Pages

Could I Have This Kiss Forever

Saturday, January 31, 2015

නන්දා මාලනියගේ යමුනා නදිය ගීතයක් සමන් ජයනාත්ගේ බිසරු ලියන් මැද ගීතයත් ඇසා ඇති ලාංකීය ජනහදවත් වලට මේ ගීය අරුමයක් නොවේවා යැයි පතමි.
ප්‍රේමය වූ කලී හූදු මනෝරාජිකල මල මංගල්‍යක් නොවන බවත් එය සත්‍ය ලෙසම පෞද්ගලික ලිංගික ආලයක් බැව් මා කොතෙකුත් කියා ඇත.

ගැහැනුන් සහ පිරිමින් කොතෙකුත් රමණයේ යෙදෙති. 
පැන පැන යෙදෙති. බලෙන් යෙදෙති. කරන්නන් වලේ යෙදෙති. ඔහේ යෙදෙති. කරනවාට කරති. යුතුකමට යෙදෙති. වගකීමට යෙදෙති. නොකර බැරි කමට යෙදෙති. අවසානේ හොරෙන් යෙදෙති.

සැබෑ ලෙස නම් කාම සම්බෝගය යනු සොදුරු වෙහෙසකි.  අපුලක් නැත වේදනාවක් නැත.

පරෙවියන් ගුමු ගුමු ගාන්නේ පෙම්වතුන් සිපගන්නා නිසාවෙන්යැයි කියුතොත් එය යල්පැන යමින් පවතින පසුගාමී ගතානුගතික සමාජ සංස්කෘතික තුච්ඡ නින්දිත සාහිත්‍ය කියැවීමකි.
පරෙවියන්ට ගුමු ගුමු නද දීම සදහා පෙම්වතුන් සිප ගත යුතුයිය කියන්නේ නම් එය පෙරටුගාමී අගනා සාහිත්‍ය කියැවීමකි.
බැලු බැල්මට එය ලපටි සුරතල් කියැවීමක් යැයි පෙනෙනු ඇත.
හම් ලොම්වලින් වැසි තොල් රලු බොරලු වී. නිය යබර වී තිබූ මානවයා අද සුමුදු සියුමැලි තත්වයට පත්වී ඇත.

එහෙත් නිෂ්පාදන ක්‍රියාවලියට තාක්ෂණය මුහු වීමත් සමග පැන නැගි ආ දැවැන්ත නිෂ්පාදනය හමුවේ නිපන්නා වූ ප්‍රාග්ධන  ඒකාධිකාරය අතදැරූ යක්ෂ ප්‍රෙර්ත පිසාච කුම්භාන්ඩයන් මානව හදවත් රළු බොරලු බවට පත් කරන ලදී.
ලිංගික ආලයට මිලක් නියම කරන ලදී. ගැහැනුන් පිරිමි අතර සංස්කෘතික සම්භාදක පමනවන ලදී.
තමා ලිංගික කාර්ය කල යුත්තේ කුමන පංතියේ සහකාරයෙකු සමගද යන නීති පනවන ලදී.

සෑම ගැහැනියකටම අවේනික වූද ඇගේ  මන පිනවාන්නා වූද පෞර්ෂ ලක්ෂනයක් හෙබි පුරුෂයෙක් ඇත. එසේම පිරිමියෙකුට ආවේනික රැලි හසරැල් පිරුනාවූද ලාලිත්‍යයන් වලින් හෙබි වූද කාන්තා වක් ඇත. 

එය හුදු විකාර රූපී මනෝරාජික ආත්මීය බැදීම් සහිත ප්‍රේමයක් නොව රසායන බැදීම් මත පදනම් වූ ජාන ප්‍රවාහයන් සංවර්ධනය කිරීම පිනිස ඇතිවන්නාවු ස්වභාවික තත්වයකි.

නෙත්පුරා බලන්න ඔබ මා කැමති සියල්ල.
හැකියි මේ රාත්‍රිය බෙදාගන්න ඔබටත් මටත්
සිප ගැනීම අවසන් කරගන්න බැරිවෙයි අපට
අදුර බිදෙන තුරු.
මනරම් රාත්‍රිය අවසන් නොවේවා යැයි පැතුවාද
සුදු මැනික මගේ

කුමර කුමරියනි හෙට දින ඉපදීමට නියමිත ප්‍රේම පාරාදීය ගැබ් ගන්වනු පිනිස නොබියව ආදරනීයව රමණය කරන්න.

ආසා නිරාෂා මැවු ඈ සප්න මායවකී

Tuesday, January 27, 2015

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ.

පුරුෂ නෙතට ස්ත්‍රී රුව තරම් ප්‍රිය මනාප දර්ශණයක් නොමැත. ස්ත්‍රි නෙතට පුරුෂ රුව තරම් පුියමනාප දර්ශණයක් නොමැත.  මේ සත්‍ය සනාත කිරීමට කිිසිදු ධර්ම කාරනාවක් අවශ්‍ය නැතැයි බුදුන් වහන්සේ වදාල සේක.

අප වෙසෙන පංති සමාජයේ අප අනේක විද දුක් කම් කටොලු වලින් පීඩිතය. ධනය ඇත්තාටද ධනය නැත්තාටද එය එකසේමැයි. මානසික සංතෘප්තිය තකා අප බොහෝ දේ කරති.
නානා වූ සලුපිලි වෛවර්ණ විදුලි සැරසිලි. යාන වාහන සුවද විලවුන් මත් රසායනික හෝ අනේකවිද නිස්පාදනයන් ගෙන් අප සැනසීමට වෙර දරයි. එහෙත් කිසිදු සැනසීමක් කිසිදු සුවයක් පේන මානයකවත් නැත.
සමාජ සංස්කෘතික වහන්තරාවන් උනා දමා නග්නවූ ස්ත්‍රියකුත් පුරුෂයෙකුත් විදින්නා වූ පෞද්ගලික ලිංගික ආලය පෙරකී කිසිවකට දෙවනි වන්නේ නැත.
එය අතෘප්තකර නැත. අපුල නැත. මොහොතින් මොහොත තිත්තම වී යන්නේ නැත.
සිතුවිලි අලුත් වේ. ක්‍රිකාරකම් නැවුම් වේ. එය මේ සා විසාලැයිද මෙතැකැයිද කියා නිමකල නොහැක. එය අනන්තයි අප්‍රමාණයි.

මල කොතන පිපුනම මොකද.

Sunday, January 11, 2015



මල කොතැන පිපුනම මොකද
පිපුන වග මල දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

පංති සමාජයේ මූල බීජය පුද්ගලවාදයයි. පුද්ගලවාදය තහවුරු කරනු පිනිස කුටුම්බ සංරක්ෂණය අත්‍යවශ්‍ය කාරනයකි. කුටුම්භ සංරක්ෂනය උදෙසා විවහා සහතික, උප්පැන්න සහතික, මරණ සහතික වශයෙන් ධනපති යාන්ත්‍රණයට ඍජුව වගකිව යුතු ලිපි ලේඛණ ගනනාවක් ඇත. පුද්ගලවාදය යාවත්කාලීන කිරීමට නම් ධනය හිමි පිරිමියාගේ සුක්‍ර ධාතුවෙන්ම උපන් පුරුකකට තම වත්කම් බැරකල යුතුමය. පුද්ගලවාදී පංති සමාජයේ පැවැත්මේ පලමු අධියර පටන්ගන්නේ සුක්‍රානුවෙන් කීවාට කම් නැත.

ආදරය වූ කලී හුදු ඕපපාතික සිහිනද, මාලිගාද, මල්පෙතිද, සිහිල් සුලන්ද නොව සැබෑ ලෙසම පෞද්ගලික ලිංගික සංතෘප්තිය පිණිසම හටගන්නා වු පෞද්ගලික ලිංගික ආලයයි. එහි කිසිදු පුද්ගලවාදයක් නැත. කොටින්ම කියනවා නම් ද්වීඝඨනයේ ලිංගික ආකාරයයි. එය ස්වභාවිකයි සුගමයි. ප්‍රනීතයි.

එය ප්‍රනීත වන්නේ එකිනෙකා තුල හටගන්නාවු මානව සහ මානූෂීය බෑදිම්වල ගතික නම්‍යශීලී ප්‍රථිවිරෝධයන්ගේ ඒකත්වයක් ලෙසිනි.
එය මෙතෙකැයි මෙපමනයැයි පැහැදිලි කරන්නට කිසිදු භාෂාවක ශෛලියක් නොමැත.  දුෂ්‍ය රූප හෝ සබ්ද තරංග පරයා යන විෂ්මිත විභූෂිත මියුරසැකි.

ප්‍රිය ලදුනි මා හට ඔබගේ සිතැගි වැටහේ..

සද කොතැන දිලුනම මොකද
දිලෙන වග සද දන්නවා.
සද දන්නවා

නුබේ සෝභාවටද නුබේ ලතාවටද මා වසග වී ඇත.

ගග කොතැන ගැලුවාම මොකද
ගලන වග ගග දන්නවා

නුබේ ආදරය මනරම්ය. හදවත කකියන සුලුය.

විලෙහි ලස්සන තවත් විල් දියෙ මලුත් පිනොත් තමා.
දොලෙහි ලස්සන තවත් දොල දියේ පෙනත් නැගුනොත් තමා.

මා හදවත කම්පා කරන මේ ගී සිගිත්ත ගැන කියන්නට වදන් නොමැත.
ඔබගේ ආදරය මෙතැකැයිද. මේ සා විසාලයිද කියා තබන්නට මේ ගීය උදහාරන කොට ගතිමි.
මා ප්‍රිය ලදුනි.

ගායනය නිර්මානය.
දීපිකා ප්‍රියදර්ශනියනි, නදී නිසංසලාවනි.

තෙලුත් සිඳුණි නම් පහනේ තිරත් දැවිණි නම්

Saturday, August 30, 2014


තෙලුත් සිඳුණි නම් පහනේ
තිරත් දැවිණි නම්
කුමට තවත් දැල්වෙනු නුඹ
නිවී සැනහියන්...
දුකක් දුටුවෙ නම් ඉහළම
සැපක් දුටුවෙ නම් ඉහළම
සොයා තැවෙනු කිසිවක් තව
ලොවේ නොවුණි නම්
ඉතින් කුමට දැල්වෙනු තව
නිවී සැනහියන්...
පවත් හලෙහි නම් එලෙසට
පිනත් හලෙහි නම් එලෙසට
රැඳෙනු කුමක කිසිවක් තව
ලොවේ නොවුණි නම්
ඉතින් කුමට දැල්වෙනු තව
නිවී සැනහියන්...
ගී පද - කෞශල්‍යා රණසිංහ
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

ජීවන බරින් පෙලෙන, කාක්කන්ගේ ගොදුරු බවට පත්වෙන, බල්ලන් බලලුන්ගේ වසුරු මත ලගින තුන්වන ලෝකේ රටවල් වල මිනිසුන්ට සදහා කල්හිම ඇත්තේ දුක්ම පමනි. බිද වැටීම් අස්තාවර වීම්. පරජය වීම්, ජීවිතයට නියත දසාවකි.
සැපක් කියා දෙයක් ඇත්නම් ඒ විදින්නේ කීයෙන් කී දෙනාද.
අනෙක් සියල්ලන් මේ කුනු ගදගහන පොලොව මත රොඩුබොඩුම නොවේද ?.

මේ සියල්ලට මූලික වන්නේ එකෙක් මරා විනාශකර තූතු කරන සමාජ ක්‍රමයේ වරද නොවේද..  ජීවිතයට දිනපතා පතා එන ප්‍රශ්නවලට අප නොබියව මුහුණ දිය යුතු නොවේද.. ඒවා අභියෝග ලෙස බාරගෙන අලුත් පිම්මකින් ගමන් ඇරබිය යුතු නොවේද..
එසේ නොමැතිව පීඩාවෙන් හෙම්බත් වූ ගොනකු මෙන් මැරි වැටී වැතිර මස් ටිකක් මීනි කාක්කන්ට කන්නට දී සිත සනසා ගත යුතුද..
ලාංකීය සමාජය බුදු දහමින් පෝෂනය වූවා යෑයි බොහෝ දෙනා කියති. ඒ ගැන මහත් ප්‍රීතියෙන් වචන ගෝෂා කරති.

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි

Thursday, July 31, 2014


යසෝදරාවෝද සිදුහතුන්ද සංසාරයේ එකට සැරිසැරුහ. ජෙනිටා මාර්ක්ස්ට ලැබුනු සුන්දරතම ලලනාව විය.  යසෝදරාවෝද ජෙනිටාවෝද අගනා ගැහැනුන් විය.ගොවිකමෙහි නියැලෙන ගම්බද ගොවිපවුල් වල ගොවියාත් ගෙවිලියත් සංසාරයේ පතා ආ උන් ලෙසම වෙසෙයි. ඒ ඔවුන් මේ විකුනන විකිනෙන ප්‍රාථමික සමාජයට එබිකම් නොකරන බැවිනි. මෑත කාලීන ගෙවිලියෝ අරාබීන්ගේ තෙල සමනය කරලෑම සදහා ගුවන්ගත විය. ගොවියාටත් දරුවන්ටත් පූර්වේ කරුමයක් ඵලදී සංසාරයම එපා විය.
යසෝදරාවෝ සිදුහතුන්ට බුදුවන්නට අත්වැල විනි බැව් මොනවට පැහැදිවේ. දාස් කැපිටාල් ජෙනිටා නොඉන්නට නොලියවෙන්නට තිබින. බුදුන්ගේ අසුදෙදහසක් දර්මස්කන්දය ඉස්පර්ස වූ දන්තධාතුවට බැතුපුදන්ට ගොවි තරුණයෙකු ඈත ගම්මැද්දේ සිට එන්නේ තනියමය. ඒ එක්කන් එන්නට කෙනෙකු නැතිවීම නිසාය. ඔහු හා සමග එන්නට අද යසෝදරාවෝද ජෙනිටාවෝද නැත. ඇත්තේ අංගනාවෝය. ඔවුන්ද ගාමන්ට් පැක්ටරිවල මැසින් සමග පොරබදියි. තවත් සමහරුන් විච්චූරන සල්පිල් වල සේල් දමයි. තවත් එකියන් තදට හිරට ඇද අඹරී කස්ටමර්ලා සමග තොදොල් වන්නේ මුදලාලිලාට ලාබ උපයාදීමටය.පැලපත කිරිවදන්න ඔහුට සංසාරයක් ඇත. ඔහුට ඒ ගමනේ තනිවම යෑ නොහැක. දලදාව අභියස දෙපා නැමද ඔහු ඉල්ලා සිටින්නේ ඔහුගේ තනියට අඹුසිගිත්තක් ලබා දෙන ලෙසයි.සිටියා නම් මේ තත්වය හමුවේ බුදුන්ද අසරන වනු ඇත. එතුමන්ට නව දැලි හේනක වැදිරි රුව පා අනිත්‍ය මෙනෙහි කරන ලෙස අවවාද දීමට විනා අන් යමක් නැත.සිදුහතුන්ගේ තනිනොතනියට යසෝදරාවෝද මාර්ක්ස් ජෙනිටාවන්ගේ කෙහෙරැලි වලින් සැනසුනාහ.  එහෙත් මේ අසරන තරුණයාගේ දුක්බර සෝබර තතු කාට නම් පවසන්නද.......

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

ගී පද - සමුද්‍ර වෙත්තසිංහ 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

මගේ සෙනෙහස

Tuesday, March 25, 2014

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මනුසත් ලොවේ පිරිමින් ගැහැනුන්ට සෙහෙනහස දක්වති. ගැහැනුන්ද එසේමැයි. ඒ සෙහෙනහස වෙනුවෙන් ඔවුන් විවිද වූ කැපකිරීම් කරති.
එය වසර ගනනින් කරති. ඒ වසර ගනනට මිලක් ඇත. මිලක් නොමැතිව මේ මනුසත් ලොවේ පෙම්කල නොහැකියි. තරු වියන් යට අත් පටලා ඇවිදින්නට මුදල් අවශ්‍යය. මුදල් සොයන්නටනම් ශ්‍රමය වැගිරිය යුතුය.
ඒ සියලු කැපවීම් කර ඔවුහු එකිනෙකාට අවනත අයවලුන් බලාපොරොත්තු වෙයි.
කුමන වර්ගයේ කැපවීම් කලත් පෙම් කරන්නෝ වෙන්වෙති.
ඔවුන් පෙම් කර ඇත්තේ හදවතිනි. එය අධ්‍යාත්මික ප්‍රේමයක් යැයි ඔවුන් කියති. ගැහැනියකුත් පිරිමියෙකුත් තුල ඇත්තේ පෞද්ගලික ලිංගික ආලයකි. එය වෙනුවෙන් අත්වැල් පටලාගෙන තරුවියන් තුල ඇවිදීමෙන් පමනක් පලක් වන්නේ වන්නේ නැත. කොතෙකුත් මුල්‍යමය කැපවීමක් කලත් හරියන්නේ නැත.
කුසුම් පෙතිමත ඇවිදීමෙන් ප්‍රේමය අප්‍රසන්නම වීම සාමන්‍ය දෙයකි. කුසුම් පෙති මත පටලා සම්බෝගයේ යෙදුනේ නම් නම්, මිලින යන්නේ කුසුම්පෙති බව හැබෑව, එය එසේ විය යුතුය.
සම්බෝගයෙන් විකසිත වන බගමනිය නැමැති කුසුම ගැන අඹමල් රොනක තරම්වත් අවබෝධයක් නැති පෙම්වතෙකුට සැමදා උරුම වන්නේ අඩවැඩියාම පමණි.
ප්‍රේමය වූ කලී ආගමික අධ්‍යාත්මික කාලකන්නි විකෘතියක් නොවන අතර එය සැබැවින්ම පෞද්ගලික ලිංගික ආලයකි. ඒ සදහා දේපාර්ශවය කැපකිරීම් කල යුත්තේ තම තමන්ගේ ශරීරවලටය. ඒවා කුසුම් සුවදින් සුවදවත් කල යුතුය, රොන් වලින් අමන්දා න්නදයට පත් කල යුතුය.
දෑත් පටලා ඇවිදීම වෙනුවට දහඩිය මුගුරු වැගිරෙන ලෙස ක්‍රිඩා කල යුතුය. සෙම සෙටු පෙරා වැලපීම වෙනුවට දසන් විදහා සිනාසිය යුතුය.
මෙවැනි ගීත වලින් ප්‍රේමවන්තයා තවත් කාලකන්නියකු කර සියදිවි නසා ගැනීමට පොලබවයි.
මෙහි රචකයාටත් තනු නිර්මාපයකයාටත්, ගායකයාටත් සියදිවි හානිකරගැනීමට අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන නඩුපැවරිය යුතුය.

බණ කියන රටක්

Saturday, March 22, 2014

ලංකාව බෞද්ධ රාජ්‍යයකි චීනය සමාජවාදී රාජ්‍යයකි. තායිලන්තය බෞද්ධ රාජ්‍යයකි, කියුබාව සමාජවාදී රාජ්‍යයකි.
බෞද්ධ ඉගැන්වීමතුල ඇත්තේ ප්‍රථිපත්ති සමුදායක එකතුවෙන් ජනයින් හික්මීමකටකට ලක්කර සැමට සාධාරන වටපිටාවක් නිර්මාණය කිරීමයි.
සමාජවාදී ඉගැන්වීම තුල ඇත්තේ මුදල් සංසර්ණය සාධාරන ලෙස සකස්කොට ඒ තුලින් ජනතාව හික්මීමකට ලක්කර සැමට විමුක්තිය උදා වූ පිරිසරයක් නිර්මාණය කිරීමයි.
ලංකාව බෞද්ධ රාජ්‍යයකි එහෙත් දසත පැතිරෙන්නෙ දූෂන මිනිමැරුම් රැවටීම් සහ කොල්ල කෑම්ය.
තායිලන්තයද බෞද්ධ රටකි. එහෙ ප්‍රධාන ව්‍යපාරයන් වලින් එකක් වශයෙන් ගණිකා ව්‍යාපරය පවතී.
චීනය සමාජවාදී රාජ්‍යයකි එහි මිනීමැරුම් දූෂණ සත්ව හිංසාවන් වලින් පිරී පවතී, කියුබාව සමාජවාදී රාජ්‍යයකි. එහි ආර්ථික දියුනුව පහල මට්ටමක පවතී. එහෙත් මානව සංවර්ධනය ඉහල මට්ටමක පවතී.
මේ අතර ජපානය බෞද්ධ රාජ්‍යයකි. එහි ආර්ථික හා තාක්ෂනික දියනුව ඉහල මට්ටමක පවතී.

බණ කියූ පමනින් රටවල් සංවර්ධනය වන්නේ නැත.
බණ ඇසූ පමනින් සංවර්ධනය වන්නේද නැත.
කොයි බණත් එසේමැයි.
සමාජවාදී බණද බුදු බණද මා නම් කරන බණ වර්ගයට අදාල වේ.
බණ සමග ආර්ථික සමානත්මතාවයද තිබිය යුතුය.
ආර්ථික සමානත්මතාවය නොමැතිව බනෙන් ඇති වැඩක් වන්නේ නැත.
බණ නොමැතිව ආර්ථික සමානත්මතාවය සැකසූ පමනින් ඇති වැඩක් වන්නේද නැත.
බණ අණ සහ සමානත්මතාවය අතයවශ්‍ය කාරනාවකි.
එය රටකට පමනක් නොව පවුලකටද පොදු නීතියකි.
මිල මුදල් යහමින් අති පවුල් වල උදවිය පිස්සු කෙලින්නෙ බණ නැති කමෙනි.
මිල මුදල් නැති පවුල් වලට බණ තිත්තම වී ඇති.

තුන තිබිය යුතු තැන් වල තිබිය යුතු පිලිවෙලට තිබිය යුතුමය.
 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182