බෞද්ධ ඉගැන්වීමතුල ඇත්තේ ප්‍රථිපත්ති සමුදායක එකතුවෙන් ජනයින් හික්මීමකටකට ලක්කර සැමට සාධාරන වටපිටාවක් නිර්මාණය කිරීමයි.
සමාජවාදී ඉගැන්වීම තුල ඇත්තේ මුදල් සංසර්ණය සාධාරන ලෙස සකස්කොට ඒ තුලින් ජනතාව හික්මීමකට ලක්කර සැමට විමුක්තිය උදා වූ පිරිසරයක් නිර්මාණය කිරීමයි.
ලංකාව බෞද්ධ රාජ්‍යයකි එහෙත් දසත පැතිරෙන්නෙ දූෂන මිනිමැරුම් රැවටීම් සහ කොල්ල කෑම්ය.
තායිලන්තයද බෞද්ධ රටකි. එහෙ ප්‍රධාන ව්‍යපාරයන් වලින් එකක් වශයෙන් ගණිකා ව්‍යාපරය පවතී.
චීනය සමාජවාදී රාජ්‍යයකි එහි මිනීමැරුම් දූෂණ සත්ව හිංසාවන් වලින් පිරී පවතී, කියුබාව සමාජවාදී රාජ්‍යයකි. එහි ආර්ථික දියුනුව පහල මට්ටමක පවතී. එහෙත් මානව සංවර්ධනය ඉහල මට්ටමක පවතී.
මේ අතර ජපානය බෞද්ධ රාජ්‍යයකි. එහි ආර්ථික හා තාක්ෂනික දියනුව ඉහල මට්ටමක පවතී.
බණ කියූ පමනින් රටවල් සංවර්ධනය වන්නේ නැත.
බණ ඇසූ පමනින් සංවර්ධනය වන්නේද නැත.
කොයි බණත් එසේමැයි.
සමාජවාදී බණද බුදු බණද මා නම් කරන බණ වර්ගයට අදාල වේ.
බණ සමග ආර්ථික සමානත්මතාවයද තිබිය යුතුය.
ආර්ථික සමානත්මතාවය නොමැතිව බනෙන් ඇති වැඩක් වන්නේ නැත.
බණ නොමැතිව ආර්ථික සමානත්මතාවය සැකසූ පමනින් ඇති වැඩක් වන්නේද නැත.
බණ අණ සහ සමානත්මතාවය අතයවශ්‍ය කාරනාවකි.
එය රටකට පමනක් නොව පවුලකටද පොදු නීතියකි.
මිල මුදල් යහමින් අති පවුල් වල උදවිය පිස්සු කෙලින්නෙ බණ නැති කමෙනි.
මිල මුදල් නැති පවුල් වලට බණ තිත්තම වී ඇති.
තුන තිබිය යුතු තැන් වල තිබිය යුතු පිලිවෙලට තිබිය යුතුමය.
No comments:
Post a Comment
බෙහෙවින් ස්තුතීයි..