇති බව නුඹලාට නොතේරෙන්නේ මන්ද. ආගම නුඹලාගේ කොන්ද බිදීමට පාවිච්චි කරනවා නොවේද. ධනපති කලාව නුඹලාව ඔල් මොරොන්දම් කරනවා නොවේද.
ආගම විසින් මෙම අගනා පද කිහිපය හා ගී තනුව දූෂණය කර ඇත.
https://www.facebook.com/jith.rathnayaka 0714470988
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..