මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මනුසත් ලොවේ පිරිමින් ගැහැනුන්ට සෙහෙනහස දක්වති. ගැහැනුන්ද එසේමැයි. ඒ සෙහෙනහස වෙනුවෙන් ඔවුන් විවිද වූ කැපකිරීම් කරති.
එය වසර ගනනින් කරති. ඒ වසර ගනනට මිලක් ඇත. මිලක් නොමැතිව මේ මනුසත් ලොවේ පෙම්කල නොහැකියි. තරු වියන් යට අත් පටලා ඇවිදින්නට මුදල් අවශ්‍යය. මුදල් සොයන්නටනම් ශ්‍රමය වැගිරිය යුතුය.
ඒ සියලු කැපවීම් කර ඔවුහු එකිනෙකාට අවනත අයවලුන් බලාපොරොත්තු වෙයි.
කුමන වර්ගයේ කැපවීම් කලත් පෙම් කරන්නෝ වෙන්වෙති.
ඔවුන් පෙම් කර ඇත්තේ හදවතිනි. එය අධ්‍යාත්මික ප්‍රේමයක් යැයි ඔවුන් කියති. ගැහැනියකුත් පිරිමියෙකුත් තුල ඇත්තේ පෞද්ගලික ලිංගික ආලයකි. එය වෙනුවෙන් අත්වැල් පටලාගෙන තරුවියන් තුල ඇවිදීමෙන් පමනක් පලක් වන්නේ වන්නේ නැත. කොතෙකුත් මුල්‍යමය කැපවීමක් කලත් හරියන්නේ නැත.
කුසුම් පෙතිමත ඇවිදීමෙන් ප්‍රේමය අප්‍රසන්නම වීම සාමන්‍ය දෙයකි. කුසුම් පෙති මත පටලා සම්බෝගයේ යෙදුනේ නම් නම්, මිලින යන්නේ කුසුම්පෙති බව හැබෑව, එය එසේ විය යුතුය.
සම්බෝගයෙන් විකසිත වන බගමනිය නැමැති කුසුම ගැන අඹමල් රොනක තරම්වත් අවබෝධයක් නැති පෙම්වතෙකුට සැමදා උරුම වන්නේ අඩවැඩියාම පමණි.
ප්‍රේමය වූ කලී ආගමික අධ්‍යාත්මික කාලකන්නි විකෘතියක් නොවන අතර එය සැබැවින්ම පෞද්ගලික ලිංගික ආලයකි. ඒ සදහා දේපාර්ශවය කැපකිරීම් කල යුත්තේ තම තමන්ගේ ශරීරවලටය. ඒවා කුසුම් සුවදින් සුවදවත් කල යුතුය, රොන් වලින් අමන්දා න්නදයට පත් කල යුතුය.
දෑත් පටලා ඇවිදීම වෙනුවට දහඩිය මුගුරු වැගිරෙන ලෙස ක්‍රිඩා කල යුතුය. සෙම සෙටු පෙරා වැලපීම වෙනුවට දසන් විදහා සිනාසිය යුතුය.
මෙවැනි ගීත වලින් ප්‍රේමවන්තයා තවත් කාලකන්නියකු කර සියදිවි නසා ගැනීමට පොලබවයි.
මෙහි රචකයාටත් තනු නිර්මාපයකයාටත්, ගායකයාටත් සියදිවි හානිකරගැනීමට අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන නඩුපැවරිය යුතුය.