සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා
ස්වර්ණ ලොවට යන මග
ගිරි දුර්ඝ සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා
මග අවුරන්නේ
ආදරයේ බැමි සිඳිලා
පෑරුණු සිත සන්සිඳිලා
ස්වර්ණ ලොවට යන මග
මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ
එළිය පෙනෙන්නේ
සතර පෙර නිමිති දුටුවේ
සසර දුක නිසා
එතෙර විය හැකිය එගොඩට
මුනිඳු බණ අසා
සැනුසුම කොතනද චිත්‍රපටය වෙනුවෙන් ධර්මසිරි ගමගේ විසින් රචිත ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කල ඩබ්. ඩී. අමරදේවයන් විසින් ගායනය කල මේ ගීයෙන් අපිව පොලොබවන්නේ කුමකටදැයි විමසා බලමු.
බුදුන් වහන්සේගේ යැයි සැලකෙන ඉගැන්වීම අනුව ආත්මයක් ආත්මයක් පාසා දුක් දොම්නස් පොදි බැදගෙන අප පැමිනෙන්නේය. එතුමන් එය අවබෝධ කර ගත්තේ අහඹුවකින් සිය කාමබෝගී සැප සම්පත් පිරිනු මාලිගා ත්‍රිත්වයෙන් එලිබට මොහොතේ යැයි සැලවේ.
නිර්වානය වූ කලී ගිරි දුර්ගයකි. එයට යන මාවත අවුරාලන්නට ලිංගික ආලය බිහිසුනු වේෂයක් ගෙන වැට කඩොලූ තනා භාදා සිදුකරන්නේය.
දෙදෙනෙකු බැද තබාලූ ආලය නැමැති බැම්ම බිදුනු කල්හී සියළු අනිත්යයන් සිහි ගැන්වෙන බව ගීතයෙන් කියයි.
අප වෙසෙන සමාජයේ දෙදෙනෙකු අතර පවත්නාලු ලිංගික ආලය විටෙක විවාහයෙන් ස්තීර වේ. එසේ නොවීමටද පුලූවන. විවාහය නැමැති නීති රාමුවෙන් ස්තීර උවද බිදී යන අවස්ථා එමටය. ආරාම්භයේ බිදී යන අවස්තා සුලබය. ආරම්භයේදී බිදී යන්නේ ලිංගික ආලයට බලපෑම් කරන්නා වූ මාරයන් මේ සමජයේ ගහන වූ බැවිනි. පලමු මාරයා වන්නේ මුදලයි. ඒ මත ගොඩනැගුණු තවත් මාරයෝ ඇත. ඒවා අතර භාෂාව එක් මාරයෙකි, ආගම තවත් මාරයෙකි, ජාතිය තවත් මාරයෙකි, නෑදෑ සහ මාපිය රුචි අරුචිකම්ද මාරයෝය. අවිස්වාසය කේලාම් ඕපාදූපද මාරයෝය. මෙකී නොකී සියළු මාරයන් පරදා දෙදෙනෙකු සම්බෝගය සදහා විවාහය නැමැති අඩිතාලම දමාගත් කල්හීද ඉහත මාරයන් එලව එලවා පහර දීමට පටන් ගනී.
මුදල නැමැති ප්‍රබලම මාරයාගේ බලපෑම පටන් ගත් කල්හී බොහෝ ලදුන් එක්කෝ විදේශ ගතවේ. එසේත් නොමැතිනම් සන්නාලි වෘත්තිය තොරාගනී. එකියක් අරාබිකරයේ වහල් සේවයේ යෙදෙන අතර ආරාබී පිරිමින්ට අමතරව වෙනත් රැකියා සදහා අරාබි කරයට පැමිනි උන්ගේ යහන්වල නිදි වදී. එවිට ගෙහිමියාට උරුම වූ ලිංගික උත්තේජනය වියැකී යයි.
දෙවනුව කියු සන්නාලි යුවතිය මහ මග රථ ධාවකයන්ගේ සුරතලිය වීමට අමතරව ආර්තිකය අහේනිය පියවා ගැනීමට හමුදාවට බැදුනු අයවලූන් සමගද යහන්ගත වේ. ඇයගේ හිමියාටත් පෙර කී සන්තෑසියම උදාවේ.
ඉහත කියු ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සම්බෝගයේ අතුරු ප්රථීපලයක් වශයෙන් ලැබුනා වූ දූ දැරියන් ඉහත කී තත්වයන් හමුවේ මහ මගට විසි වීම අනිවාර්ය වේ.
ඔවුන් අධ්‍යාපනයෙන් කෘෂ වේ. එකල්හි සමාජ අවබෝදය නැත. එකල් ඔවුනට සතර පෙරනිමිති ඔවුන්ගේ ජීවිතයම වේ. ඒවායේ අමුතුවෙන් කලකිරෙන්නට දෙයක් නොමැත. සසර දුක වෙනුවට ජීවත් වෙන මොහොතක් මොතක් පසා දුකම හිමිවේ. සිදෙන්නට ආදරය නැමැති බැම්මක් ඔවුන් අත්විද නොමැත. සමස්ථ සමාජයම ඔවුන්ට මාරයෝය. එබැවින් ඔවුන් සමාජයට මාරයෝය.
දැන් අන්තෝ ජඨා බහී ජටා ඇතුලත් ගැට පිටතත් ගැටම වේ. බැලු බැලු තැන ගැටම වේ. මේ ගැට ලිහන්නට නම් සැමට වින කරන්නා වූද.. සියළු ක්ලේෂයන්ට මං පෙත් විවර කරන්නා වූද.. මුදල විශමව ඛෙදී යන්නා වූ ක්‍රමවේදය පවත්වාගෙන යන්නා වූ යක්ෂ ප්‍රේත කුම්භාන්ඩයන් පරාජය කිරීම අනිවාර්ය ප්රමුඛ කාරනාව නොවන්නේද.. එවිට සැනසුම ලැබේ. සියළු දුක් නිවේ.
මමත් ගොඩක් ආසා සින්දුවක්,මුලු ජීවිතයම තියනවා ඇතුලෙ.
ReplyDeleteසංසාරේ හැටි 🤪 අනිච්ඡේ දුක්ඛේ
ReplyDelete