තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
Thursday, January 14, 2016
පට්ට කෙබර ඇදබාන ගීත අතර අඩි ගැලවෙන්න ඇත්තම කියන ගීතයකින් මම ඔබ වරනගමි මන්දාකිණියේ.
ගැහැනුන් පිරිමින් අතර ඇත්තේ සත්‍ය වශයෙන්ම ලිංගික ආලයකි. මොන වර්ගයේ නරි කේජූ කෑලි ටෝක් දුන්නත් සත්‍ය එයමයි.
සද මෝදුවත්මත් සියොලගම සිහිල්වීම අනිවාර්යකි. ඒ හිරුගේ රශ්මිය ඍජුව නොලැබෙන බැවිනි. මද සිසිලක් තිබීම හේතුවෙන් සියළු ඉන්ද්‍රියන් ප්‍රාණවත් කරයි. ඒ හදවත් විසින් වේගවත්ව රුධිරය සර්වාංගය කරා විහිදුවන බැවිනි. එහෙත් ශරීරයට ලැබිය යුතු නියම උනුසුම නොලැබේ. සම්බෝගය සදහා මෙය සුදුසුම පරිසරයකි.

පිරිමි නෙත වඩාත් ඇලුම් කරන්නේ ස්ත්‍රී රූ සපුවකටයි. ස්ත්‍රී නෙත වඩාත් ඇලුම් කරන්නේ පිරිමි රුවකටයි. මෙය විග්රහ කිරීම සදහා කිසිදු ධර්මයක් නැතැයි බුදුන් වහන්සේ පවා වදාලා ඇත.
නේක වර්ණ කුංකුම තැවරු අභිසුරුලියකටත් වඩා නග්න ඔබට ආවේනික වූ රාගික ස්වරය, බැල්ම හමුවේ මා ඔබ දෙසට ඇදී ඒම කෙලෙසකනම් වලකා ලන්නද.
නේක වර්ණ කුංකුම තැවරු අභිසුරුලියකටත් වඩා නග්න ඔබට ආවේනික වූ රාගික ස්වරය, බැල්ම හමුවේ මා ඔබ දෙසට ඇදී ඒම කෙලෙසකනම් වලකා ලන්නද.
තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,
රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
හිමකර සෙවණේ එකහීනේ,
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
හිමකර සෙවණේ එකහීනේ,
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,
විපුලිත ලැම රණ හංස තුඩට කිම,
දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
මගේ සරාගී සෝතාපා,
නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....
දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
මගේ සරාගී සෝතාපා,
නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....
මගේ ප්‍රියතම ක්‍රීඩාව ලිංගික ක්‍රීඩාවයි. මවෝ සේතුන් කියයි. මාඹ් මගේද එයමැයි.
මගේ වචන වලින් මේසා විසාල මේ සා මනරම් හැගීමක් කෙසේ නම් තු තූ කරන්නද..
මන්දාකිනියේ නුඹ සතපමි නාවා අමරති රණ ලොලේ..
මගේ වචන වලින් මේසා විසාල මේ සා මනරම් හැගීමක් කෙසේ නම් තු තූ කරන්නද..
මන්දාකිනියේ නුඹ සතපමි නාවා අමරති රණ ලොලේ..
ප්‍රිය හිමියනී මගේ...
Sunday, January 10, 2016
බැලු බැල්මට නම් ස්ත්‍රී පුරුෂ සම්බන්දය යනු ලිංගික සෙනෙහසකි. තවදුරටත් කල්පනා කරන්නේ නම් එය හුදෙක් ජීවයේ පැවැත්ම වෙනුවෙන් සැකසුනු ස්වභාවික තත්වයකි. ඊටත් ඉදිරියට ගොස් ද්‍රව්‍යාත්මකව සිතන්නේ නම් එය ද්විඝඨනයේ තවත් එක්තරා අවදියකි.
මනුස්ස සමාජයේ ගැහැනුන් පිරිමින් වන අප සමාජ, සංස්කෘතික, සහ ද්‍රව්‍යත්මක අවදීන් පසුකර ඇති බව පිලිගත යුතුව ඇත.
මිනිසා සමාජ ශත්වයකි. මිනිසාට සමාජයෙන් තොරව කිසිදු පැවැත්මක් නැත. මක්නිසද මිනිසා දුර්වල සතෙකි. සමාජ සතෙක් වන මිනිසාගේ කුඩාම සමාජ ඒකකය කුටුම්භයයි. දුර්වල මිනිස් පරපුරේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ දැනුමේ නිම්වලු පුලුල් කිරීමෙනි. දැනුමේ නිම් වලලු පුලුල් කිරීම සදහා එකිනෙකාගේ අත්දැකීම වල එකතුව විසින් සියලු නිෂ්පාදන ප්රබවයන් බලාත්මක කරයි.
මේ සියළු බලයන් වල ආරම්භක පුරුක ගැහැනියකගේ සෙනෙහස ම වේ. ඇය නැති තැන කුමට කෙත්වතු සාර කරන්නද. ඇය නැතිව නගුල් වියගස් උදලු කුමට තනන්නද.. ඇය නොමැතිව මහා දැවැන්ත කර්මාන්ත ශාලා කුමකටද..
පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ...
ජීවිතයට අරුණලු විහිදෙනවා
ප්‍රිය හිමියනී මගේ...
ප්‍රිය හිමියනී මගේ...
සියලු කෙත්වතු සරු ඌයේ ඇයගෙ සෙනෙහස පින්සිදු වන්නටය.
ඇය අවු වැසි ඉඩෝර සුලි කුනාටු වලට භය නැත. ඇය සතා සිව්පාවන්ට භිය නැත. ඇය ආරක්ෂා කිරීමට සියලු බලවේග හමුවේ නොසැලෙන පංචස්කන්ධයක් ඇත. ඒ ආදරය නැමැති විංඥානය රලුකම නැමැති සලුවෙන් පොරවාගත් ප්‍රිය සැමියාය.
සඳ රැස් යහනේ ගෙවුණු රැයේ
මිහිලිය පිය හිමි හා සැනසී
මිහිඳුම් සළුවෙන් දෙනෙත වසනවා
නව හිරු පායා එනු දැකලා...
ඇයගේ රූ සපුවට ඔහු ඇදී ගියාක් මෙන් තවත් බොහෝ පුරුෂයන් ඇයට ලංවීමට උත්සහ ගැනීම අරුමයක් නොවේ. එසේ ඇදී එන්නේ ද්‍රව්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක හේතුවකට පමනක් පෞද්ගලික ලිංගික ආලයකට බව අප දනිමු.
එහෙත් පවතින සමාජ යථාර්තය තුල එය නොනිල ලිංගික ප්‍රේමයකි. නොනිල ලිංගික ප්‍රේමයකට අපි පිරිපහදු කරගත්තා වූ සමාජ සංස්කෘතික සාර දර්ම විසින් අඩ තැබීම අනිවාර්යකි. නොනිල ප්‍රේමයේ දුර ලිංගික සංතෘප්තිය අවසාන වෙත්ම කෙලවර වේ.
නැවත අතට කීයක් හරි ලැබී ගත සරුවෙත්ම ජීව විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් ලිංගිකත්වය උද්ධීපනය වේ. මෙය තනිවචනයෙන් අර්ථ දක්වන්නේ නම් කඩප්පුලිකම මෝදු වේ.
පෙම්බර හිමියනි ඒ සඳ යහනේ
අනන්ත මල් පිපිලා රහසේ
ඔබ පා මුල සෙනෙහසින් ගිලිහුණා
උදාර මල පරසතු උයනේ...
ගැහැනියකට අවශ්‍ය සෙනෙහසම පමනකි. එය ගිලිහුනු කල් ඇය අන් පිරිමින්ගේ දහඩිය රොටු හා ඇලේ ගැලේ..
එය පසුව ඇයට වැටහේ නැවත ආපසු පැමිනිය නොහැක. මානසිකවත් කායිකවත් ඇයගේ උදාරත්ව සුන්නත් දූලී වී ඇත.
ගැහැනු යනු උදාර මලකි. පිරිමි යනු සියලු කෙත්වතු සරි කරන ගංගාවකි.
දයා ද අල්විස් විසින් බිජු වපුරා
එච් එම් ජයවර්දන විසින් දිය ඉස.
මාලනී බුලත් සිංහලයන් විසින් මල් පුබුදා ඇත.
අසන්න නොවේ විදින්න..
උඹ මලක් නොවී
Thursday, October 1, 2015
අප පසුකරමින් යන මේ නරුම සමාජයේ පුරා සැරිසරන්නේ වග වලසුන්ය, කාම මෝලිතයන්, පර පීඩකයන්ය, වසුරු භක්ෂකයන්ය, දීන චූදිතයන්ය.
උඹ මලක් නොවී
මල් සුවඳ ගෙනැත් දෙන්නා
පුර හඳක් නොවී
හඳපාන අරන් එන්නා
යසෝදරා වත කවියක් සේ
අත නෑර නොයා
හිත ගාවම උඹ ඉන්නා.....
මෙවන් සමාජයකට සැබෑ පිරිමින්ගේ අවශ්‍යතාවය දැඩිව දැනේ..
ඒ අන් යමකට නොව අසරන ගැහැනුන් සහ නොදරුවන් ආරක්ෂා කර ගැනීමටය.
අවාසනාවක මහත නම්, පිරිමි වේෂයෙන් ඇත්තේ පුරුෂ ලිංගයක් ඇති පාහර පාදඩයන්ය.
යම් දිනක එවැනි පිරිමින් බිහිවන්නේ නම්...
මේ කැලේ තියෙන හැම දේ සාරයි
විෂ බමරු පවා මිතුරන් ගානයි.
ඉර මද්දහනේ කළු දූලි බිමට
ගිනි අව්ව වුණත් හෙවණක් වාගෙයි....
එවැනි පිරිමියෙක් වාසය කරන කුටුම්භය.. මාලිගාවක් වේවි. එහි වාසය කරන ප්‍රිය බිරිස යශෝධරාවක් වේවි. දරු පැටවුන් මුව පොව්වන් සහ සා පැටවුන් මෙන් වේවි.
අතු පැලම අපට මාළිග වේවී
දරු පැටව් රැකන් ඉඳපන් පේ වී
දුර ඈත නොවේ ළඟ ළඟම දාක
මම රජෙක් වෙලා එන්නම් දේවී.....
ලොවම එපා වී ලොවම කලකිරී
Sunday, July 26, 2015
අප ජීවත්වෙන පසුගාමී ධනවාදී සමාජයේ නිරන්තරයෙන් අප අත්විදින්නේ කටුකත්වයයි. කෘරත්වයයි. සැවොම වැරදිකාර මිනිසුන් අතර, එහෙත් සියල්ලෝම දෙවියන්, බඹුන් සේ ජීවත් වෙයි. අනෙකා අතින් සිදුවන සුලු වරද මහ වරදක් ලෙස හුවා. ඔහු හෝ ඇය නරකාදියටම ඇද දැමීම ධනවාදී සමාජයේ එකම අරමුණයි.
ඒ අතර සම්ස්ථ මානව වර්ගයාටත්, සොබාදහමටත් එකසේ ආදරය කරන්නන් නැතුවා නොවේ. අල්පතර ඒකී කොට්ඨාශයට අමතරව ගැහැනියකට හෝ පුරුෂයෙකුට කුමන තත්වයක් තුල හෝ ගැහැනුන් සහ පිරිමින්ද නැතුවාම නොවේ.
ඒ අතර සම්ස්ථ මානව වර්ගයාටත්, සොබාදහමටත් එකසේ ආදරය කරන්නන් නැතුවා නොවේ. අල්පතර ඒකී කොට්ඨාශයට අමතරව ගැහැනියකට හෝ පුරුෂයෙකුට කුමන තත්වයක් තුල හෝ ගැහැනුන් සහ පිරිමින්ද නැතුවාම නොවේ.
දවසක් ඔයා කීවා මිනිස්සුන්ට වෙන දේවල් මම හොදට අත් විදලා තියෙනවා. ඔයාගේ නිර්භීත කම තුල පිටවන වචන ඇතුලේ සමාජය ඔයා වැරදිකාරයෙක් කරන්න පුලුවන්. එහෙම නැතිනම් කවුරුත් කරන පොඩි වරදකින් ඔයා මහ ලොකු වැරදිකාරයෙක් කරන්න පුලුවන්.
මට වැදගත් වෙන්නේ ඔයාගේ ආදරේ ඒක තියෙනකං සමාජය හමුවෙ ඔයා මොන ජාතියේ වැරදි කාරයෙක් උනත් මම ඔයාට ආදරෙයි.
එහෙව් ආදරයක් ඒ සා විසාල ආදරයක් ලැබු එකම මනුස්ස දුව ඔබයි. මා ඔබට දක්වන ආදරය මෙතැකැයි මේ සා විසාලයි. කියන්නට නොහැක.

පවනේ පවෙන ඔබේ සුවදකින් පිසාසිතවු හද සිහිලැල් වේ.
සදකැල් ඇවිදින් සුපිපුනු කුසුමන්
Monday, May 18, 2015
අප ජීවත්ව ගොරතර සමාජයේ ජනතාවෝ පංති දෙකකට බෙදී ඇත. එයින් එකක් ධනය බලය හිමි පංතියයි. අනෙක් පංතිය ඒ කිසිවක් නැති මොහොතින් මොහොත පීඩාවම උරුම කරගත් පීඩිත පංතියයි..
පීඩීත පංතියේ ගැහැනුන්ට සහ පිරිමින්ට ඇත්තේ කවදාවත් ඉටු නොවන බලාපොරොත්තු පමනි.
බලපති පංතිය සදලුතල සිට උසුලු විසුලු කරමින් කා බී නටා ගයා සතුටු වෙති.
පීඩීත පංතිය අගුපිල්වල සිට ඒ නැටුම් ගැයුම් බලා තමනුත් එසේ සතුටු වෙම්යැයි සිතා ධනය ඉපැයීමට වෙර දරති.
පිරිමින් ධනපතින්ගේ මාලිගා සැදීමට සෙයිලමට ඇදේ ඔවුන්ගේ බිරියන් වැලිකතරේ තෙලින් පෝෂීත ලාබ කාසි සොයා එතෙරට පියාබති. ඔවුන්ගේ දූ වරු ගාමන්ට් පැක්ටරි වල ඉදිකටු රෙදි පාසාරුකරගෙන යන වේගයෙන් කඹුරති.
පුතුන් බිම්ගත වෙලද කලමණාකරුවන් වී ටයිකෝට් ඇද ගිනි අව්වේ තවත් එවැනිම පංතියකට ප්ලාස්ටික් විකුණති.

මිනිසුන් වූ අප ජීවත් වන්නේ ලිංගික කාර්යයටත් අහරින් කුස පුරවා ගැනීමටත් නොවන්නේය.
අප සැමට ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද අවශ්‍යය. ඒවා නැතුව අප කාටත් ජීවිතයක් නොමැත.
අප සැමට ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද අවශ්‍යය. ඒවා නැතුව අප කාටත් ජීවිතයක් නොමැත.
අප සැමට එල්ලවන ආර්තික දුර්භිකෂයේ සුලු කුනාටු විසින් ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද වියලා දමා ඇත.
ප්‍රේමය වෙනුවට රාගයේ ලෝ දියත්, අනුකම්පාවේ උනුසුම වෙනුවට කපටිකමේ මීදුමත්, ආදරයේ මිහිරි නාදය වෙනුවට වංචාවේ රලු බොරලු හඩත් ඉතිරිව ඇත.
සියලු පීඩිතයෝ යක්ෂයින් පිසාචයන් කුම්භාන්ඩයන්, මල පෙරේතයන් බවට පත් වී ඇත.
ඒත් මේ සද කැන් ඇවිදින නිසල රැයේ ඔබගේ ඔය සුදු මූන මගේ හද තුල පොපියන එක කෙලෙසනම් වලක්වා ලන්නද..
මම දන්නවා අපිට කවදාවත් අප දිනපතා පහුකරගෙන යන මිහිරි රාත්‍රියන් වල මිහිර අපිට අත්පත් කරගන්න බැහැ කියලා..
ඒත් කුමාරි
නිදන්න..
නලියන මගේ හිත ඔබව සොයනවා..
මහා වේදනාවකින් පෙලෙනවා..
අහසින් වෑහෙන පිනිබිදු මගේ ඇස්වලින් වැටෙන කදුලු නොවේ.
ඔබට බලන්න හෙට පිබිදෙන මල් වලට වැටුනු පිනිබිදු
කුමාරි..

ගගක් සේ ඔබ ගලා ඒ නම්
Wednesday, February 25, 2015
එකිනෙකාට කිසිදු ආදරයක් දයාවක් කරුනාවක් මෛත්‍රියක් නැත. දෙපලටම අවශ්‍ය වී ඇත්තේ පැරනි සමාජයට නෑකම් කියන කූජිත වී යන සංස්කෘතික ක්‍රියාදාමයන් මහත් වැර යොදා ආරක්ෂා කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුහු අතිමහත් කට්ටක් කති. එය විද දරාගැනීමට නොහැකි ඇතැමෝ
තමන්ගේ චිත්ත සන්තාපයන්ට සරිලන කවුරුන් හෝ සමග රහශ්යය ප්‍රේමයක් අරබති. කෙලතොල් සමාජයෙන් වහන් වී රතී කෙලි කරති.
එම ප්‍රේමය නීතියානුකුල නොවන ප්‍රේමයක් බව සමාජය පවසයි.
නියමය යනු ධනවාදී පද්ධතිය රකිනු යන අරුතයි. එය නොරකින්නේ නම් අනියම් වේ.
හොදම විහිලුවනම් ඒ ප්‍රේමයට අනියම් ප්‍රේමය යන්න යෙදීමයි. සැබෑ තතු නම් ප්‍රේමයට නියමයක් නැත. මිහි තලය මත ජීවය පවතින තාක් කල් වෙනස් නොවන නියමය ප්‍රේමයමයි. එය අනියම් නැත. ප්‍රේමය යනු ශත්ව සංහතියේ පැවැත්ම තහවුරු කරන ප්‍රථම නියමයි.
සෑම ගැහැනියකගේම සෑම පිරියමියකගේම හදවත් තුල ප්‍රේමයන් උපදී. ඒ සැබෑ ප්‍රේමය පලා පැහැ ගනී. ගතින් වැහැරුනත් හදවත තුල හටගන්න ප්‍රේමය පලා පැහැයමයි. එය තරුණයි. නිර්මලයි.
ඒ තරුණ ප්‍රේමයත් සමග හටගත්තා වූ ජව සම්පන්න බව ධනවාදී සංස්කෘතික හමුදා බල ඇනිය විසින් මැඩ පවත්වයි.
ඒ ප්‍රේම අරගලයට ඉහත කී ජඩ හමුදාව විසින් යුතුකම් නැමැති කදුලු වායුව ගසා පන්නා දමයි.
එකි අනියම් යැයි කියන ප්‍රේම අරගලයෙන් පැරදී පලා යන පෙම්වතුන් හට ලුම්පන් සමාජය
උසුලු විසුලු කරයි.
ඕක තමයි අපි කීවේ ඕක හරියන්නෑ කියලා. අර දරුපවුල හදාගෙන ඉන්න බැරි තොපිට හොද වැඩේ. තියෙන කඩප්පුලි කමට එහොම වෙලා මදි.
යනුවෙන් පාදඩ සමාජය මහත් වැර යොදා කෑ ගසයි.
උන්ගේ නීතිය ආරක්ෂා නොකරන සැවොම කඩප්පුලියන් බවට පත් කරයි. අසමජ්ජාතින් බවට පත් කරයි.
සුදු මැනික අපේ ආදරය පලා පැහැයමයි.
අපි වගේම උන් වෙනුවෙන් ජය ගනිමු.
අපිට පුලුවන් කදු පද්ධතියම පලා පැහැයෙන් හොබවන්න.
ඒ පලා පැහැයෙන් හදවත් පිපේවි. අපි අපේ ප්‍රේමයට අරුතක් දෙමු. මල් ගොමුවට පැයූ සදක් මෙන් බබලවමු.
මිරිගුව දෙස තවත් බලා ඉන්න එපා මැනික. ගගක්සේ ගලා එන්න. ඔබ ගලා එනතුරු මුව දොරක් වී ඉන්නම්
Subscribe to:
Posts (Atom)