Pages

මගේ සෙනෙහස

Tuesday, March 25, 2014

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මනුසත් ලොවේ පිරිමින් ගැහැනුන්ට සෙහෙනහස දක්වති. ගැහැනුන්ද එසේමැයි. ඒ සෙහෙනහස වෙනුවෙන් ඔවුන් විවිද වූ කැපකිරීම් කරති.
එය වසර ගනනින් කරති. ඒ වසර ගනනට මිලක් ඇත. මිලක් නොමැතිව මේ මනුසත් ලොවේ පෙම්කල නොහැකියි. තරු වියන් යට අත් පටලා ඇවිදින්නට මුදල් අවශ්‍යය. මුදල් සොයන්නටනම් ශ්‍රමය වැගිරිය යුතුය.
ඒ සියලු කැපවීම් කර ඔවුහු එකිනෙකාට අවනත අයවලුන් බලාපොරොත්තු වෙයි.
කුමන වර්ගයේ කැපවීම් කලත් පෙම් කරන්නෝ වෙන්වෙති.
ඔවුන් පෙම් කර ඇත්තේ හදවතිනි. එය අධ්‍යාත්මික ප්‍රේමයක් යැයි ඔවුන් කියති. ගැහැනියකුත් පිරිමියෙකුත් තුල ඇත්තේ පෞද්ගලික ලිංගික ආලයකි. එය වෙනුවෙන් අත්වැල් පටලාගෙන තරුවියන් තුල ඇවිදීමෙන් පමනක් පලක් වන්නේ වන්නේ නැත. කොතෙකුත් මුල්‍යමය කැපවීමක් කලත් හරියන්නේ නැත.
කුසුම් පෙතිමත ඇවිදීමෙන් ප්‍රේමය අප්‍රසන්නම වීම සාමන්‍ය දෙයකි. කුසුම් පෙති මත පටලා සම්බෝගයේ යෙදුනේ නම් නම්, මිලින යන්නේ කුසුම්පෙති බව හැබෑව, එය එසේ විය යුතුය.
සම්බෝගයෙන් විකසිත වන බගමනිය නැමැති කුසුම ගැන අඹමල් රොනක තරම්වත් අවබෝධයක් නැති පෙම්වතෙකුට සැමදා උරුම වන්නේ අඩවැඩියාම පමණි.
ප්‍රේමය වූ කලී ආගමික අධ්‍යාත්මික කාලකන්නි විකෘතියක් නොවන අතර එය සැබැවින්ම පෞද්ගලික ලිංගික ආලයකි. ඒ සදහා දේපාර්ශවය කැපකිරීම් කල යුත්තේ තම තමන්ගේ ශරීරවලටය. ඒවා කුසුම් සුවදින් සුවදවත් කල යුතුය, රොන් වලින් අමන්දා න්නදයට පත් කල යුතුය.
දෑත් පටලා ඇවිදීම වෙනුවට දහඩිය මුගුරු වැගිරෙන ලෙස ක්‍රිඩා කල යුතුය. සෙම සෙටු පෙරා වැලපීම වෙනුවට දසන් විදහා සිනාසිය යුතුය.
මෙවැනි ගීත වලින් ප්‍රේමවන්තයා තවත් කාලකන්නියකු කර සියදිවි නසා ගැනීමට පොලබවයි.
මෙහි රචකයාටත් තනු නිර්මාපයකයාටත්, ගායකයාටත් සියදිවි හානිකරගැනීමට අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන නඩුපැවරිය යුතුය.

1 comment

  1. ලිංගික පරිපීඩනය ට පත් වූ රටක ඉපදුනු එකා හැමතිස්සෙම හිතන්නේ මේ විදියටය. කිසිවකු හ් සම්භෝගයට අවසර නැති නිසා ඌට ප්‍රේමය කියන්නේ භගමනිය සොයා යන ගමනකි.
    ජීවත් වීමට කෑම ගැනීමටත්, මලපහ කිරීමටත් සිදු වේ, ඒ නිසා පුක හෝ මුඛ රජ කරවන රටක් නැත. ප්‍රේමය මෙතරම ඒකමාන කරවන මේ ඊනියා විද්ග්ධ සමච්චල් කාරයන් කවුරුත් පාහේ අම්මා ඉදිරියේ පූස් පැටව්ය. බැන්දාම ගෑණියට කියා හැම දහ බලු වැඩක් කරගන්නවාය. ඌ තුල ප්‍රේමයක් හටගන්නේ නැත. අනිත් එවුන්ට හමුවන ප්‍රේමය සලකන්නේ භගමනිය වටා කැරකී මයිල් කරලක් කඩාගන්නේ නැති වීම නිසාම කෙල්ල විසින් අත්හරිනා ලද්දකුගේ විලාපයක් ලෙසිනි.

    මේ ගීතයේ අඳෝනා ස්වරයට මාත් කැමටි නැත, අත්වැල් පටලා කුසුම් මතින් තරු වියනේ ඇවිදීම ගැන සින්දු ලිවීම ගැනද ආරෝවක් ඇත.

    ඒත් මගේ බිරිඳ සමග සැටපුම් ගණන් දුර ගොස් ඇත්තෙමි ඈ කෙල්ල කාලයේ සිටම තා වෙනතුරුත් ඇවිද යමි. ඒත් ඒ ඇවිද යාම එපා වෙන්නේ නැත්තේ භගමනියේ ප්‍රශ්ණයක් නිසා නොවේ. සම්භෝගය සිදු වේ, එය අසුන්දර නැත, එහෙත් එය ජීවිතය කියා වරදවා වැටහෙන්නේ, ලිංගිකත්වයම උත්කර්ශයට නංවාලන බොල් සරසවි පරිසරයේ සහ ලිංගිකත්වය පාපයක් සේ දක්නා බොරු උපාසක මොන්ටිසෝරි ළමයින්ගේ යට ඇඬ්හ්මෙන් පවා සතුට ගන්නා සමාජයත් යන දෙක අතර මිරිකෙන එවුන්ය. උන්ට කැම්පස් ජීවිතය යනු කාම ක්‍රීඩාවට සහ පරපීඩක ජ්යේශ්ට මානසිකත්වයෙන් පුම්බන ලද බාහිර සමාජයෙන් වැලකුනු සැඟවුම ස්ථානයකි.

    එවැන්නන් විරහව හෝ සම්භෝගයෙන් එපිට ඇති ආදර්ය නොහඳුනයි. මතක ඇති කාලයේ පටන් අම්මාගෙන් දර දිය අද්දාගන්න වුන් කෙසේ ආදරය හඳුනත්ද?

    ReplyDelete

බෙහෙවින් ස්තුතීයි..

 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182