Pages

සංසාර ගමනේ තණ්හා ආශා

Sunday, January 26, 2014




සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

ස්වර්ණ ලොවට යන මග
ගිරි දුර්ඝ සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා
මග අවුරන්නේ

ආදරයේ බැමි සිඳිලා
පෑරුණු සිත සන්සිඳිලා
ස්වර්ණ ලොවට යන මග
මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ
එළිය පෙනෙන්නේ

සතර පෙර නිමිති දුටුවේ
සසර දුක නිසා
එතෙර විය හැකිය එගොඩට
මුනිඳු බණ අසා

සැනුසුම කොතනද චිත්‍රපටය වෙනුවෙන් ධර්මසිරි ගමගේ විසින් රචිත ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කල ඩබ්. ඩී. අමරදේවයන් විසින් ගායනය කල මේ ගීයෙන් අපිව පොලොබවන්නේ කුමකටදැයි විමසා බලමු.
බුදුන් වහන්සේගේ යැයි සැලකෙන ඉගැන්වීම අනුව ආත්මයක් ආත්මයක් පාසා දුක් දොම්නස් පොදි බැදගෙන අප පැමිනෙන්නේය. එතුමන් එය අවබෝධ කර ගත්තේ අහඹුවකින් සිය කාමබෝගී සැප සම්පත් පිරිනු මාලිගා ත්‍රිත්වයෙන් එලිබට මොහොතේ යැයි සැලවේ.
නිර්වානය වූ කලී ගිරි දුර්ගයකි. එයට යන මාවත අවුරාලන්නට ලිංගික ආලය බිහිසුනු වේෂයක් ගෙන වැට කඩොලූ තනා භාදා සිදුකරන්නේය.
දෙදෙනෙකු බැද තබාලූ ආලය නැමැති බැම්ම බිදුනු කල්හී සියළු අනිත්‍යයන් සිහි ගැන්වෙන බව ගීතයෙන් කියයි.

අප වෙසෙන සමාජයේ දෙදෙනෙකු අතර පවත්නාලු ලිංගික ආලය විටෙක විවාහයෙන් ස්තීර වේ. එසේ නොවීමටද පුලූවන. විවාහය නැමැති නීති රාමුවෙන් ස්තීර උවද බිදී යන අවස්ථා එමටය. ආරාම්භයේ බිදී යන අවස්තා සුලබය. ආරම්භයේදී බිදී යන්නේ ලිංගික ආලයට බලපෑම් කරන්නා වූ මාරයන් මේ සමජයේ ගහන වූ බැවිනි. පලමු මාරයා වන්නේ මුදලයි. ඒ මත ගොඩනැගුණු තවත් මාරයෝ ඇත. ඒවා අතර භාෂාව එක් මාරයෙකි, ආගම තවත් මාරයෙකි, ජාතිය තවත් මාරයෙකි, නෑදෑ සහ මාපිය රුචි අරුචිකම්ද මාරයෝය. අවිස්වාසය කේලාම් ඕපාදූපද මාරයෝය. මෙකී නොකී සියළු මාරයන් පරදා දෙදෙනෙකු සම්බෝගය සදහා විවාහය නැමැති අඩිතාලම දමාගත් කල්හීද ඉහත මාරයන් එලව එලවා පහර දීමට පටන් ගනී.
මුදල නැමැති ප්‍රබලම මාරයාගේ බලපෑම පටන් ගත් කල්හී බොහෝ ලදුන් එක්කෝ විදේශ ගතවේ. එසේත් නොමැතිනම් සන්නාලි වෘත්තිය තොරාගනී. එකියක් අරාබිකරයේ වහල් සේවයේ යෙදෙන අතර ආරාබී පිරිමින්ට අමතරව වෙනත් රැකියා සදහා අරාබි කරයට පැමිනි උන්ගේ යහන්වල නිදි වදී. එවිට ගෙහිමියාට උරුම වූ ලිංගික උත්තේජනය වියැකී යයි.
දෙවනුව කියු සන්නාලි යුවතිය මහ මග රථ ධාවකයන්ගේ සුරතලිය වීමට අමතරව ආර්තිකය අහේනිය පියවා ගැනීමට හමුදාවට බැදුනු අයවලූන් සමගද යහන්ගත වේ. ඇයගේ හිමියාටත් පෙර කී සන්තෑසියම උදාවේ.
ඉහත කියු ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සම්බෝගයේ අතුරු ප්‍රථීපලයක් වශයෙන් ලැබුනා වූ දූ දැරියන් ඉහත කී තත්වයන් හමුවේ මහ මගට විසි වීම අනිවාර්ය වේ.
ඔවුන් අධ්‍යාපනයෙන් කෘෂ වේ. එකල්හි සමාජ අවබෝදය නැත. එකල් ඔවුනට සතර පෙරනිමිති ඔවුන්ගේ ජීවිතයම වේ. ඒවායේ අමුතුවෙන් කලකිරෙන්නට දෙයක් නොමැත. සසර දුක වෙනුවට ජීවත් වෙන මොහොතක් මොතක් පසා දුකම හිමිවේ. සිදෙන්නට ආදරය නැමැති බැම්මක් ඔවුන් අත්විද නොමැත. සමස්ථ සමාජයම ඔවුන්ට මාරයෝය. එබැවින් ඔවුන් සමාජයට මාරයෝය.

දැන් අන්තෝ ජඨා බහී ජටා ඇතුලත් ගැට පිටතත් ගැටම වේ. බැලු බැලු තැන ගැටම වේ. මේ ගැට ලිහන්නට නම් සැමට වින කරන්නා වූද.. සියළු ක්ලේෂයන්ට මං පෙත් විවර කරන්නා වූද.. මුදල විශමව ඛෙදී යන්නා වූ ක්‍රමවේදය පවත්වාගෙන යන්නා වූ යක්ෂ ප්‍රේත කුම්භාන්ඩයන් පරාජය කිරීම අනිවාර්ය ප්‍රමුඛ කාරනාව නොවන්නේද.. එවිට සැනසුම ලැබේ. සියළු දුක් නිවේ.

සිහින හතක්

Saturday, December 7, 2013


අපි හමුවුනු මේ සා විසාල කාලයක් තුල ඔයා නැතුව හිටිය දවස් කිහිපය මට දැනුනේ කුරා කුහුඹියෙකුද නොමැති පාලු ග්‍රහලොවක හුදකලා වූවකු සේය.
ඔයා කවදාවත් සැප සම්පත් බලාපොරොත්තු උනේ නැහැ. ඔයාට ඕන උනේ කුලවත් බිරිදක් ලෙස ජීවත් වෙන්න බව මම දන්නවා. 
මටම ආදරය කරන ඔයාට මාගේ සියුම් වෙනස්වීමක් පවා තදින් දැනෙනවා. ඒ ඔයා මට පුදකරන නිකැලැල් ආදරයම බව කියන්නට වචන උවමනා නැත, ඔබගේ අවිහිංසක බැල්ම පමනක් ඇති.
එයම මා ඔබ හා බැද තබන්නට උනා. 

හිරු නොනැගෙවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ.

Tuesday, October 29, 2013

ඔබ චිත්‍රාවියක්ද, මම දීඝ ගාමිණීද නොවන බව, ඔබද මමද දනිමු. රජාධානියක් පුරා අපේ පෙම් කතන්දරය කියවුනාදැයි නොදැනිමි. එහෙත් අපි ආ ගිය තැන් මුලු  නගරයම දනී. ඒ දවස්වල සදාචාරය ශිෂ්ඨාචාරය සංස්කෘතිය ගැන අප දැන සිටියේ නැත. මගේ නොවුනත් දැන් නුඹ බිරිදකි. රටම දැක්ක අපේ ඉතිහාසය සංස්කෘතියෙන් ආරක්ෂා කරන්නට නුබේ හිමියා පේවී සිටී. නුඹද...
කුමාරි ඔය ඔය තරම් ඔහුට කීකුරු ඔහු නැති දා නුඹ අසරන වේ යැයි සිතන නිසාද, නුඹ වෙනුවෙන් මෙතෙක් කාලයක් තනිව ගතකරන මා අවිස්වාස නිසාද..
පෙන්වන්න කුමරිය මට නොපෙනෙන එක්ටමැම් මාලිගය.

රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ

Friday, October 25, 2013


මගේ රත්තරං තාත්තේ ඔයාට මගෙන් ගොඩාක් වැරදි උනා. ඇත්තට තාත්තේ මම එදා දැනගෙන හිටියේ නැහැ තාත්තා කෙනෙක් වෙන්න කොච්චර අමාරුද කියලා. තාත්තයි මා කොල මඩවනකොට හරක් ටික මට දීලා ඔයා යන්ට යනවා. එදා මට ගොඩාක් තරහා අවා. මුවින් නොබැන බැන්නා. ඒත් ඒ දවස්වල මගේ මල්ලිලා ගොඩාක් පුංචි බව මට වැටහෙන්නේ දැන්. මගේ අම්මාට චූටි මල්ලි වඩාගෙන මොකතු කරන්න බැරි බව මට තේරුනේ නැහැ. මගේ තාත්තේ එදා ඔයා ගීයේ අම්මට වැඩ ටික කරලා දෙන්න තමයි. ඔබ මගේ කරදඩු මහත් කරන්න මට දුන්න හැම බත් ඇටයක් ගානේ මම නුඹට ණයගැතියි මගේ තාත්තේ

ආගම විසින් කලාව කා දැමීම..

Friday, October 4, 2013


ඔහු රජයේ සේවකයෙකි. සෑම ගෑහැනියක් මෙන්ම ඔහුගේ බිරිදත්, ඇගේ ගත අලංකාර කර ගැනීම සදහා ආභරන ආයිත්තම් ඉල්ලා සිටි. ඔහු එවිට ගෙදරට හොරු පනින නිසා ඒවා ගත නොහැකි බව විහිලුවෙන් පවසා ඇය සනසා ලයි.
එහෙත් සැබෑව එය නොවේ. ලැබෙන සොච්චම් වැටුප ඔහුගේ දරු පවුල ජීවත් කරවීමටවත් නොහැකිය. පඩිය ලැබන දවසට ණය තුරුස් වලටම පඩිය දියවී යයි.
සෑම ගැහැනියක් සේම ඔහුට ලැබෙන වේතනය ගැන ප්‍රශ්ණ කරයි. ඒ ඔහු පිලිබදව ඇති අවිස්වාසයකට නොව. විද දරාගත නොහැකි දුක් කම් කටොලු හේතුවනි. ඔහු බොරු කියනවා කියමින් ඇය අඩදඹර කරයි. එහෙත් ඇයගේ අවිහිංසක කම සහ ඔහුට තියෙන ආදරය නිසාම,  ඔවුන් සමගියෙන් කාලය ගෙවයි. ඔහු එය ඉතා හොදින් දනී.
ඔහුගේ හදවත ඇයගෙ දයාබරත්වය හමුවේ සලිතවේ. ඇයට සැප සම්පත් ලබාදීමට නොහැකිවීම ගැන ඔහු සොවින් තැවේ.
මෙතැන් පටන් ගීතය කුණුහරුප කීමට පටන් ගනී.
ඔවුන්ගේ පවුලට උදා වී ඇති දුක්ඛිත තත්වයට හේතුව මේ එකිනෙකා සුරාගෙන කන මුදලාලිගේ සමාජයයි.
ඒ මුදලාලිලාගේ සමාජය පෙරලා දමා සර්ව සාධාරන මධ්‍යගත කම්කරු පංති සමාජවාදී සමාජයක් ගොඩ නගා ඔවුන්ගේ දුක්ඛිත බවට පිලියම් යෙදීමට ඔහුට කොන්දක් නැත. එය තම බිරිදට කියාදෙන්න තරම්වත් ඔහුට දැනුමක් නැත. ඒ වෙනුවට ඔහු තම බිරිදට කියන්නේ ආගමෙන් උන්ගවන මතු ජාති ජාති සැප සම්පත් ලබා ගන්නා ලෙසය.
මෙවැනි පිරිමි භාග ආගම විසන් මේ විකුණන විකිනෙන සමාජය විසින් වෙත නිර්මාණය කර ඇති බව නුඹලාට නොතේරෙන්නේ මන්ද. ආගම නුඹලාගේ කොන්ද බිදීමට පාවිච්චි කරනවා නොවේද. ධනපති කලාව නුඹලාව ඔල් මොරොන්දම් කරනවා නොවේද.

ආගම විසින් මෙම අගනා පද කිහිපය හා ගී තනුව දූෂණය කර ඇත.
https://www.facebook.com/jith.rathnayaka 0714470988

බලා ඉන්නම් සත්දිනක් උව මා..

Wednesday, March 13, 2013

මම දන්නවා කොච්චර බලා හිටියත් ඔයා එන්නෑ කියලා. ඔයා මට දැනුනා මම ඉක්මන් උනා. ඒක වැරද්දක්ද. මට තේරෙන්නෑ. මට දැනුන කෙනා හිතන්නේ නැති මොහොතක එකපාරටම මට ලැබුනාම මම ඉක්මන් වෙන එක අහන්නත් දෙයක්ද ?..  

සරා දේ සිනා සේලේ..

Sunday, December 30, 2012


අපේ අතීය මිහිදුම් සිහිනයක් මැයි..  කිසිදු වලාකුලක් නොමැතිව සරත් සමයේ අහසේ පායන්නා වු සරා සද යැයි මා ඔබට කියන්නේ කෙසේද, එසේ නැතිනම් සරාගී සදක් යැයි කියන්නට තරම් මා පොහොසත් නැත. ඔබ මාගේ පැරනි පෙම්වතියයි..  ඔබ මා අතර නැත. ගිලිහි ගියේ මගේ සිනහවයි.. සේලය තවම ඔබ අතයි. දැන් මා හිම යායක තනිවී. මගේ මුලු සර්වංගයන්ම ගල්වී ඇත. ඒ වේදනාව මගේ හදවත පුරා රිදුම් දෙයි.
 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182