Pages

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි

Thursday, July 31, 2014


යසෝදරාවෝද සිදුහතුන්ද සංසාරයේ එකට සැරිසැරුහ. ජෙනිටා මාර්ක්ස්ට ලැබුනු සුන්දරතම ලලනාව විය.  යසෝදරාවෝද ජෙනිටාවෝද අගනා ගැහැනුන් විය.ගොවිකමෙහි නියැලෙන ගම්බද ගොවිපවුල් වල ගොවියාත් ගෙවිලියත් සංසාරයේ පතා ආ උන් ලෙසම වෙසෙයි. ඒ ඔවුන් මේ විකුනන විකිනෙන ප්‍රාථමික සමාජයට එබිකම් නොකරන බැවිනි. මෑත කාලීන ගෙවිලියෝ අරාබීන්ගේ තෙල සමනය කරලෑම සදහා ගුවන්ගත විය. ගොවියාටත් දරුවන්ටත් පූර්වේ කරුමයක් ඵලදී සංසාරයම එපා විය.
යසෝදරාවෝ සිදුහතුන්ට බුදුවන්නට අත්වැල විනි බැව් මොනවට පැහැදිවේ. දාස් කැපිටාල් ජෙනිටා නොඉන්නට නොලියවෙන්නට තිබින. බුදුන්ගේ අසුදෙදහසක් දර්මස්කන්දය ඉස්පර්ස වූ දන්තධාතුවට බැතුපුදන්ට ගොවි තරුණයෙකු ඈත ගම්මැද්දේ සිට එන්නේ තනියමය. ඒ එක්කන් එන්නට කෙනෙකු නැතිවීම නිසාය. ඔහු හා සමග එන්නට අද යසෝදරාවෝද ජෙනිටාවෝද නැත. ඇත්තේ අංගනාවෝය. ඔවුන්ද ගාමන්ට් පැක්ටරිවල මැසින් සමග පොරබදියි. තවත් සමහරුන් විච්චූරන සල්පිල් වල සේල් දමයි. තවත් එකියන් තදට හිරට ඇද අඹරී කස්ටමර්ලා සමග තොදොල් වන්නේ මුදලාලිලාට ලාබ උපයාදීමටය.පැලපත කිරිවදන්න ඔහුට සංසාරයක් ඇත. ඔහුට ඒ ගමනේ තනිවම යෑ නොහැක. දලදාව අභියස දෙපා නැමද ඔහු ඉල්ලා සිටින්නේ ඔහුගේ තනියට අඹුසිගිත්තක් ලබා දෙන ලෙසයි.සිටියා නම් මේ තත්වය හමුවේ බුදුන්ද අසරන වනු ඇත. එතුමන්ට නව දැලි හේනක වැදිරි රුව පා අනිත්‍ය මෙනෙහි කරන ලෙස අවවාද දීමට විනා අන් යමක් නැත.සිදුහතුන්ගේ තනිනොතනියට යසෝදරාවෝද මාර්ක්ස් ජෙනිටාවන්ගේ කෙහෙරැලි වලින් සැනසුනාහ.  එහෙත් මේ අසරන තරුණයාගේ දුක්බර සෝබර තතු කාට නම් පවසන්නද.......

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

ගී පද - සමුද්‍ර වෙත්තසිංහ 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

මගේ සෙනෙහස

Tuesday, March 25, 2014

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මනුසත් ලොවේ පිරිමින් ගැහැනුන්ට සෙහෙනහස දක්වති. ගැහැනුන්ද එසේමැයි. ඒ සෙහෙනහස වෙනුවෙන් ඔවුන් විවිද වූ කැපකිරීම් කරති.
එය වසර ගනනින් කරති. ඒ වසර ගනනට මිලක් ඇත. මිලක් නොමැතිව මේ මනුසත් ලොවේ පෙම්කල නොහැකියි. තරු වියන් යට අත් පටලා ඇවිදින්නට මුදල් අවශ්‍යය. මුදල් සොයන්නටනම් ශ්‍රමය වැගිරිය යුතුය.
ඒ සියලු කැපවීම් කර ඔවුහු එකිනෙකාට අවනත අයවලුන් බලාපොරොත්තු වෙයි.
කුමන වර්ගයේ කැපවීම් කලත් පෙම් කරන්නෝ වෙන්වෙති.
ඔවුන් පෙම් කර ඇත්තේ හදවතිනි. එය අධ්‍යාත්මික ප්‍රේමයක් යැයි ඔවුන් කියති. ගැහැනියකුත් පිරිමියෙකුත් තුල ඇත්තේ පෞද්ගලික ලිංගික ආලයකි. එය වෙනුවෙන් අත්වැල් පටලාගෙන තරුවියන් තුල ඇවිදීමෙන් පමනක් පලක් වන්නේ වන්නේ නැත. කොතෙකුත් මුල්‍යමය කැපවීමක් කලත් හරියන්නේ නැත.
කුසුම් පෙතිමත ඇවිදීමෙන් ප්‍රේමය අප්‍රසන්නම වීම සාමන්‍ය දෙයකි. කුසුම් පෙති මත පටලා සම්බෝගයේ යෙදුනේ නම් නම්, මිලින යන්නේ කුසුම්පෙති බව හැබෑව, එය එසේ විය යුතුය.
සම්බෝගයෙන් විකසිත වන බගමනිය නැමැති කුසුම ගැන අඹමල් රොනක තරම්වත් අවබෝධයක් නැති පෙම්වතෙකුට සැමදා උරුම වන්නේ අඩවැඩියාම පමණි.
ප්‍රේමය වූ කලී ආගමික අධ්‍යාත්මික කාලකන්නි විකෘතියක් නොවන අතර එය සැබැවින්ම පෞද්ගලික ලිංගික ආලයකි. ඒ සදහා දේපාර්ශවය කැපකිරීම් කල යුත්තේ තම තමන්ගේ ශරීරවලටය. ඒවා කුසුම් සුවදින් සුවදවත් කල යුතුය, රොන් වලින් අමන්දා න්නදයට පත් කල යුතුය.
දෑත් පටලා ඇවිදීම වෙනුවට දහඩිය මුගුරු වැගිරෙන ලෙස ක්‍රිඩා කල යුතුය. සෙම සෙටු පෙරා වැලපීම වෙනුවට දසන් විදහා සිනාසිය යුතුය.
මෙවැනි ගීත වලින් ප්‍රේමවන්තයා තවත් කාලකන්නියකු කර සියදිවි නසා ගැනීමට පොලබවයි.
මෙහි රචකයාටත් තනු නිර්මාපයකයාටත්, ගායකයාටත් සියදිවි හානිකරගැනීමට අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන නඩුපැවරිය යුතුය.

බණ කියන රටක්

Saturday, March 22, 2014

ලංකාව බෞද්ධ රාජ්‍යයකි චීනය සමාජවාදී රාජ්‍යයකි. තායිලන්තය බෞද්ධ රාජ්‍යයකි, කියුබාව සමාජවාදී රාජ්‍යයකි.
බෞද්ධ ඉගැන්වීමතුල ඇත්තේ ප්‍රථිපත්ති සමුදායක එකතුවෙන් ජනයින් හික්මීමකටකට ලක්කර සැමට සාධාරන වටපිටාවක් නිර්මාණය කිරීමයි.
සමාජවාදී ඉගැන්වීම තුල ඇත්තේ මුදල් සංසර්ණය සාධාරන ලෙස සකස්කොට ඒ තුලින් ජනතාව හික්මීමකට ලක්කර සැමට විමුක්තිය උදා වූ පිරිසරයක් නිර්මාණය කිරීමයි.
ලංකාව බෞද්ධ රාජ්‍යයකි එහෙත් දසත පැතිරෙන්නෙ දූෂන මිනිමැරුම් රැවටීම් සහ කොල්ල කෑම්ය.
තායිලන්තයද බෞද්ධ රටකි. එහෙ ප්‍රධාන ව්‍යපාරයන් වලින් එකක් වශයෙන් ගණිකා ව්‍යාපරය පවතී.
චීනය සමාජවාදී රාජ්‍යයකි එහි මිනීමැරුම් දූෂණ සත්ව හිංසාවන් වලින් පිරී පවතී, කියුබාව සමාජවාදී රාජ්‍යයකි. එහි ආර්ථික දියුනුව පහල මට්ටමක පවතී. එහෙත් මානව සංවර්ධනය ඉහල මට්ටමක පවතී.
මේ අතර ජපානය බෞද්ධ රාජ්‍යයකි. එහි ආර්ථික හා තාක්ෂනික දියනුව ඉහල මට්ටමක පවතී.

බණ කියූ පමනින් රටවල් සංවර්ධනය වන්නේ නැත.
බණ ඇසූ පමනින් සංවර්ධනය වන්නේද නැත.
කොයි බණත් එසේමැයි.
සමාජවාදී බණද බුදු බණද මා නම් කරන බණ වර්ගයට අදාල වේ.
බණ සමග ආර්ථික සමානත්මතාවයද තිබිය යුතුය.
ආර්ථික සමානත්මතාවය නොමැතිව බනෙන් ඇති වැඩක් වන්නේ නැත.
බණ නොමැතිව ආර්ථික සමානත්මතාවය සැකසූ පමනින් ඇති වැඩක් වන්නේද නැත.
බණ අණ සහ සමානත්මතාවය අතයවශ්‍ය කාරනාවකි.
එය රටකට පමනක් නොව පවුලකටද පොදු නීතියකි.
මිල මුදල් යහමින් අති පවුල් වල උදවිය පිස්සු කෙලින්නෙ බණ නැති කමෙනි.
මිල මුදල් නැති පවුල් වලට බණ තිත්තම වී ඇති.

තුන තිබිය යුතු තැන් වල තිබිය යුතු පිලිවෙලට තිබිය යුතුමය.

සංසාර ගමනේ තණ්හා ආශා

Sunday, January 26, 2014




සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

ස්වර්ණ ලොවට යන මග
ගිරි දුර්ඝ සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා
මග අවුරන්නේ

ආදරයේ බැමි සිඳිලා
පෑරුණු සිත සන්සිඳිලා
ස්වර්ණ ලොවට යන මග
මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ
එළිය පෙනෙන්නේ

සතර පෙර නිමිති දුටුවේ
සසර දුක නිසා
එතෙර විය හැකිය එගොඩට
මුනිඳු බණ අසා

සැනුසුම කොතනද චිත්‍රපටය වෙනුවෙන් ධර්මසිරි ගමගේ විසින් රචිත ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කල ඩබ්. ඩී. අමරදේවයන් විසින් ගායනය කල මේ ගීයෙන් අපිව පොලොබවන්නේ කුමකටදැයි විමසා බලමු.
බුදුන් වහන්සේගේ යැයි සැලකෙන ඉගැන්වීම අනුව ආත්මයක් ආත්මයක් පාසා දුක් දොම්නස් පොදි බැදගෙන අප පැමිනෙන්නේය. එතුමන් එය අවබෝධ කර ගත්තේ අහඹුවකින් සිය කාමබෝගී සැප සම්පත් පිරිනු මාලිගා ත්‍රිත්වයෙන් එලිබට මොහොතේ යැයි සැලවේ.
නිර්වානය වූ කලී ගිරි දුර්ගයකි. එයට යන මාවත අවුරාලන්නට ලිංගික ආලය බිහිසුනු වේෂයක් ගෙන වැට කඩොලූ තනා භාදා සිදුකරන්නේය.
දෙදෙනෙකු බැද තබාලූ ආලය නැමැති බැම්ම බිදුනු කල්හී සියළු අනිත්‍යයන් සිහි ගැන්වෙන බව ගීතයෙන් කියයි.

අප වෙසෙන සමාජයේ දෙදෙනෙකු අතර පවත්නාලු ලිංගික ආලය විටෙක විවාහයෙන් ස්තීර වේ. එසේ නොවීමටද පුලූවන. විවාහය නැමැති නීති රාමුවෙන් ස්තීර උවද බිදී යන අවස්ථා එමටය. ආරාම්භයේ බිදී යන අවස්තා සුලබය. ආරම්භයේදී බිදී යන්නේ ලිංගික ආලයට බලපෑම් කරන්නා වූ මාරයන් මේ සමජයේ ගහන වූ බැවිනි. පලමු මාරයා වන්නේ මුදලයි. ඒ මත ගොඩනැගුණු තවත් මාරයෝ ඇත. ඒවා අතර භාෂාව එක් මාරයෙකි, ආගම තවත් මාරයෙකි, ජාතිය තවත් මාරයෙකි, නෑදෑ සහ මාපිය රුචි අරුචිකම්ද මාරයෝය. අවිස්වාසය කේලාම් ඕපාදූපද මාරයෝය. මෙකී නොකී සියළු මාරයන් පරදා දෙදෙනෙකු සම්බෝගය සදහා විවාහය නැමැති අඩිතාලම දමාගත් කල්හීද ඉහත මාරයන් එලව එලවා පහර දීමට පටන් ගනී.
මුදල නැමැති ප්‍රබලම මාරයාගේ බලපෑම පටන් ගත් කල්හී බොහෝ ලදුන් එක්කෝ විදේශ ගතවේ. එසේත් නොමැතිනම් සන්නාලි වෘත්තිය තොරාගනී. එකියක් අරාබිකරයේ වහල් සේවයේ යෙදෙන අතර ආරාබී පිරිමින්ට අමතරව වෙනත් රැකියා සදහා අරාබි කරයට පැමිනි උන්ගේ යහන්වල නිදි වදී. එවිට ගෙහිමියාට උරුම වූ ලිංගික උත්තේජනය වියැකී යයි.
දෙවනුව කියු සන්නාලි යුවතිය මහ මග රථ ධාවකයන්ගේ සුරතලිය වීමට අමතරව ආර්තිකය අහේනිය පියවා ගැනීමට හමුදාවට බැදුනු අයවලූන් සමගද යහන්ගත වේ. ඇයගේ හිමියාටත් පෙර කී සන්තෑසියම උදාවේ.
ඉහත කියු ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සම්බෝගයේ අතුරු ප්‍රථීපලයක් වශයෙන් ලැබුනා වූ දූ දැරියන් ඉහත කී තත්වයන් හමුවේ මහ මගට විසි වීම අනිවාර්ය වේ.
ඔවුන් අධ්‍යාපනයෙන් කෘෂ වේ. එකල්හි සමාජ අවබෝදය නැත. එකල් ඔවුනට සතර පෙරනිමිති ඔවුන්ගේ ජීවිතයම වේ. ඒවායේ අමුතුවෙන් කලකිරෙන්නට දෙයක් නොමැත. සසර දුක වෙනුවට ජීවත් වෙන මොහොතක් මොතක් පසා දුකම හිමිවේ. සිදෙන්නට ආදරය නැමැති බැම්මක් ඔවුන් අත්විද නොමැත. සමස්ථ සමාජයම ඔවුන්ට මාරයෝය. එබැවින් ඔවුන් සමාජයට මාරයෝය.

දැන් අන්තෝ ජඨා බහී ජටා ඇතුලත් ගැට පිටතත් ගැටම වේ. බැලු බැලු තැන ගැටම වේ. මේ ගැට ලිහන්නට නම් සැමට වින කරන්නා වූද.. සියළු ක්ලේෂයන්ට මං පෙත් විවර කරන්නා වූද.. මුදල විශමව ඛෙදී යන්නා වූ ක්‍රමවේදය පවත්වාගෙන යන්නා වූ යක්ෂ ප්‍රේත කුම්භාන්ඩයන් පරාජය කිරීම අනිවාර්ය ප්‍රමුඛ කාරනාව නොවන්නේද.. එවිට සැනසුම ලැබේ. සියළු දුක් නිවේ.

සිහින හතක්

Saturday, December 7, 2013


අපි හමුවුනු මේ සා විසාල කාලයක් තුල ඔයා නැතුව හිටිය දවස් කිහිපය මට දැනුනේ කුරා කුහුඹියෙකුද නොමැති පාලු ග්‍රහලොවක හුදකලා වූවකු සේය.
ඔයා කවදාවත් සැප සම්පත් බලාපොරොත්තු උනේ නැහැ. ඔයාට ඕන උනේ කුලවත් බිරිදක් ලෙස ජීවත් වෙන්න බව මම දන්නවා. 
මටම ආදරය කරන ඔයාට මාගේ සියුම් වෙනස්වීමක් පවා තදින් දැනෙනවා. ඒ ඔයා මට පුදකරන නිකැලැල් ආදරයම බව කියන්නට වචන උවමනා නැත, ඔබගේ අවිහිංසක බැල්ම පමනක් ඇති.
එයම මා ඔබ හා බැද තබන්නට උනා. 

හිරු නොනැගෙවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ.

Tuesday, October 29, 2013

ඔබ චිත්‍රාවියක්ද, මම දීඝ ගාමිණීද නොවන බව, ඔබද මමද දනිමු. රජාධානියක් පුරා අපේ පෙම් කතන්දරය කියවුනාදැයි නොදැනිමි. එහෙත් අපි ආ ගිය තැන් මුලු  නගරයම දනී. ඒ දවස්වල සදාචාරය ශිෂ්ඨාචාරය සංස්කෘතිය ගැන අප දැන සිටියේ නැත. මගේ නොවුනත් දැන් නුඹ බිරිදකි. රටම දැක්ක අපේ ඉතිහාසය සංස්කෘතියෙන් ආරක්ෂා කරන්නට නුබේ හිමියා පේවී සිටී. නුඹද...
කුමාරි ඔය ඔය තරම් ඔහුට කීකුරු ඔහු නැති දා නුඹ අසරන වේ යැයි සිතන නිසාද, නුඹ වෙනුවෙන් මෙතෙක් කාලයක් තනිව ගතකරන මා අවිස්වාස නිසාද..
පෙන්වන්න කුමරිය මට නොපෙනෙන එක්ටමැම් මාලිගය.

රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ

Friday, October 25, 2013


මගේ රත්තරං තාත්තේ ඔයාට මගෙන් ගොඩාක් වැරදි උනා. ඇත්තට තාත්තේ මම එදා දැනගෙන හිටියේ නැහැ තාත්තා කෙනෙක් වෙන්න කොච්චර අමාරුද කියලා. තාත්තයි මා කොල මඩවනකොට හරක් ටික මට දීලා ඔයා යන්ට යනවා. එදා මට ගොඩාක් තරහා අවා. මුවින් නොබැන බැන්නා. ඒත් ඒ දවස්වල මගේ මල්ලිලා ගොඩාක් පුංචි බව මට වැටහෙන්නේ දැන්. මගේ අම්මාට චූටි මල්ලි වඩාගෙන මොකතු කරන්න බැරි බව මට තේරුනේ නැහැ. මගේ තාත්තේ එදා ඔයා ගීයේ අම්මට වැඩ ටික කරලා දෙන්න තමයි. ඔබ මගේ කරදඩු මහත් කරන්න මට දුන්න හැම බත් ඇටයක් ගානේ මම නුඹට ණයගැතියි මගේ තාත්තේ
 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182