Pages

දුවේ උඹ හිටියානම්

Friday, May 19, 2017




ඈත අහසේ තරුව නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ
හමන සුලගේ සිසිල නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ.

හිරු නැගෙන උදයේ පැතුම නුඹවේ
දිවිතුරා  නුඹ මගෙම වේ.
සද වඩින අහසේ දිලෙන තරුවේ
නුඹයි මගේ  දූ රත්තරනේ

උඹ නැතත් මගේ ලග ඇතත් මගේ ලග
මගේ දුවේ උඹ මගෙමනේ --//
ඈත අහසේ තරුව නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ
හමන සුලගේ සිසිල නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ.

දිනෙක ලොකු වී මගේ පුතේ
මා බලන්නට එන්න පුතේ
බලා ඉන්නෙමි රත්තරනේ
අප්පච්චිට පාලුයි  මගේ පුතේ

උඹ නැතත් මගේ ලග ඇතත් මගේ ලග
මගේ දුවේ උඹ මගෙමනේ --
ඈත අහසේ තරුව නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ

හමන සුලගේ සිසිල නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ.

අම්මා උබේ අද මගේ නොවේ
මට නැතත් ඇය ඔබෙමනේ
අපේ වස්තුව නුඹම වේ
හොදින් හැදියං මගේ දුවේ

උඹ නැතත් මගේ ලග ඇතත් මගේ ලග
මගේ දුවේ උඹ මගෙමනේ --
ඈත අහසේ තරුව නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ

හමන සුලගේ සිසිල නුඹ වේ
පුංචි මගේ දූ රත්තරනේ.

පද රචනය ජිත් රත්නායක



සද හිනැහෙන රාත්‍රියක

Saturday, October 8, 2016


අවුරුදු හයකට පස්සේ ආයෙත් ඔයා මගේ ලගට ආවා....  ආයේ නම් අතහරින්නේ නැහැ..

ලා සද එලියේ

Monday, June 27, 2016


තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,

Thursday, January 14, 2016


පට්ට කෙබර ඇදබාන ගීත අතර අඩි ගැලවෙන්න ඇත්තම කියන ගීතයකින් මම ඔබ වරනගමි මන්දාකිණියේ.
ගැහැනුන් පිරිමින් අතර ඇත්තේ සත්‍ය වශයෙන්ම ලිංගික ආලයකි. මොන වර්ගයේ නරි කේජූ කෑලි ටෝක් දුන්නත් සත්‍ය එයමයි.
සද මෝදුවත්මත් සියොලගම සිහිල්වීම අනිවාර්යකි. ඒ හිරුගේ රශ්මිය ඍජුව නොලැබෙන බැවිනි. මද සිසිලක් තිබීම හේතුවෙන් සියළු ඉන්ද්‍රියන් ප්‍රාණවත් කරයි. ඒ හදවත් විසින් වේගවත්ව රුධිරය සර්වාංගය කරා විහිදුවන බැවිනි. එහෙත් ශරීරයට ලැබිය යුතු නියම උනුසුම නොලැබේ. සම්බෝගය සදහා මෙය සුදුසුම පරිසරයකි.
පිරිමි නෙත වඩාත් ඇලුම් කරන්නේ ස්ත්‍රී රූ සපුවකටයි. ස්ත්‍රී නෙත වඩාත් ඇලුම් කරන්නේ පිරිමි රුවකටයි. මෙය විග්‍ර‍හ කිරීම සදහා කිසිදු ධර්මයක් නැතැයි බුදුන් වහන්සේ පවා වදාලා ඇත.
නේක වර්ණ කුංකුම තැවරු අභිසුරුලියකටත් වඩා නග්න ඔබට ආවේනික වූ රාගික ස්වරය, බැල්ම හමුවේ මා ඔබ දෙසට ඇදී ඒම කෙලෙසකනම් වලකා ලන්නද.
තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,
රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
හිමකර සෙවණේ එකහීනේ,
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,
විපුලිත ලැම රණ හංස තුඩට කිම,
දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
මගේ සරාගී සෝතාපා,
නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....
මගේ ප්‍රියතම ක්‍රීඩාව ලිංගික ක්‍රීඩාවයි. මවෝ සේතුන් කියයි. මාඹ් මගේද එයමැයි.
මගේ වචන වලින් මේසා විසාල මේ සා මනරම් හැගීමක් කෙසේ නම් තු තූ කරන්නද..
මන්දාකිනියේ නුඹ සතපමි නාවා අමරති රණ ලොලේ..

ප්‍රිය හිමියනී මගේ...

Sunday, January 10, 2016

මනුස්ස සමාජය පවතින තාක්, ලිංග බේදය පවතින තාක්, පිරිමියෙකුට කාන්තාවකගේ සෙනෙහසත්, කාන්තාවකට පිරිමියෙකුගේ රැකවර්ණයත් අත්‍යවශ්‍ය වේ..
බැලු බැල්මට නම් ස්ත්‍රී පුරුෂ සම්බන්දය යනු ලිංගික සෙනෙහසකි. තවදුරටත් කල්පනා කරන්නේ නම් එය හුදෙක් ජීවයේ පැවැත්ම වෙනුවෙන් සැකසුනු ස්වභාවික තත්වයකි. ඊටත් ඉදිරියට ගොස් ද්‍ර‍ව්‍යාත්මකව සිතන්නේ නම් එය ද්විඝඨනයේ තවත් එක්තරා අවදියකි. 
මනුස්ස සමාජයේ ගැහැනුන් පිරිමින් වන අප සමාජ, සංස්කෘතික, සහ ද්‍ර‍ව්‍යත්මක අවදීන් පසුකර ඇති බව පිලිගත යුතුව ඇත. 
මිනිසා සමාජ ශත්වයකි. මිනිසාට සමාජයෙන් තොරව කිසිදු පැවැත්මක් නැත. මක්නිසද මිනිසා දුර්වල සතෙකි. සමාජ සතෙක් වන මිනිසාගේ කුඩාම සමාජ ඒකකය කුටුම්භයයි. දුර්වල මිනිස් පරපුරේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ දැනුමේ නිම්වලු පුලුල් කිරීමෙනි. දැනුමේ නිම් වලලු පුලුල් කිරීම සදහා එකිනෙකාගේ අත්දැකීම වල එකතුව විසින් සියලු නිෂ්පාදන ප්‍ර‍බවයන් බලාත්මක කරයි.
මේ සියළු බලයන් වල ආරම්භක පුරුක ගැහැනියකගේ සෙනෙහස ම වේ. ඇය නැති තැන කුමට කෙත්වතු සාර කරන්නද. ඇය නැතිව නගුල් වියගස් උදලු කුමට තනන්නද.. ඇය නොමැතිව මහා දැවැන්ත කර්මාන්ත ශාලා කුමකටද..


පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ...
ජීවිතයට අරුණලු විහිදෙනවා
ප්‍රිය හිමියනී මගේ...
ප්‍රිය හිමියනී මගේ...


සියලු කෙත්වතු සරු ඌයේ ඇයගෙ සෙනෙහස පින්සිදු වන්නටය.
ඇය අවු වැසි ඉඩෝර සුලි කුනාටු වලට භය නැත. ඇය සතා සිව්පාවන්ට භිය නැත. ඇය ආරක්ෂා කිරීමට සියලු බලවේග හමුවේ නොසැලෙන පංචස්කන්ධයක් ඇත. ඒ ආදරය නැමැති විංඥානය රලුකම නැමැති සලුවෙන් පොරවාගත් ප්‍රිය සැමියාය.


සඳ රැස් යහනේ ගෙවුණු රැයේ
මිහිලිය පිය හිමි හා සැනසී
මිහිඳුම් සළුවෙන් දෙනෙත වසනවා
නව හිරු පායා එනු දැකලා...


ඇයගේ රූ සපුවට ඔහු ඇදී ගියාක් මෙන් තවත් බොහෝ පුරුෂයන් ඇයට ලංවීමට උත්සහ ගැනීම අරුමයක් නොවේ. එසේ ඇදී එන්නේ ද්‍ර‍ව්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක හේතුවකට පමනක් පෞද්ගලික ලිංගික ආලයකට බව අප දනිමු.
එහෙත් පවතින සමාජ යථාර්තය තුල එය නොනිල ලිංගික ප්‍රේමයකි. නොනිල ලිංගික ප්‍රේමයකට අපි පිරිපහදු කරගත්තා වූ සමාජ සංස්කෘතික සාර දර්ම විසින් අඩ තැබීම අනිවාර්යකි. නොනිල ප්‍රේමයේ දුර ලිංගික සංතෘප්තිය අවසාන වෙත්ම කෙලවර වේ.
නැවත අතට කීයක් හරි ලැබී ගත සරුවෙත්ම ජීව විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් ලිංගිකත්වය උද්ධීපනය වේ. මෙය තනිවචනයෙන් අර්ථ දක්වන්නේ නම් කඩප්පුලිකම මෝදු වේ.


පෙම්බර හිමියනි ඒ සඳ යහනේ
අනන්ත මල් පිපිලා රහසේ
ඔබ පා මුල සෙනෙහසින් ගිලිහුණා
උදාර මල පරසතු උයනේ...


ගැහැනියකට අවශ්‍ය සෙනෙහසම පමනකි. එය ගිලිහුනු කල් ඇය අන් පිරිමින්ගේ දහඩිය රොටු හා ඇලේ ගැලේ..
එය පසුව ඇයට වැටහේ නැවත ආපසු පැමිනිය නොහැක. මානසිකවත් කායිකවත් ඇයගේ උදාරත්ව සුන්නත් දූලී වී ඇත.
ගැහැනු යනු උදාර මලකි. පිරිමි යනු සියලු කෙත්වතු සරි කරන ගංගාවකි.


දයා ද අල්විස් විසින් බිජු වපුරා
එච් එම් ජයවර්දන විසින් දිය ඉස.
මාලනී බුලත් සිංහලයන් විසින් මල් පුබුදා ඇත.
අසන්න නොවේ විදින්න..

උඹ මලක් නොවී

Thursday, October 1, 2015


අප පසුකරමින් යන මේ නරුම සමාජයේ පුරා සැරිසරන්නේ වග වලසුන්ය, කාම මෝලිතයන්, පර පීඩකයන්ය, වසුරු භක්ෂකයන්ය, දීන චූදිතයන්ය.

උඹ මලක් නොවී
මල් සුවඳ ගෙනැත් දෙන්නා
පුර හඳක් නොවී
හඳපාන අරන් එන්නා
යසෝදරා වත කවියක් සේ
අත නෑර නොයා
හිත ගාවම උඹ ඉන්නා.....

මෙවන් සමාජයකට සැබෑ පිරිමින්ගේ අවශ්‍යතාවය දැඩිව දැනේ..
ඒ අන් යමකට නොව අසරන ගැහැනුන් සහ නොදරුවන් ආරක්ෂා කර ගැනීමටය.
අවාසනාවක මහත නම්, පිරිමි වේෂයෙන් ඇත්තේ පුරුෂ ලිංගයක් ඇති පාහර පාදඩයන්ය.

යම් දිනක එවැනි පිරිමින් බිහිවන්නේ නම්...

මේ කැලේ තියෙන හැම දේ සාරයි
විෂ බමරු පවා මිතුරන් ගානයි.
ඉර මද්දහනේ කළු දූලි බිමට
ගිනි අව්ව වුණත් හෙවණක් වාගෙයි....

එවැනි පිරිමියෙක් වාසය කරන කුටුම්භය.. මාලිගාවක් වේවි. එහි වාසය කරන ප්‍රිය බිරිස යශෝධරාවක් වේවි. දරු පැටවුන් මුව පොව්වන් සහ සා පැටවුන් මෙන් වේවි.

අතු පැලම අපට මාළිග වේවී
දරු පැටව් රැකන් ඉඳපන් පේ වී
දුර ඈත නොවේ ළඟ ළඟම දාක
මම රජෙක් වෙලා එන්නම් දේවී.....

ලොවම එපා වී ලොවම කලකිරී

Sunday, July 26, 2015

අප ජීවත්වෙන පසුගාමී ධනවාදී සමාජයේ නිරන්තරයෙන් අප අත්විදින්නේ කටුකත්වයයි. කෘරත්වයයි. සැවොම වැරදිකාර මිනිසුන් අතර, එහෙත් සියල්ලෝම දෙවියන්, බඹුන් සේ ජීවත් වෙයි. අනෙකා අතින් සිදුවන සුලු වරද මහ වරදක් ලෙස හුවා. ඔහු හෝ ඇය නරකාදියටම ඇද දැමීම ධනවාදී සමාජයේ එකම අරමුණයි.
ඒ අතර සම්ස්ථ මානව වර්ගයාටත්, සොබාදහමටත් එකසේ ආදරය කරන්නන් නැතුවා නොවේ. අල්පතර ඒකී කොට්ඨාශයට අමතරව ගැහැනියකට හෝ පුරුෂයෙකුට කුමන තත්වයක් තුල හෝ ගැහැනුන් සහ පිරිමින්ද නැතුවාම නොවේ.
දවසක් ඔයා කීවා මිනිස්සුන්ට වෙන දේවල් මම හොදට අත් විදලා තියෙනවා. ඔයාගේ නිර්භීත කම තුල පිටවන වචන ඇතුලේ සමාජය ඔයා වැරදිකාරයෙක් කරන්න පුලුවන්. එහෙම නැතිනම් කවුරුත් කරන පොඩි වරදකින් ඔයා මහ ලොකු වැරදිකාරයෙක් කරන්න පුලුවන්.
මට වැදගත් වෙන්නේ ඔයාගේ ආදරේ ඒක තියෙනකං සමාජය හමුවෙ ඔයා මොන ජාතියේ වැරදි කාරයෙක් උනත් මම ඔයාට ආදරෙයි.
එහෙව් ආදරයක් ඒ සා විසාල ආදරයක් ලැබු එකම මනුස්ස දුව ඔබයි. මා ඔබට දක්වන ආදරය මෙතැකැයි මේ සා විසාලයි. කියන්නට නොහැක.
පවනේ පවෙන ඔබේ සුවදකින් පිසාසිතවු හද සිහිලැල් වේ.

සදකැල් ඇවිදින් සුපිපුනු කුසුමන්

Monday, May 18, 2015


අප ජීවත්ව ගොරතර සමාජයේ ජනතාවෝ පංති දෙකකට බෙදී ඇත. එයින් එකක් ධනය බලය හිමි පංතියයි. අනෙක් පංතිය ඒ කිසිවක් නැති මොහොතින් මොහොත පීඩාවම උරුම කරගත් පීඩිත පංතියයි..
පීඩීත පංතියේ ගැහැනුන්ට සහ පිරිමින්ට ඇත්තේ කවදාවත් ඉටු නොවන බලාපොරොත්තු පමනි.
බලපති පංතිය සදලුතල සිට උසුලු විසුලු කරමින් කා බී නටා ගයා සතුටු වෙති.
පීඩීත පංතිය අගුපිල්වල සිට ඒ නැටුම් ගැයුම් බලා තමනුත් එසේ සතුටු වෙම්යැයි සිතා ධනය ඉපැයීමට වෙර දරති.
පිරිමින් ධනපතින්ගේ මාලිගා සැදීමට සෙයිලමට ඇදේ ඔවුන්ගේ බිරියන් වැලිකතරේ තෙලින් පෝෂීත ලාබ කාසි සොයා එතෙරට පියාබති. ඔවුන්ගේ දූ වරු ගාමන්ට් පැක්ටරි වල ඉදිකටු රෙදි පාසාරුකරගෙන යන වේගයෙන් කඹුරති.
පුතුන් බිම්ගත වෙලද කලමණාකරුවන් වී ටයිකෝට් ඇද ගිනි අව්වේ තවත් එවැනිම පංතියකට ප්ලාස්ටික් විකුණති.
මිනිසුන් වූ අප ජීවත් වන්නේ ලිංගික කාර්යයටත් අහරින් කුස පුරවා ගැනීමටත් නොවන්නේය.
අප සැමට ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද අවශ්‍යය. ඒවා නැතුව අප කාටත් ජීවිතයක් නොමැත.
අප සැමට එල්ලවන ආර්තික දුර්භිකෂයේ සුලු කුනාටු විසින් ප්‍රේමයේ සිහිලසද අනුකම්පාවේ උනුසුමද ආදරයේ මිහිරි නාදයද වියලා දමා ඇත.
ප්‍රේමය වෙනුවට රාගයේ ලෝ දියත්, අනුකම්පාවේ උනුසුම වෙනුවට කපටිකමේ මීදුමත්, ආදරයේ මිහිරි නාදය වෙනුවට වංචාවේ රලු බොරලු හඩත් ඉතිරිව ඇත.
සියලු පීඩිතයෝ යක්ෂයින් පිසාචයන් කුම්භාන්ඩයන්, මල පෙරේතයන් බවට පත් වී ඇත.
ඒත් මේ සද කැන් ඇවිදින නිසල රැයේ ඔබගේ ඔය සුදු මූන මගේ හද තුල පොපියන එක කෙලෙසනම් වලක්වා ලන්නද..
මම දන්නවා අපිට කවදාවත් අප දිනපතා පහුකරගෙන යන මිහිරි රාත්‍රියන් වල මිහිර අපිට අත්පත් කරගන්න බැහැ කියලා..
ඒත් කුමාරි
නිදන්න..
නලියන මගේ හිත ඔබව සොයනවා..
මහා වේදනාවකින් පෙලෙනවා..
අහසින් වෑහෙන පිනිබිදු මගේ ඇස්වලින් වැටෙන කදුලු නොවේ.
ඔබට බලන්න හෙට පිබිදෙන මල් වලට වැටුනු පිනිබිදු
කුමාරි..

ගගක් සේ ඔබ ගලා ඒ නම්

Wednesday, February 25, 2015

සැබෑ ස්ත්‍රී පුරුෂ සම්බෝගයට එකිනෙකාට දක්වන මානව ප්‍රේමයට අත්‍යවශ්‍යම සාධකයකි. එහෙත් වර්ථමාන පවුල් සංස්ථාව යනු ධනවාදය නැමැති යන්ත්‍ර සූත්‍ර යේ. එක් දැති රෝදයක් පමනි. කති බොති දරුවන් වදති හදති රැකියා කරති. ශරීරකුඩුව කෙසේ හෝ ජීවත් කරති. ඉන් එහාට යමක් නැත. බොහෝ පවුල් සංස්ථා තුල ඇත්තේ උඹ හිටපං උබේ පාඩුවේ මම ඉන්නම් මගේ පාඩුවේ න්‍යාය වේ.
එකිනෙකාට කිසිදු ආදරයක් දයාවක් කරුනාවක් මෛත්‍රියක් නැත. දෙපලටම අවශ්‍ය වී ඇත්තේ පැරනි සමාජයට නෑකම් කියන කූජිත වී යන සංස්කෘතික ක්‍රියාදාමයන් මහත් වැර යොදා ආරක්ෂා කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුහු අතිමහත් කට්ටක් කති. එය විද දරාගැනීමට නොහැකි ඇතැමෝ
 තමන්ගේ චිත්ත සන්තාපයන්ට සරිලන කවුරුන් හෝ සමග රහශ්‍යය ප්‍රේමයක් අරබති.  කෙලතොල් සමාජයෙන් වහන් වී රතී කෙලි කරති.
එම ප්‍රේමය  නීතියානුකුල නොවන ප්‍රේමයක් බව සමාජය පවසයි.
නියමය යනු ධනවාදී පද්ධතිය රකිනු යන අරුතයි. එය නොරකින්නේ නම් අනියම් වේ.
හොදම විහිලුවනම් ඒ ප්‍රේමයට අනියම් ප්‍රේමය යන්න යෙදීමයි. සැබෑ තතු නම් ප්‍රේමයට නියමයක් නැත. මිහි තලය මත ජීවය පවතින තාක් කල් වෙනස් නොවන නියමය ප්‍රේමයමයි. එය අනියම් නැත. ප්‍රේමය යනු ශත්ව සංහතියේ පැවැත්ම තහවුරු කරන ප්‍රථම නියමයි.
සෑම ගැහැනියකගේම සෑම පිරියමියකගේම හදවත් තුල ප්‍රේමයන් උපදී. ඒ සැබෑ ප්‍රේමය පලා පැහැ ගනී. ගතින් වැහැරුනත් හදවත තුල හටගන්න ප්‍රේමය පලා පැහැයමයි. එය තරුණයි. නිර්මලයි.
ඒ තරුණ ප්‍රේමයත් සමග හටගත්තා වූ ජව සම්පන්න බව ධනවාදී සංස්කෘතික හමුදා බල ඇනිය විසින් මැඩ පවත්වයි.
ඒ ප්‍රේම අරගලයට ඉහත කී ජඩ හමුදාව විසින් යුතුකම් නැමැති කදුලු වායුව ගසා පන්නා දමයි.
එකි අනියම් යැයි කියන ප්‍රේම අරගලයෙන් පැරදී පලා යන පෙම්වතුන් හට ලුම්පන් සමාජය
උසුලු විසුලු කරයි.
ඕක තමයි අපි කීවේ ඕක හරියන්නෑ කියලා. අර දරුපවුල හදාගෙන ඉන්න බැරි තොපිට හොද වැඩේ. තියෙන කඩප්පුලි කමට එහොම වෙලා මදි.
යනුවෙන් පාදඩ සමාජය මහත් වැර යොදා කෑ ගසයි.
උන්ගේ නීතිය ආරක්ෂා නොකරන සැවොම කඩප්පුලියන් බවට පත් කරයි. අසමජ්ජාතින් බවට පත් කරයි.
සුදු මැනික අපේ ආදරය පලා පැහැයමයි.
අපි වගේම උන් වෙනුවෙන් ජය ගනිමු.
අපිට පුලුවන් කදු පද්ධතියම පලා පැහැයෙන් හොබවන්න.
ඒ පලා පැහැයෙන් හදවත් පිපේවි. අපි අපේ ප්‍රේමයට අරුතක් දෙමු. මල් ගොමුවට පැයූ සදක් මෙන් බබලවමු.
මිරිගුව දෙස තවත් බලා ඉන්න එපා මැනික. ගගක්සේ ගලා එන්න. ඔබ ගලා එනතුරු මුව දොරක් වී ඉන්නම්

කොහේ හෝ නුඹ නතර වි කාට හෝ ජීවිතය දී

Monday, February 9, 2015

මම දන්නවා මැනික ඔයා මට දක්වන ලෙන්ගතුකම. රහසින් උනත් අපි දොඩමලු වෙන ඒ ඇසිල්ල මා පාසැල් අවදියට යනවා මගේ මැනික. මට කවදාවත් දැනුනේ නෑ ඔයා අනුන්ගේ කියලා.
Enewa baba
Eth hamedaateme enne puluwan de mame danne naa Mage pane ...
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී,
තුටින් නම් මට ඒ ඇති.
මගේ නූනට කම් නැති.

ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නොවේ. කියලා මම දන්නවා. සමාජ සංස්කෘතික යදම් අප හිර කර බැද දමලා තමයි. අපිට බැරි උනත් අපේ දරුවන්ටවත් මේ අධම සමාජ සංස්කෘතික දෘෂ්ටි මායාවන් නැති ලොවක් හදමු.
Oww ane ...
I love you baba
Oya parissemin wade keranne one
Math innewa dan oyate ...
Pls careful wenne raththeran
උන්න දා අපි අපේ වී
දුන්නු සෙනෙහස අරුමැති
ලෝබ නෑ හිත අහිමි දා අද.
මමත් දැන් මට හිමි නැති..

සොවින් පිරි මගේ හදවත

Sunday, February 8, 2015

මම පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් කලේ හරක් බලපු එක. ටිකක් ලොකුවෙනකොට අපේම සල්ලිකාර නෑදෑයෙක්ගේ ගෙදරක වැඩට ගියා. වතුර අදිනවා. බෙට් සීට් හොදනවා. මල්වලට වතුර දානවා. නොයෙක් වැඩ කරලා සතියකට දවස් තුනක් විතර ඉස්කෝලේ යනවා.
එ් කාලේ මට පුට් සයිකලවත් පදින්න තියා අල්ලන්නවත් මොකෙක්වත් දුන්නෑ.. මට ආදරය කරානම් කලේ අත්තම්මා විතරයි. අනිත් හැමෝම මගෙන් පොල්කඩවාගත්තා එක එක දහපදුරාවේ වැඩ කරවා ගත්තා.
මට ආදරය කරානම් කලේ පාරේ ඉන්න බලු නගුටෝ විකරයි. ඒ වැවට ගිහින් මාලු අල්ලා ඉතුරුවෙන පොඩි මාලුපැටව් දුන්න නිසාත් කනේ හිටපු කිනිකුල්ලෝ කඩපු නිසාත් වෙන්න ඇති.
මගේ ජීවිතේ කවම කවදාවත් කාගෙන්වත් හොදක් අහලා නෑ. ඉදිරියටත් බැරිවෙයි.
මට දැනුත් හිතවත් පිස්සොයි පොඩි උනුයි විතරයි. රස්තියාදු ටයිප් එකේ පොරවල් තමයි යාලුවෙකුට කියලා ඉන්නේ.
කවදත් මම වැඩක් කරානම් කරේ රුයිතෙට. ඒ කරපු හැමදේකම ප්‍රථිපල ලැබුනේ පහුවෙලා. හැබැයි ගෙඩි පිටින්.
දෙමාපියන්ට සල්ලි නැති පුංචි දරුපැටව් හැමදාම කලේ තියෙන උන්ට වහල්කම්.
ශරීරයේ ලස්සන නැතිනම් ගුරුවරන්ගෙන් පවා බැනුම් අහනවා. බෝල ගෙඩි වගේ ඉන්න පුංචි එවුන් විතරයි දරුවෝ කියලා හිතන්නේ. අනිත් එවුන් කරුමෙට ඉපදිච්ච උන් ගානට දාලා තමයි හැම එකාම වැඩ කරන්නේ.
සිංහල දෙමල මුස්ලිම් බේදකයකින් තොරව පොඩි උන් දුක්විදනවා.
මහ උන්ට නම් හැදිගෑවිලා ගියත් කමක් නෑ.
අනික අහිංසක ගෑනු ජීවිතකාලේටම වහල්ලු ගෑනු කවුරුත් ආසයි ලස්සනට ඉන්න. උන්ට ලස්සන වෙන්න ලැබෙන්නේ දිලිසෙන සිලික් රෙදි විතරයි. වැඩ කරලා කරලා කේඩෑරි වෙච්ච ගෑනු ඒවා ඇන්දාම ඇවිදින මමී වගේ.
පාලක පාදඩයනුයි උන්ට දැන හෝ නොදැන කත් අදින වසලයොයි. පොට්ට තියරි හදාගෙන උන්ට ආවඩන රට පකිරිංඥලයි හැමදාම කරන්නේ මම අර ඉහත කියපු අසරනයන්ට කෙලවන එක.

සද තරු නිහඩයි

Saturday, February 7, 2015

මනුස්ස සංහතියේ සමගිය කෙතරම් අගනේදැයි දැන්නේ රාත්‍රියටය. මිනිස් උනුසුමක අගය දැනෙන්නේය.
දහවලේදී කොතෙක් කෙලි කරත් රාත්‍රිය උදාවත්ම ඒ අදුර සමගම මල පාලු මුස්පෙන්තුකමක් අපේ හදවත් අරා පැතිරෙයි. එය විද ගැනීමට පවා අසීරුය.
සියලු හඩවල් නිහඩවී ගොසිනි. සමස්තය ගනදුරින් වැසීගත්කල පාලු හුදකලා බවක් දැනේ. ශෝකයක් දැනේ.
ස්ත්‍රින්ගේත් පුරුෂයන්ගේත් හදවත් තුල හටගන්නා වූ වියෝව තුල ගැබ්වී ඇත්තේ එකිනෙකා සම සමව විදගත්තා වූ රාග කාම ප්‍රේම අත්දැකීම වල වියෝවයි.
සද තරු අහස්කුල තුල සැගවී යත්ම අනුරාගී හැගිම් පිබිදෙයි. එවිට ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක වඩා තිවර වේ. එවිට හටගන්නවූ වූ වියෝ දුක මොහොතින් මොහොත තීවුරවේ.
නින්ද අහලකටවත්  එන්නේ නැත. පාදන්දර සීතල ටිකෙන් ටික ගත වෙලාගත්කල හැගෙන දකින උනුසුම නොලැබෙන කල්හි වියෝ දුක තව තවත් වැඩිවේ.
හිරු නැගෙන තුරු එදා යුගයේ පෙම්වතුන් වස්දඩු වැයුහ. සීපද ගයන ලදී. අද යුගයේ පෙම්වතුන් සේවා සැපයුම් ජාල ඔස්සේ කොටපනිවිඩද අන්තර්ජාල ඕස්සේ අකුරු සහ දෘෂ්‍ය පනිවිඩයන්ද යවමින් කල් ගෙවයි.
කන වැකෙන පෙම්වතාගේ වස්දඩු රාවය බඩවැටියෙන් එහා සිටින පෙම්වතියගේ හද සසල කරන්නේ දෙදෙනාම විදින පාරසරික තත්වය එක හා සමාන බැවිනි.
වර්තමානයේ පෙම්වතා රාත්‍රිය ගෙවන විට පෙම්වතිය තම සේවා මුරය අරබා ඇත. පාරිසරික තත්වයන්ගේ පරතරය අතිවිෂාලය. ඇයට හෝ ඔහුට දැනෙන්නේ නැත.
නොදැනෙන නිසාම ඒ ශෝකීරාවයන් ඔවුනවුන් තවත් තව තවත් වෙන්කර තබන්නට හේතු සාධකයක්ම වනු ඇත.

Could I Have This Kiss Forever

Saturday, January 31, 2015

නන්දා මාලනියගේ යමුනා නදිය ගීතයක් සමන් ජයනාත්ගේ බිසරු ලියන් මැද ගීතයත් ඇසා ඇති ලාංකීය ජනහදවත් වලට මේ ගීය අරුමයක් නොවේවා යැයි පතමි.
ප්‍රේමය වූ කලී හූදු මනෝරාජිකල මල මංගල්‍යක් නොවන බවත් එය සත්‍ය ලෙසම පෞද්ගලික ලිංගික ආලයක් බැව් මා කොතෙකුත් කියා ඇත.

ගැහැනුන් සහ පිරිමින් කොතෙකුත් රමණයේ යෙදෙති. 
පැන පැන යෙදෙති. බලෙන් යෙදෙති. කරන්නන් වලේ යෙදෙති. ඔහේ යෙදෙති. කරනවාට කරති. යුතුකමට යෙදෙති. වගකීමට යෙදෙති. නොකර බැරි කමට යෙදෙති. අවසානේ හොරෙන් යෙදෙති.

සැබෑ ලෙස නම් කාම සම්බෝගය යනු සොදුරු වෙහෙසකි.  අපුලක් නැත වේදනාවක් නැත.

පරෙවියන් ගුමු ගුමු ගාන්නේ පෙම්වතුන් සිපගන්නා නිසාවෙන්යැයි කියුතොත් එය යල්පැන යමින් පවතින පසුගාමී ගතානුගතික සමාජ සංස්කෘතික තුච්ඡ නින්දිත සාහිත්‍ය කියැවීමකි.
පරෙවියන්ට ගුමු ගුමු නද දීම සදහා පෙම්වතුන් සිප ගත යුතුයිය කියන්නේ නම් එය පෙරටුගාමී අගනා සාහිත්‍ය කියැවීමකි.
බැලු බැල්මට එය ලපටි සුරතල් කියැවීමක් යැයි පෙනෙනු ඇත.
හම් ලොම්වලින් වැසි තොල් රලු බොරලු වී. නිය යබර වී තිබූ මානවයා අද සුමුදු සියුමැලි තත්වයට පත්වී ඇත.

එහෙත් නිෂ්පාදන ක්‍රියාවලියට තාක්ෂණය මුහු වීමත් සමග පැන නැගි ආ දැවැන්ත නිෂ්පාදනය හමුවේ නිපන්නා වූ ප්‍රාග්ධන  ඒකාධිකාරය අතදැරූ යක්ෂ ප්‍රෙර්ත පිසාච කුම්භාන්ඩයන් මානව හදවත් රළු බොරලු බවට පත් කරන ලදී.
ලිංගික ආලයට මිලක් නියම කරන ලදී. ගැහැනුන් පිරිමි අතර සංස්කෘතික සම්භාදක පමනවන ලදී.
තමා ලිංගික කාර්ය කල යුත්තේ කුමන පංතියේ සහකාරයෙකු සමගද යන නීති පනවන ලදී.

සෑම ගැහැනියකටම අවේනික වූද ඇගේ  මන පිනවාන්නා වූද පෞර්ෂ ලක්ෂනයක් හෙබි පුරුෂයෙක් ඇත. එසේම පිරිමියෙකුට ආවේනික රැලි හසරැල් පිරුනාවූද ලාලිත්‍යයන් වලින් හෙබි වූද කාන්තා වක් ඇත. 

එය හුදු විකාර රූපී මනෝරාජික ආත්මීය බැදීම් සහිත ප්‍රේමයක් නොව රසායන බැදීම් මත පදනම් වූ ජාන ප්‍රවාහයන් සංවර්ධනය කිරීම පිනිස ඇතිවන්නාවු ස්වභාවික තත්වයකි.

නෙත්පුරා බලන්න ඔබ මා කැමති සියල්ල.
හැකියි මේ රාත්‍රිය බෙදාගන්න ඔබටත් මටත්
සිප ගැනීම අවසන් කරගන්න බැරිවෙයි අපට
අදුර බිදෙන තුරු.
මනරම් රාත්‍රිය අවසන් නොවේවා යැයි පැතුවාද
සුදු මැනික මගේ

කුමර කුමරියනි හෙට දින ඉපදීමට නියමිත ප්‍රේම පාරාදීය ගැබ් ගන්වනු පිනිස නොබියව ආදරනීයව රමණය කරන්න.

ආසා නිරාෂා මැවු ඈ සප්න මායවකී

Tuesday, January 27, 2015

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ.

පුරුෂ නෙතට ස්ත්‍රී රුව තරම් ප්‍රිය මනාප දර්ශණයක් නොමැත. ස්ත්‍රි නෙතට පුරුෂ රුව තරම් පුියමනාප දර්ශණයක් නොමැත.  මේ සත්‍ය සනාත කිරීමට කිිසිදු ධර්ම කාරනාවක් අවශ්‍ය නැතැයි බුදුන් වහන්සේ වදාල සේක.

අප වෙසෙන පංති සමාජයේ අප අනේක විද දුක් කම් කටොලු වලින් පීඩිතය. ධනය ඇත්තාටද ධනය නැත්තාටද එය එකසේමැයි. මානසික සංතෘප්තිය තකා අප බොහෝ දේ කරති.
නානා වූ සලුපිලි වෛවර්ණ විදුලි සැරසිලි. යාන වාහන සුවද විලවුන් මත් රසායනික හෝ අනේකවිද නිස්පාදනයන් ගෙන් අප සැනසීමට වෙර දරයි. එහෙත් කිසිදු සැනසීමක් කිසිදු සුවයක් පේන මානයකවත් නැත.
සමාජ සංස්කෘතික වහන්තරාවන් උනා දමා නග්නවූ ස්ත්‍රියකුත් පුරුෂයෙකුත් විදින්නා වූ පෞද්ගලික ලිංගික ආලය පෙරකී කිසිවකට දෙවනි වන්නේ නැත.
එය අතෘප්තකර නැත. අපුල නැත. මොහොතින් මොහොත තිත්තම වී යන්නේ නැත.
සිතුවිලි අලුත් වේ. ක්‍රිකාරකම් නැවුම් වේ. එය මේ සා විසාලැයිද මෙතැකැයිද කියා නිමකල නොහැක. එය අනන්තයි අප්‍රමාණයි.

මල කොතන පිපුනම මොකද.

Sunday, January 11, 2015



මල කොතැන පිපුනම මොකද
පිපුන වග මල දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

පංති සමාජයේ මූල බීජය පුද්ගලවාදයයි. පුද්ගලවාදය තහවුරු කරනු පිනිස කුටුම්බ සංරක්ෂණය අත්‍යවශ්‍ය කාරනයකි. කුටුම්භ සංරක්ෂනය උදෙසා විවහා සහතික, උප්පැන්න සහතික, මරණ සහතික වශයෙන් ධනපති යාන්ත්‍රණයට ඍජුව වගකිව යුතු ලිපි ලේඛණ ගනනාවක් ඇත. පුද්ගලවාදය යාවත්කාලීන කිරීමට නම් ධනය හිමි පිරිමියාගේ සුක්‍ර ධාතුවෙන්ම උපන් පුරුකකට තම වත්කම් බැරකල යුතුමය. පුද්ගලවාදී පංති සමාජයේ පැවැත්මේ පලමු අධියර පටන්ගන්නේ සුක්‍රානුවෙන් කීවාට කම් නැත.

ආදරය වූ කලී හුදු ඕපපාතික සිහිනද, මාලිගාද, මල්පෙතිද, සිහිල් සුලන්ද නොව සැබෑ ලෙසම පෞද්ගලික ලිංගික සංතෘප්තිය පිණිසම හටගන්නා වු පෞද්ගලික ලිංගික ආලයයි. එහි කිසිදු පුද්ගලවාදයක් නැත. කොටින්ම කියනවා නම් ද්වීඝඨනයේ ලිංගික ආකාරයයි. එය ස්වභාවිකයි සුගමයි. ප්‍රනීතයි.

එය ප්‍රනීත වන්නේ එකිනෙකා තුල හටගන්නාවු මානව සහ මානූෂීය බෑදිම්වල ගතික නම්‍යශීලී ප්‍රථිවිරෝධයන්ගේ ඒකත්වයක් ලෙසිනි.
එය මෙතෙකැයි මෙපමනයැයි පැහැදිලි කරන්නට කිසිදු භාෂාවක ශෛලියක් නොමැත.  දුෂ්‍ය රූප හෝ සබ්ද තරංග පරයා යන විෂ්මිත විභූෂිත මියුරසැකි.

ප්‍රිය ලදුනි මා හට ඔබගේ සිතැගි වැටහේ..

සද කොතැන දිලුනම මොකද
දිලෙන වග සද දන්නවා.
සද දන්නවා

නුබේ සෝභාවටද නුබේ ලතාවටද මා වසග වී ඇත.

ගග කොතැන ගැලුවාම මොකද
ගලන වග ගග දන්නවා

නුබේ ආදරය මනරම්ය. හදවත කකියන සුලුය.

විලෙහි ලස්සන තවත් විල් දියෙ මලුත් පිනොත් තමා.
දොලෙහි ලස්සන තවත් දොල දියේ පෙනත් නැගුනොත් තමා.

මා හදවත කම්පා කරන මේ ගී සිගිත්ත ගැන කියන්නට වදන් නොමැත.
ඔබගේ ආදරය මෙතැකැයිද. මේ සා විසාලයිද කියා තබන්නට මේ ගීය උදහාරන කොට ගතිමි.
මා ප්‍රිය ලදුනි.

ගායනය නිර්මානය.
දීපිකා ප්‍රියදර්ශනියනි, නදී නිසංසලාවනි.

තෙලුත් සිඳුණි නම් පහනේ තිරත් දැවිණි නම්

Saturday, August 30, 2014


තෙලුත් සිඳුණි නම් පහනේ
තිරත් දැවිණි නම්
කුමට තවත් දැල්වෙනු නුඹ
නිවී සැනහියන්...
දුකක් දුටුවෙ නම් ඉහළම
සැපක් දුටුවෙ නම් ඉහළම
සොයා තැවෙනු කිසිවක් තව
ලොවේ නොවුණි නම්
ඉතින් කුමට දැල්වෙනු තව
නිවී සැනහියන්...
පවත් හලෙහි නම් එලෙසට
පිනත් හලෙහි නම් එලෙසට
රැඳෙනු කුමක කිසිවක් තව
ලොවේ නොවුණි නම්
ඉතින් කුමට දැල්වෙනු තව
නිවී සැනහියන්...
ගී පද - කෞශල්‍යා රණසිංහ
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

ජීවන බරින් පෙලෙන, කාක්කන්ගේ ගොදුරු බවට පත්වෙන, බල්ලන් බලලුන්ගේ වසුරු මත ලගින තුන්වන ලෝකේ රටවල් වල මිනිසුන්ට සදහා කල්හිම ඇත්තේ දුක්ම පමනි. බිද වැටීම් අස්තාවර වීම්. පරජය වීම්, ජීවිතයට නියත දසාවකි.
සැපක් කියා දෙයක් ඇත්නම් ඒ විදින්නේ කීයෙන් කී දෙනාද.
අනෙක් සියල්ලන් මේ කුනු ගදගහන පොලොව මත රොඩුබොඩුම නොවේද ?.

මේ සියල්ලට මූලික වන්නේ එකෙක් මරා විනාශකර තූතු කරන සමාජ ක්‍රමයේ වරද නොවේද..  ජීවිතයට දිනපතා පතා එන ප්‍රශ්නවලට අප නොබියව මුහුණ දිය යුතු නොවේද.. ඒවා අභියෝග ලෙස බාරගෙන අලුත් පිම්මකින් ගමන් ඇරබිය යුතු නොවේද..
එසේ නොමැතිව පීඩාවෙන් හෙම්බත් වූ ගොනකු මෙන් මැරි වැටී වැතිර මස් ටිකක් මීනි කාක්කන්ට කන්නට දී සිත සනසා ගත යුතුද..
ලාංකීය සමාජය බුදු දහමින් පෝෂනය වූවා යෑයි බොහෝ දෙනා කියති. ඒ ගැන මහත් ප්‍රීතියෙන් වචන ගෝෂා කරති.

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි

Thursday, July 31, 2014


යසෝදරාවෝද සිදුහතුන්ද සංසාරයේ එකට සැරිසැරුහ. ජෙනිටා මාර්ක්ස්ට ලැබුනු සුන්දරතම ලලනාව විය.  යසෝදරාවෝද ජෙනිටාවෝද අගනා ගැහැනුන් විය.ගොවිකමෙහි නියැලෙන ගම්බද ගොවිපවුල් වල ගොවියාත් ගෙවිලියත් සංසාරයේ පතා ආ උන් ලෙසම වෙසෙයි. ඒ ඔවුන් මේ විකුනන විකිනෙන ප්‍රාථමික සමාජයට එබිකම් නොකරන බැවිනි. මෑත කාලීන ගෙවිලියෝ අරාබීන්ගේ තෙල සමනය කරලෑම සදහා ගුවන්ගත විය. ගොවියාටත් දරුවන්ටත් පූර්වේ කරුමයක් ඵලදී සංසාරයම එපා විය.
යසෝදරාවෝ සිදුහතුන්ට බුදුවන්නට අත්වැල විනි බැව් මොනවට පැහැදිවේ. දාස් කැපිටාල් ජෙනිටා නොඉන්නට නොලියවෙන්නට තිබින. බුදුන්ගේ අසුදෙදහසක් දර්මස්කන්දය ඉස්පර්ස වූ දන්තධාතුවට බැතුපුදන්ට ගොවි තරුණයෙකු ඈත ගම්මැද්දේ සිට එන්නේ තනියමය. ඒ එක්කන් එන්නට කෙනෙකු නැතිවීම නිසාය. ඔහු හා සමග එන්නට අද යසෝදරාවෝද ජෙනිටාවෝද නැත. ඇත්තේ අංගනාවෝය. ඔවුන්ද ගාමන්ට් පැක්ටරිවල මැසින් සමග පොරබදියි. තවත් සමහරුන් විච්චූරන සල්පිල් වල සේල් දමයි. තවත් එකියන් තදට හිරට ඇද අඹරී කස්ටමර්ලා සමග තොදොල් වන්නේ මුදලාලිලාට ලාබ උපයාදීමටය.පැලපත කිරිවදන්න ඔහුට සංසාරයක් ඇත. ඔහුට ඒ ගමනේ තනිවම යෑ නොහැක. දලදාව අභියස දෙපා නැමද ඔහු ඉල්ලා සිටින්නේ ඔහුගේ තනියට අඹුසිගිත්තක් ලබා දෙන ලෙසයි.සිටියා නම් මේ තත්වය හමුවේ බුදුන්ද අසරන වනු ඇත. එතුමන්ට නව දැලි හේනක වැදිරි රුව පා අනිත්‍ය මෙනෙහි කරන ලෙස අවවාද දීමට විනා අන් යමක් නැත.සිදුහතුන්ගේ තනිනොතනියට යසෝදරාවෝද මාර්ක්ස් ජෙනිටාවන්ගේ කෙහෙරැලි වලින් සැනසුනාහ.  එහෙත් මේ අසරන තරුණයාගේ දුක්බර සෝබර තතු කාට නම් පවසන්නද.......

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

ගී පද - සමුද්‍ර වෙත්තසිංහ 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

මගේ සෙනෙහස

Tuesday, March 25, 2014

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි ,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මනුසත් ලොවේ පිරිමින් ගැහැනුන්ට සෙහෙනහස දක්වති. ගැහැනුන්ද එසේමැයි. ඒ සෙහෙනහස වෙනුවෙන් ඔවුන් විවිද වූ කැපකිරීම් කරති.
එය වසර ගනනින් කරති. ඒ වසර ගනනට මිලක් ඇත. මිලක් නොමැතිව මේ මනුසත් ලොවේ පෙම්කල නොහැකියි. තරු වියන් යට අත් පටලා ඇවිදින්නට මුදල් අවශ්‍යය. මුදල් සොයන්නටනම් ශ්‍රමය වැගිරිය යුතුය.
ඒ සියලු කැපවීම් කර ඔවුහු එකිනෙකාට අවනත අයවලුන් බලාපොරොත්තු වෙයි.
කුමන වර්ගයේ කැපවීම් කලත් පෙම් කරන්නෝ වෙන්වෙති.
ඔවුන් පෙම් කර ඇත්තේ හදවතිනි. එය අධ්‍යාත්මික ප්‍රේමයක් යැයි ඔවුන් කියති. ගැහැනියකුත් පිරිමියෙකුත් තුල ඇත්තේ පෞද්ගලික ලිංගික ආලයකි. එය වෙනුවෙන් අත්වැල් පටලාගෙන තරුවියන් තුල ඇවිදීමෙන් පමනක් පලක් වන්නේ වන්නේ නැත. කොතෙකුත් මුල්‍යමය කැපවීමක් කලත් හරියන්නේ නැත.
කුසුම් පෙතිමත ඇවිදීමෙන් ප්‍රේමය අප්‍රසන්නම වීම සාමන්‍ය දෙයකි. කුසුම් පෙති මත පටලා සම්බෝගයේ යෙදුනේ නම් නම්, මිලින යන්නේ කුසුම්පෙති බව හැබෑව, එය එසේ විය යුතුය.
සම්බෝගයෙන් විකසිත වන බගමනිය නැමැති කුසුම ගැන අඹමල් රොනක තරම්වත් අවබෝධයක් නැති පෙම්වතෙකුට සැමදා උරුම වන්නේ අඩවැඩියාම පමණි.
ප්‍රේමය වූ කලී ආගමික අධ්‍යාත්මික කාලකන්නි විකෘතියක් නොවන අතර එය සැබැවින්ම පෞද්ගලික ලිංගික ආලයකි. ඒ සදහා දේපාර්ශවය කැපකිරීම් කල යුත්තේ තම තමන්ගේ ශරීරවලටය. ඒවා කුසුම් සුවදින් සුවදවත් කල යුතුය, රොන් වලින් අමන්දා න්නදයට පත් කල යුතුය.
දෑත් පටලා ඇවිදීම වෙනුවට දහඩිය මුගුරු වැගිරෙන ලෙස ක්‍රිඩා කල යුතුය. සෙම සෙටු පෙරා වැලපීම වෙනුවට දසන් විදහා සිනාසිය යුතුය.
මෙවැනි ගීත වලින් ප්‍රේමවන්තයා තවත් කාලකන්නියකු කර සියදිවි නසා ගැනීමට පොලබවයි.
මෙහි රචකයාටත් තනු නිර්මාපයකයාටත්, ගායකයාටත් සියදිවි හානිකරගැනීමට අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන නඩුපැවරිය යුතුය.

බණ කියන රටක්

Saturday, March 22, 2014

ලංකාව බෞද්ධ රාජ්‍යයකි චීනය සමාජවාදී රාජ්‍යයකි. තායිලන්තය බෞද්ධ රාජ්‍යයකි, කියුබාව සමාජවාදී රාජ්‍යයකි.
බෞද්ධ ඉගැන්වීමතුල ඇත්තේ ප්‍රථිපත්ති සමුදායක එකතුවෙන් ජනයින් හික්මීමකටකට ලක්කර සැමට සාධාරන වටපිටාවක් නිර්මාණය කිරීමයි.
සමාජවාදී ඉගැන්වීම තුල ඇත්තේ මුදල් සංසර්ණය සාධාරන ලෙස සකස්කොට ඒ තුලින් ජනතාව හික්මීමකට ලක්කර සැමට විමුක්තිය උදා වූ පිරිසරයක් නිර්මාණය කිරීමයි.
ලංකාව බෞද්ධ රාජ්‍යයකි එහෙත් දසත පැතිරෙන්නෙ දූෂන මිනිමැරුම් රැවටීම් සහ කොල්ල කෑම්ය.
තායිලන්තයද බෞද්ධ රටකි. එහෙ ප්‍රධාන ව්‍යපාරයන් වලින් එකක් වශයෙන් ගණිකා ව්‍යාපරය පවතී.
චීනය සමාජවාදී රාජ්‍යයකි එහි මිනීමැරුම් දූෂණ සත්ව හිංසාවන් වලින් පිරී පවතී, කියුබාව සමාජවාදී රාජ්‍යයකි. එහි ආර්ථික දියුනුව පහල මට්ටමක පවතී. එහෙත් මානව සංවර්ධනය ඉහල මට්ටමක පවතී.
මේ අතර ජපානය බෞද්ධ රාජ්‍යයකි. එහි ආර්ථික හා තාක්ෂනික දියනුව ඉහල මට්ටමක පවතී.

බණ කියූ පමනින් රටවල් සංවර්ධනය වන්නේ නැත.
බණ ඇසූ පමනින් සංවර්ධනය වන්නේද නැත.
කොයි බණත් එසේමැයි.
සමාජවාදී බණද බුදු බණද මා නම් කරන බණ වර්ගයට අදාල වේ.
බණ සමග ආර්ථික සමානත්මතාවයද තිබිය යුතුය.
ආර්ථික සමානත්මතාවය නොමැතිව බනෙන් ඇති වැඩක් වන්නේ නැත.
බණ නොමැතිව ආර්ථික සමානත්මතාවය සැකසූ පමනින් ඇති වැඩක් වන්නේද නැත.
බණ අණ සහ සමානත්මතාවය අතයවශ්‍ය කාරනාවකි.
එය රටකට පමනක් නොව පවුලකටද පොදු නීතියකි.
මිල මුදල් යහමින් අති පවුල් වල උදවිය පිස්සු කෙලින්නෙ බණ නැති කමෙනි.
මිල මුදල් නැති පවුල් වලට බණ තිත්තම වී ඇති.

තුන තිබිය යුතු තැන් වල තිබිය යුතු පිලිවෙලට තිබිය යුතුමය.

සංසාර ගමනේ තණ්හා ආශා

Sunday, January 26, 2014




සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

ස්වර්ණ ලොවට යන මග
ගිරි දුර්ඝ සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා
මග අවුරන්නේ

ආදරයේ බැමි සිඳිලා
පෑරුණු සිත සන්සිඳිලා
ස්වර්ණ ලොවට යන මග
මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ
එළිය පෙනෙන්නේ

සතර පෙර නිමිති දුටුවේ
සසර දුක නිසා
එතෙර විය හැකිය එගොඩට
මුනිඳු බණ අසා

සැනුසුම කොතනද චිත්‍රපටය වෙනුවෙන් ධර්මසිරි ගමගේ විසින් රචිත ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කල ඩබ්. ඩී. අමරදේවයන් විසින් ගායනය කල මේ ගීයෙන් අපිව පොලොබවන්නේ කුමකටදැයි විමසා බලමු.
බුදුන් වහන්සේගේ යැයි සැලකෙන ඉගැන්වීම අනුව ආත්මයක් ආත්මයක් පාසා දුක් දොම්නස් පොදි බැදගෙන අප පැමිනෙන්නේය. එතුමන් එය අවබෝධ කර ගත්තේ අහඹුවකින් සිය කාමබෝගී සැප සම්පත් පිරිනු මාලිගා ත්‍රිත්වයෙන් එලිබට මොහොතේ යැයි සැලවේ.
නිර්වානය වූ කලී ගිරි දුර්ගයකි. එයට යන මාවත අවුරාලන්නට ලිංගික ආලය බිහිසුනු වේෂයක් ගෙන වැට කඩොලූ තනා භාදා සිදුකරන්නේය.
දෙදෙනෙකු බැද තබාලූ ආලය නැමැති බැම්ම බිදුනු කල්හී සියළු අනිත්‍යයන් සිහි ගැන්වෙන බව ගීතයෙන් කියයි.

අප වෙසෙන සමාජයේ දෙදෙනෙකු අතර පවත්නාලු ලිංගික ආලය විටෙක විවාහයෙන් ස්තීර වේ. එසේ නොවීමටද පුලූවන. විවාහය නැමැති නීති රාමුවෙන් ස්තීර උවද බිදී යන අවස්ථා එමටය. ආරාම්භයේ බිදී යන අවස්තා සුලබය. ආරම්භයේදී බිදී යන්නේ ලිංගික ආලයට බලපෑම් කරන්නා වූ මාරයන් මේ සමජයේ ගහන වූ බැවිනි. පලමු මාරයා වන්නේ මුදලයි. ඒ මත ගොඩනැගුණු තවත් මාරයෝ ඇත. ඒවා අතර භාෂාව එක් මාරයෙකි, ආගම තවත් මාරයෙකි, ජාතිය තවත් මාරයෙකි, නෑදෑ සහ මාපිය රුචි අරුචිකම්ද මාරයෝය. අවිස්වාසය කේලාම් ඕපාදූපද මාරයෝය. මෙකී නොකී සියළු මාරයන් පරදා දෙදෙනෙකු සම්බෝගය සදහා විවාහය නැමැති අඩිතාලම දමාගත් කල්හීද ඉහත මාරයන් එලව එලවා පහර දීමට පටන් ගනී.
මුදල නැමැති ප්‍රබලම මාරයාගේ බලපෑම පටන් ගත් කල්හී බොහෝ ලදුන් එක්කෝ විදේශ ගතවේ. එසේත් නොමැතිනම් සන්නාලි වෘත්තිය තොරාගනී. එකියක් අරාබිකරයේ වහල් සේවයේ යෙදෙන අතර ආරාබී පිරිමින්ට අමතරව වෙනත් රැකියා සදහා අරාබි කරයට පැමිනි උන්ගේ යහන්වල නිදි වදී. එවිට ගෙහිමියාට උරුම වූ ලිංගික උත්තේජනය වියැකී යයි.
දෙවනුව කියු සන්නාලි යුවතිය මහ මග රථ ධාවකයන්ගේ සුරතලිය වීමට අමතරව ආර්තිකය අහේනිය පියවා ගැනීමට හමුදාවට බැදුනු අයවලූන් සමගද යහන්ගත වේ. ඇයගේ හිමියාටත් පෙර කී සන්තෑසියම උදාවේ.
ඉහත කියු ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සම්බෝගයේ අතුරු ප්‍රථීපලයක් වශයෙන් ලැබුනා වූ දූ දැරියන් ඉහත කී තත්වයන් හමුවේ මහ මගට විසි වීම අනිවාර්ය වේ.
ඔවුන් අධ්‍යාපනයෙන් කෘෂ වේ. එකල්හි සමාජ අවබෝදය නැත. එකල් ඔවුනට සතර පෙරනිමිති ඔවුන්ගේ ජීවිතයම වේ. ඒවායේ අමුතුවෙන් කලකිරෙන්නට දෙයක් නොමැත. සසර දුක වෙනුවට ජීවත් වෙන මොහොතක් මොතක් පසා දුකම හිමිවේ. සිදෙන්නට ආදරය නැමැති බැම්මක් ඔවුන් අත්විද නොමැත. සමස්ථ සමාජයම ඔවුන්ට මාරයෝය. එබැවින් ඔවුන් සමාජයට මාරයෝය.

දැන් අන්තෝ ජඨා බහී ජටා ඇතුලත් ගැට පිටතත් ගැටම වේ. බැලු බැලු තැන ගැටම වේ. මේ ගැට ලිහන්නට නම් සැමට වින කරන්නා වූද.. සියළු ක්ලේෂයන්ට මං පෙත් විවර කරන්නා වූද.. මුදල විශමව ඛෙදී යන්නා වූ ක්‍රමවේදය පවත්වාගෙන යන්නා වූ යක්ෂ ප්‍රේත කුම්භාන්ඩයන් පරාජය කිරීම අනිවාර්ය ප්‍රමුඛ කාරනාව නොවන්නේද.. එවිට සැනසුම ලැබේ. සියළු දුක් නිවේ.
 

පසුතල නාද. ___ON <> OFF___

Blogger news

Most Reading

Ads 200x200

Ads 200x200
+94702223182